topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාලගුණික විපර්යාස සෞඛ්‍යයට ගැටලුවක්.

 70_Rajitha
 
කාලගුණික විපර්යාස හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
මාලදිවයිනේ දී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල 70 සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.
කළාපයක් ලෙස දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. පෝලියෝ රෝගය තුරන් කිරිම, මාතෘ මරණ අවම කර ගැනීමට හැකිවීම, බෝනොවන රෝග අවම කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඒ අතර ප්‍රධාන වෙනවා. මේ සදහා දේශපාලන නායකත්වය මෙන්ම තාක්ෂණික විශේෂඥයින්ගේ දායකත්වය ද ඉතාම වැදගත්. තමන් 69 සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට විශාල පිරිසක් සහයෝගය ලබාදුන්නා. තව ද ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් ඉදිරියට පැමිණෙමින් සිටින අතර, මැලේරියා රෝගය තුරන් කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුනු සහතිකය ඉතා වැදගත්. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදීම සහ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම ශ්‍රී ලාංකික ජනතාව ලැබූ සෞඛ්‍ය ජයග්‍රහණ බව මම පෙන්වාදීමට කැමැතියි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල සහයෝගයක් ලබාදුන්නා. කළාපයේ සහයෝගීතාවය තුලින් විශ්වීය සෞඛ්‍ය සහ තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
මේ අතර මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තවත් වැඩසටහන් රැසකට එක්විය. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමේ හමුව ඉන් ප්‍රධාන වෙනවා. එහිදී කළාපීය වශයෙන් සෞඛ්‍ය බලධාරීන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා දක්වන දායකත්වය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව අතින් ගත් විට මාතෘ හා ළදරු සෞඛ්‍ය, බෝවන රෝග සහ ප්‍රතිශක්තීකරණ වැඩසටහන ඉන් ප්‍රධාන වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මැලේරියාවෙන් නිදහස් රටක් බවට පත්ව ඇති ශ්‍රි ලංකාව එම තත්ත්වය ඉදිරියටම පවත්වාගෙන යාම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී පැහැදිලි කළේය. වසර 2020 වනවිට ජලභීතිකා රෝගය තුරන් කිරිම, මවගෙන් දරුවාට එචි,අයි,වී ආසාදනයවීම වැළැක්වීම ඇතුලු තවත් රෝග කිහිපයක් තුරන් කිරිම කෙරෙහි ලක් රජය අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
 දකුණූ සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුලුවේ දී කලාපයේ සෙංගමාල රෝගය තුරන් කිරීම සදහා මිතුරු තානාපතිවරයෙකු ලෙස ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් මහතා පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇගයීමට ලක් විය. ශ්‍රී ලංකාව තුල සියයට 2 කට අඩු ප්‍රතිශතයක සෙංගමාල වෛරසය ව්‍යාප්තව පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මාත්‍රා 3 කින් සමන්විත වන සෙංගමාලය බී සදහා වන ප්‍රතිශක්තීකරණ වැඩපිළීවෙලට විද්වත් අදහස් මත උපතේ දී ලබාදෙන මාත්‍රාව ද ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල රුධිර සාම්පලවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තර කර ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෙංගමාලය බී පරික්ෂා කිරිම සදහා දිවයින පුරා රුධීර පරීක්ෂණාගාර ස්ථාපිත කර ඇති බව ද සදහන් කළේය.
70_Rajitha 2

Leave A Reply

Your email address will not be published.