ලොව පුරුෂයන් හා සැසඳීමේ දී සාක්ෂරතාව අතින් කාන්තාවන් පසු පසින් සිටින බව නිල වාර්තා පෙන්වා දෙයි.
කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකකට අකුරු ලිවීමට හෝ කියවීමට නොහැක.
ඒ අනුව අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි කාන්තාවන්ගේ සංඛ්‍යාව හතළිස් හත් කෝටි අනූ ලක්ෂයකි.
පුරුෂයන් සහ කාන්තාවන් අතර සාක්ෂරතාවයේ පවතින වෙනස දශක ගණනාවක සිට එලෙසම පවතී.
මෙම තත්ත්වය ආරම්භ වන්නේ පාසල් අධ්‍යාපනය තුළිනි.
පිරිමි ළමුන් හා සැසඳීමේ දී ගැහැණු ළමුන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ අඩු වශයෙනි.
නිල වාර්තාවලට අනුව ලොව එක් කෝටි පනස් ලක්ෂයක් ප්‍රාථමික වයසේ දැරියන් කිසිදාක පාසලකට පය තබා නොමැත.
ඉන් අඩකට වැඩි පිරිසක් අයත් වන්නේ උප සහරා අප්‍රිකානු කලාපයටය.
ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කරුණු:
දුගීභාවය
අඩු වයසින් විවාහ වීම
ඔසප් කාලය
යම් වෙනසක්
කාන්තා සාක්ෂරතාව ගැන මේ කරුණු දැන සිටියාද?
කෙසේනමුත් පසුගිය දශකය තුළ එහි යම් වෙනසක් දක්නට ලැබෙන අතර ගැහැණු ළමුන් ලක්ෂ ගණනකට පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා අවස්ථාව හිමිව ඇත.
2014 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව පිරිමි ළමුන්ගෙන් 94% ද ගැහැණු ළමුන්ගෙන් 83% ද වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පුර්ණ කර ඇත.
2002 වසරේ දී ප්‍රාථමික අධ්‍යාපනය සම්පුර්ණ කර ඇති ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 83% කි.
කෙසේ නමුත් සමස්තයක් වශයෙන් ලොව කාන්තාවන් සාක්ෂරතාව අතින් පසුපසින් සිටිය ද ශ්‍රී ලංකාවේ පවතින්නේ ඊට ඉඳුරා වෙනස් තත්ත්වයකි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
2013 වසර දක්වා වන දත්ත අනුව සකස් කළ යුනිසෙෆ් ආයතනයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 15 – 24 අතර වයස් ඛාණ්ඩයේ ගැහැණු ළමුන් සහ තරුණියන් සාක්ෂරතාව අතින් එම වයස් ඛාණ්ඩයේ පුරුෂයන්ට වඩා ඉදිරියෙන් සිටිති.
වයස 15 -24 අතර කාන්තාවන් (2008 -2012) – සාක්ෂරතාව 98.6%
වයස 15 -24 අතර පුරුෂයන් (2008 -2012) – සාක්ෂරතාව 97.7%
නමුත් ප්‍රාථමික පාසල් සහභාගීත්වය අතින් ශ්‍රී ලංකාව තුළ ද ගැහැණු ළමුන් පසුවන්නේ පසුපසිනි.
ප්‍රාථමික පාසල් සහභාගීත්වය කාන්තාවන් (2008 -2012) – 96.7%
ප්‍රාථමික පාසල් සහභාගීත්වය පුරුෂ (2008 -2012) – 98.1%
බාල සහ තරුණ වයස් ඛාණ්ඩවල කාන්තාවන්ගේ තත්ත්වය එසේ වුවද ලොව වැඩිහිටි කාන්තාවන්ගේ සාක්ෂරතාව පවතින්නේ ඉතාමත් පහළ මට්ටමකය.
වයස 65 ඉක්මවූ ලොව සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන්ම කියවීමට හැකියාව ඇත්තේ හත් දෙනෙකුට පමණි.
කාන්තාවන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා තවත් දුරක් යා යුතුව ඇත.
(රංසිකා සංජීවනී-විදෙස් පුවත් ඇසුරෙණි.)