දිවුලපිටිය ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් හා පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් අතර පෙරේදා(23) සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට ගත් පාතාල සැකකරුවන් පරිහරණය කර තිබූ ජංගම දුරකථනවලින් ලබාගත් තොරතුරු අනුව පළාත් කීපයක විවිධ පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය වෙමින් පවතී.
මෙම ඇමැතීම්වලට අමතරව කෙටි පණිවුඩ වලින්ද වැදගත් තොරතුරු ලැබී තිබෙන බව පොලිස් අරංචි මාර්ග කියයි. මෙම කල්ලිය වෙඩි හුවමාරුව සිදුවීමට කලින් ඔවුන් ආගියතැන් සහ නැවතුණු තැන් පිලිබද තොරතුරු එම ස්ථානවල සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්දති වල සටහන්වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මරා දමා රුපියල් කෝටි ගණනක මුදල් මංකොල්ලයක් සිදුකිරීමට මොවුන් සැලසුම්කර තිබී ඇති බවට පොලිසිය සැක පළකරයි.