topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුත් ව්‍යවස්ථාව කාටද? කුමටද?

 Unity

19 වතාවක් සංශෝධනය වූ ව්‍යවස්ථාවක් තවත් පැමිණිය යුතුද? අද දවසේ පුළුල් සංවාදයක් සහිත මාතෘකාවක් වූ අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනාවලියට ප්‍රවේශය වූයේ පැමිණි ව්‍යවස්ථා තවත් පැමිණිය යුතු යන්නත් නව ව්‍යවස්ථාවක් කෙසේ සකස් විය යුතුද යන්නත්ය. ව්‍යවස්ථාව යනු පුළුල් මාතෘකාවක් වන හෙයින්ද එය දීර්ඝකාලීන යථාර්තයක් වන හෙයින්ද, පිළිබඳ ඓතිහාසික ප්‍රවේශය වැදගත් වන අතර, අනාගතයට එය කුමන ආකාරයේ පිම්මක්ද යන්නත් අද දවසේ පුළුල් සංවාදයකට භාජනය විය යුතුය.

ලංකාවේ දැනට පවතින ව්‍යවස්ථාව 1978 J. R. ජයවර්ධන පාලනය විසින් ගෙන එන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නමින් නම් කරන ලද්දකි. 2017 වසර වනවිට වසර 39ක් පුරා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය කරන අතර, එයින් හලන ලද, එකතු කරන ලද, වෙනස් කරන ලද කෑලි සහිතව තවදුරටත්, විධායක ජනපති යන කොටස අඛණ්ඩව පවතී. අනිත් අතින් විධායක ජනාධිපති ක්‍රමයක් සහිත එම ව්‍යවස්ථාව පීඩක ආයුධයක් ලෙස කරන ලද විනාශය හේතුවෙන් එහි ආයු කාලය ඕනෑවටත් වඩා ගෙවා ඇත. වැඩිපුර ගෙවා දැමීම යනු තවදුරටත් එහි බලහත්කාරය, ජනතාව නොඉවසනවා යන්නය. එහෙත් මේ මොහොතේ ඒ සඳහා වන කතිකාව පසෙක තබා වෙනත් අරමුණක් වෙනුවෙන් ව්‍යවස්ථාවක් අලුතින් ලියන්නට යෝජනා කරමින් සිටින අතර, අලුතින් ලියන ව්‍යවස්ථාව කාටද? කුමටද? යන්න මැනවින් අධ්‍යයනය කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අතුරු වාර්ථාව වැඩිපුරම වැයකර ඇත්තේ, බලය බෙදීම සම්බන්ධ කාරණාව වන අතර, මේ මොහොතේ එහි අත්‍යාවශ්‍යභාවය කොතෙක්ද යන්න සොයා බැලිය යුතුය. උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාවගේ නායකයන්ට දීර්ඝ කාලයක සිට එම ප්‍රදේශවලට බලය සම්බන්ධ උවමනාවක් තිබුණි. එයට හේතුව ඇත්ත වශයෙන්ම මුලදී වෙනම රාජ්‍යයක් හෝ වෙන් කරන ලද පාලන ඒකකයක් නොවූ අතර, 1949න් පසු ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂයේ න්‍යාය පත්‍රයට අනුව එය ඊලාම් රාජ්‍ය ලෙස අර්ථ ගන්වා වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය කරලියට ගෙන එන ලදී. එහෙත් දමිළ ජනතාවගේ උවමනාව එයට ගැට ගැසී නැති තත්වයක් තුළ එම න්‍යාය පත්‍රයත් බල රහිත වුවත්, එවකට ශ්‍රී ලංකාව පාලනය කළ දේශීය ධනපති පංතියේ අදූරදර්ශී සහ ඔවුන්ගේ පන්තිමය උවමනාව මත නිර්මාණය කරන ලද සහ තෝරන ලද දේශපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් දමිළ ජනතාව මතද වෙනම රාජ්‍යයක හෝ ස්වාධීන බලතල සහිත නිජබිමක් ගැන අදහසක් ලියන්නට විය. උතුරේ සහ නැගෙනහිර බහුතර දමිළ ජනයා තම ප්‍රදේශ තුළ ආර්ථිකයේ කොන් කිරීම තුළ මේ තත්වය තවත් ඔඩු දුවන්නට විය. දකුණේ ආණ්ඩුව සහ උතුරේ අනියත සමාජ මනෝමය බෙදීම එයින් ලියලන අතර, දමිළ දේශපාලන නායකයන්ද තම ඡන්ද ගොඩ වැඩි කරගැනීම සඳහා මෙය තව තවත් මතුකරන්නට විය.

1978 විධායක ජනාධිපතිදූරය කරළියට එන අවධිය වන විට, සිංහල භාෂා රාජ්‍ය හාෂා පනත දිස්ත්‍රික් ප්‍රමිතිකරණය ශ්‍රී අකුරේ ප්‍රශ්ණය, ඡන්ද පොරොන්දු කඩ කිරීම් හරහා දමිළ දේශපාලකයන් හා ජනතාව උත්තර නැති ප්‍රශ්න රාශියකට සිරකර තබන අතර, රාජ්‍ය බලයේ යම් ප්‍රමාණයක හෝ අයිතිවාසිකම් ගැන ඉල්ලීම සහ බලාපොරොත්තුව සන්නද්ධ අරගලයක් දක්වා මතුවී එන්නට විය. නැතහොත් හුදෙකලා කිරීම, වෙනස් ලෙස සැලකීම වෛරයක් ලෙස පුපුරා යන්නට විය.

1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මඟින්, විධායක, ව්‍යවස්ථාදායක අධිකරණ බලතල එක මිනිසෙකු වටා ඒකරාශී කරගන්නා අතර, ආර්ථිකයේ සහ සන්නද්ධ බලකායේඥාදායකයා බවටද ඔහු අසීමිත බලයක් සහිත පුද්ගලයෙකු වන්නට විය. එහි අනිසි බලපෑම දමිළ ජනයා කෙරෙහි සාධාරණ බියක් ඇතිකරන අතර, 1979 ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත ගෙන එන විට ත්‍රස්තවාදීන් නොවූ බොහෝ දමිළ තරුණයන් අනාගතය ගැන අනියත බියකට ඇඳ දමන ලදී. එයින් වසර එකහමාරක් යනවිට 1981 සංවර්ධන සභා ඡන්දය විධායක බලතල විසින් මංකොල්ල කන අතර යාපනයේ හදවත බදු යාපනය පුස්තකාලය ගිනි තබන ලදී. නැති ත්‍රස්තවාදයක් වර්ධනය කිරීම සඳහා පළමුව පහත ගෙනෙන අතර, දෙවනුව එතෙක් ඉතා සුළු කණ්ඩායමක් වූ හිතුවක්කාර, අවිගත් තරුණයන් කීප දෙනෙක් වෙනුවට විශාල ත්‍රස්තවාදී කණ්ඩායමකට භූමිය එළිකර දෙන ලදී.

1983 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා ගැනීම සඳහා ගෙන එන ලද ජනමත විචාරණ හරහා සමස්ථ රටේම ජනතා පරමාධිපත්‍ය, මහදවල් කොල්ලකන විධායකය 1983 ඇති මිලේච්ඡ කළු ජූලිය නිර්මාණය කර දමිළ ජනයා වෙනම රාජ්‍ය සිහිනයක් යතාර්ථයක් දක්වා ඔසවා තබන්නට පියවර ගන්නා ලදී.

මෙතෙක් ඈත ඉතිහාසය තුළ බටහිර අධිරාජ්‍යවාදී පාලනයේ පටන්  1983 දක්වා දේශීය ධනපති පන්තියද බලය වෙනුවෙන් සිදුකළ අති මහත් විනාශකාරී සහ මානව විරෝධී ක්‍රියාමාර්ග තුළ, දමිළ ජනයාට දමිළ වූ නිසාමත් සම්පත් හිඟ භූමි භාගය ජීවත් වීම නිසාත්, ආර්ථිකයේ කොන් කිරීම දේශපාලනයේ හුදෙකලා කිරීමට, ලක්වීම නිසාත් වෙනම සිතීමකට එල්ලවන තත්වයක් නිර්මාණය වෙන ලදී. අවසානයේ විධායක බලතල සහිත මිනිසෙකු සහ ආණ්ඩුක්‍රම අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් 1985 වනවිට උතුරේ වෙනම නිජබිමක් ගැන සංකල්පය සඳහා අතිමහත් විනාශකාරී මහා යුද්ධයක් නිර්මාණය වන්නට විය.

එවන් පසු බිමක් නිර්මාණය වන්නට බලපෑ ප්‍රධාන හේතු පසෙකලා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ හැකිද? පළමුව, අධ්‍යයන කළ යුත්තේ, තිබූ නීතිමය අයිතිවාසිකම් කොතෙක්ද යන්නත් එහි අඩුපාඩු සහ වැරදි මොනවාද යන්නත් මිස ඊළඟ ආණ්ඩුව සඳහා ඡන්ද ලබා ගන්නා ආකාරය නොවේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව හරහා උඩින් පල්ලෙන් අතගා ඇත්තේත් ආවාට ගියාට අධ්‍යනය කර ඇත්තේත් කාට හෝ ඕනෑවට වගන්ති නිර්මාණය කර ඇත්තේත් ප්‍රශ්ණයට උත්තරයක් වෙනුවට තවත් ප්‍රශ්ණයක්මයි. මේ මොහොතේ රටට අලුත් අලුත් ව්‍යවස්ථාවක උවමනාවක් ඇත. නමුත් එය පරණ එක අලුත් වැඩියා කර නොවන අතර, එහි තිබූ විනාශකාරී දේ වෙනුවට එහි උල්පත් වෙනුවට සහමුලින්ම අලුත් එකක්ම විය යුතුය. නමුත් අපි කතා කරන සංවාද කරන මොහොත වනවිට නව ව්‍යවස්ථාවක් සඳහා වන මෙහෙයුම් කමිටුත් එය සංවාද කරන සම්මත කරන පාර්ලිමේන්තුවත් සඳහා සුදුසු සහ සූදානමක නැති බව දැන දැනම කරන විවේචනවල හරයක් තිබේද?

1987 වනවිට 13 වරක් සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම සංශෝධනයේදී ගෙන එන පැලැස්තර විසඳුම කා සඳහාද එම සංශෝධනයේදී ගෙන එන පැලැස්තර විසඳුම කා සඳහාද, මේ මොහොත වැනිම එදා එක්සත් ජාතික පක්‍ෂයේ බහුතර වශයෙන් සම්මත වන එකී සංශෝධන රටට තවත් බරක් සහ ව්‍යාජ විසඳුමක් වන අතර, එහි ඉන්දියානු බලපෑම හේතුවෙන් මිනිස් ජීවිත හැටදාහක පමණ වන්දියක් ගෙවන්නට වන අතර, අදටත් එහි විපාක සමාජය මත ඉතිරි වී ඇත. උතුරේ සහ නැගෙනහිරත්, සමස්ත රටේමත් දමිළ, මුස්ලිම් ජනයාට විසඳුමක් යැයිද, බලය විමධ්‍යගත කිරීමක් යැයිද අයිස් තවරා දුන් වස ගුලිය, වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා අධිරාජ්‍ය උවමනාවක් බව දන්නා රටේ සාමාන්‍ය දමිළ සිංහල ජනයා බලය බෙදීම යන වචනය පවා අර්ථගන්වන්නේ කුමන ආකාරයෙන්ද යන්න ජනතා නියෝජිතයින්ට වැටහීමක් තිබිය යුතුය.අහේතුව වන්නේ සාමාන්‍ය පෙළ අසමත්, උසස් පෙළ අසමත් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවක නියෝජිතයින්ට රටක ජන විඥානය ගොඩනැඟෙන ආකාරය කොහෙත්ම තේරුම් ගැනීමට නොහැකි වීමයි.

1985 සිට වඩුක්කෝඩෙයි සාකච්ඡා, තිම්පු සාකච්ඡා දිල්ලි සාකච්ඡා හරහා දමිළ නායකයින් වෙනම රාජ්‍යයකට පාර කපන බව දන්නා සිංහල ජනයා, බලය බෙදීම විමධ්‍යගතකරණය දෙස බලන්නේ සැකයෙන් බවත්, බෞද්ධ ආගම රාජ්‍ය ආගම බවත් එයට රාජ්‍ය අනුග්‍රහය ඇති බවත්, ආගමික සළුපිලි යට සිංහල ජාතිවාදය හොල්මන් කරන බව ඇස්පනා පිටම (වර්ථමාන හේතු සහිතව) පෙනී පෙනීත්, දමිළ ජනයාට වෙනම සිතීමක් වෙනම අවම තීරණ ගැනීමේ අයිතියක් මනෝමය ලෙස ගොඩ නැගෙන බව තේරුම් ගන්නට සමත් විද්වතුන් රට පාලනය නොකරන අතර, ඔවුන්ගේ ව්‍යවස්ථාමය යෝජනා පිළිබඳ තවත් අර්බුදයක් නිර්මාණය කරන්නට සමත් වී ඇත.

දකුණේ ජාතිවාදී බලවේගවලට “ඔරුමිත්ත නාඩු”  යන වචනය අසුවී ඇතිසේම, උතුරේ ජාතිවාදීන්ට ආගමික මුල්තැන දීම අසුවී ඇත. එසේ නම් උක්ත දේශපාලන යෝජනාවලිය ගත් තැනට අර්බුද මවන යෝජනා එළියක් වන අතර, 1994 පටන් පැකේජය හරහා සුනාමි සහ මණ්ඩල හරහා, අවබෝධතා ගිවිසුම් හරහා මවන්නට වූ අර්බුදයන් තවත් දිගේලි කරනවා මිස ඒවාට විසඳුම් සොයා නැත.

උක්ත යෝජනාවලියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පක්‍ෂ අදහස් දැක්වීමේදී සෘජුවම විධායක ජනාධිපති තරම අහෝසි කලයුතු යැයි යෝජනා කරන්නේ එක පක්‍ෂයක් පමණක් වන අතර, අනිකුත් දමිළ, සිංහල, මුස්ලිම් පක්‍ෂ විධායක යක්‍ෂයාට මානුෂික මුහුණක් දැමීමට යෝජනා කරයි.

උතුරේ සහ දමිළ ජනයා බහුතරයක් වෙසෙන පළාත් සඳහා වූ ආර්ථික හුදෙකලාභාවයට හේතුව ආර්ථික පදනමේ අර්බුදයක් වන අතර එම අර්බුදයේම පිළිබිඹුවක් ලෙස උපන් දේශපාලන ප්‍රශ්ණ සන්නද්ධ අරගල සංස්කාරික නොපැනීම් අධ්‍යාපන, සෞඛ්‍ය අඩු සැලකීම සඳහා වූ පැලැස්තර විසඳුමක් ලෙස 13 වෙනි සංශෝධනය හරහා ගෙන එන ලද පළාත් සභා පනත හා එහි බලතල, ක්‍රියාමාර්ග, වර්ථමාන යෝජනා පිළිබඳ රස ගන්වන අතර, එවන් පනතක් පළාත් සභා නම් නාස්තිකාර වර්ගයක් රටට කුමටද යන්න එකඳු දේශපාලන පක්ෂයක්වත් ප්‍රශ්ණ කර නැත. විරුද්ධ වීද නැත. රජයක්, ආණ්ඩුවක්, රාජ්‍ය පරිපාලනයක්, අමාත්‍ය මණ්ඩලයක්, දෙපාර්තමේන්තු සමූහයක් ඒ විෂයට අරමුදල් සහ ඒ සියලු කාරණාව බිම් මට්ටම දක්වා උප ආයතන පද්ධතියක් සහ ග්‍රාම නිලධාරී දක්වා විමධ්‍යගත වූ පරිපාලනයක් ඇති රටක පළාත් සභාවක් යනු තවත් විශාල මුදල් නාස්තියක් සහ ප්‍රශ්න උල්පතක් බව තේරුම් නොගන්නා නව ව්‍යවස්ථාවක් රටට කුමකටද? එසේ නම් එය කා සඳහාද? කාගේ උවමනාවක් වෙනුවෙන් ගෙන එන්නේද යන්න ප්‍රශ්ණ කළ යුතුව ඇත. එහෙත් එවැනි හඬක් වෙනුවට ඇත්තේ ජාතිවාදී ගෝරනාඩුවක් හා හිස් තර්ක ටිකක් පමණි.

අවශ්‍යව ඇත්තේ ජනතාව සමඟි කරන, නීතියේ අයිතිය හැමට එකසේ ලැබෙන ආර්ථිකයේ හුදෙකලාභාවයට ලක් නොවන, මර්ධනයේ අනියත බියට පත් නොකරන, කිසිවෙකුට වැඩි වරප්‍රසාද නොදෙන බෙදීම වෙනුවට එකතු කරන අලුත් ව්‍යවස්තාවකි. සඳහා වන අරගලයකි.

දොන් ජයකොඩි

Leave A Reply

Your email address will not be published.