ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට හැකිව ඇත.
ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායට සොයා ගැනීමට හැකි වූ බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ .එම් .මහරුෆ් ට අයත් ඉන්ධන බවුසරය කින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියදුරු සහ රිය සහායක ඉන්ධන බවුසරය තෙල් ටැංකි වල මුද්‍රා ඉවත්කොට බටයක් යොදා ලීටර් සියයකට අධික පෙට්‍රල් ප්‍රමාණයක් බුලි සහ බැරල් වලට පුරවා පිටතට ගෙන තිබිණි. ඉන්ධන බවුසරය වත් කරන පැට්රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරියකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් නැවත ඉන්ධන බවුසරයේ ටැංකියට හැළීම සිදු කරන බව පොලීසි කියයයි.