topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙනවා..

B37A9189

හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, එක්සත් ජාතික පක්‍ෂ කොළොන්නාව බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමට නම් ගමේ බලයත් එක්සත් ජාතික පක්‍ෂයට ලබාදිය යුතු බව මම පළමුවෙන් කියන්න කැමැතියි. 2015 ජනවාරි 08 වනදා රාජපක්‍ෂ රෙජිමයේ පාලනය අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය වුණු අතර, රටේ පුරවැසියාට පවතින ආණ්ඩුව විවේචනය කරමින් ජීවත්වීමේ නිදහසද හිමි වුණා. හේතුවක් නැතිව ජනාධිපතිට, ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමේ නිදහස වර්තමානයේ මාධ්‍යයට ලැබී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට නම් එම නිදහස තවමත් හරි හැටි අවබෝධවී නැහැ.

අතීතයේදී මානව හිමිකම් නොමැති රටක් ලෙස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කොන් කර තිබුණා. ජනතාව තලා පෙලා පාගා දැමූ රටක් ලෙසයි එදා ශ්‍රී ලංකාව හැදින් වූයේ. වෛරයෙන්, ආගම් භේදයෙන්, ජාති භේදයෙන් මේ රටේ දේශපාලනය පිරී තිබුණා. වංචනික දේශපාලනඥයන්ට මුදල් හම්බකර ගැනීමේ උවමනාව වෙනුවෙන් රටේ සම්පත් විකුණා දැමුවා. රාජපක්‍ෂ රෙජිමය රටේ අනාගතය විනාශ කළා. එවිට රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන අභිමානය කුමක්ද? ජාත්‍යන්තරයේ බොහෝදෙනා එදා නැඟඣ ප්‍රශ්නය වූයේ “මේ රට පාලනය කරන්නේ කවුද?” යන්නයි. ශ්‍රී ලංකාවේ හෙළ ජාතික අභිමානය විනාශ කරමින් මේ රට තුළ රාජපක්‍ෂ අභිමානය නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කළා.

නමුත් 2015 ජනවාරි 08 වනදා අප සියල්ලන්ගේ එකතුවෙන් යහපාලනය ජයග්‍රහණය කරවමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට අපට හැකි වුණා. එම වසරේම අගෝස්තු මාසයේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් සියලුම දෙනා එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් තුළ අප රට සංවර්ධනය කර තිබෙනවා.

අප භාරගත්තේ ණය බර වැඩි වූ රටක්. රටට ආදායමක් තිබුණේ නැහැ. පැවැති පාලනය අවධානය යොමු කර තිබුණේ ණය ලබාගැනීම සඳහා පමණයි. ණය පියවීමට ක්‍රමයක් තිබුණේ නැහැ. අවසානයේ සියලූ ණය ජනතාව පිට පැටවුණා. ඔවුන් අනුගමනය කළ පිළිවෙත තුළ රට ඉදිරියට ගෙන ගියා නම් මේ අතිවිශාල ණය කන්ද ගෙවා දැමීම, ඉදිරි වසර 50- 60 ක් පුරා තවත් පරම්පරා ගණනාවක භාර වෙනවා.  එම නිසා මේ ණය බර පිළිබඳ අභියෝගය භාර ගනිමින් ඉන් රට මුදවා ගැනීමට අප තීරණය කළා. 2020 වර්ෂය වන විට මූලික ණය ප්‍රමාණය ගෙවා අවසන් කරමින් 2025 වර්ෂය වන විට සම්පූර්ණයෙන රටේ ණය බර පියවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ අරමුණයි.

රට ණය කන්දක සිරවී සිටියත්, රටට අවශ්‍ය අනෙක් සංවර්ධන කටයුතු අප අමතක කළේ නැහැ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අප වෙන්කරන මුදල් ප්‍රමාණය කිසිලෙසකින්වත් අඩු නොකිරීමට වග බලාගත්තා. නමුත් එළඹෙන වසර දෙක තුළ ශ්‍රී ලංකාවට රුපියල් කෝටි ලක්‍ෂ 3 ක ණයක් ගෙවීමට ඇති බව මුදල් ඇමැතිතුමා ඔබට පවසාවී. මේවා රාජපක්‍ෂ පාලනය විසින් ලබාගත් ණය බරයි. හෙළයන් ණයකාරයන් බවට පත් කළේ රාජපක්‍ෂ රෙජිමයයි. මේ ණය බර ඔබේ හිස මතට පටවමින් ජනතාවගේ පසුම්බිය හිස් කළේ රාජපක්‍ෂ රෙජිමයයි. නමුත් අපේ අරමුණ වන්නේ මෙම රුපියල් කෝටි ලක්‍ෂ 3 ක ණය මුදල ගෙවා දැමීමයි. ශ්‍රී ලංකාව අභිමානවත් ජාතියක් නම් ලබාගත් ණය පියවීමේ ශක්තිය ද තිබිය යුතුයි. එවැනි ශක්තියකින් යුතු හෙළයන් පිරිසක් නිර්මාණය කිරීම අපේ කාර්යවී තිබෙනවා. රාජපක්‍ෂ හෙළුවෙන් තැබූ ශ්‍රී ලංකාවේ හෙළයන්ට නැවතත් අභිමානයක් ගෙන දීමට අප කටයුතු කරනවා.

සෞඛ්‍යයට මුදල් වෙන් කරමින්, ළඟම පාසල හොඳම පාසල හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කරමින් රටේ සියලු ප්‍රදේශවල මහා මාර්ග ඉදිකරමින් අප සංවර්ධන කටයුතු ද ඉදිරියට ගෙන යනවා. මේ වන විට ඔබේ ප්‍රදේශයේ සේදවත්ත මාර්ගය ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන බව මරික්කාර් මන්ත්‍රීතුමාගෙන් විමසුවොත් ඔබට දැනගන්නට ලැබේවි. මෙම කොළොන්නාව ප්‍රදේශයේ නිවාස 3000 ක් පමණ ඉදිකිරීමට අවශ්‍ය ණය ලබාදී තිබෙනවා. තම ඉදිකිරීම් කටයුතු කර ගැනීම සඳහා පවුල් දහසකට පමණ සිමෙන්ති ලබාදී තිබෙනවා. මේ ආදී විවිධ සංවර්ධන වැඩකටයුතු රාශීයක් අප ආරම්භ කර තිබෙනවා.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ඛේදවාචකයක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් අප සතුවත් අතපසුවීම් තිබෙන බව මා දන්නවා. ඊට මා කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඒ ජනතාවට දිය හැකි සියලූම සහන ඒ මොහොතේ සිටම ලබාදීමට අප කටයුතු කළා. කොළොන්නාව ප්‍රදේශයට ගංවතුර තර්ජනය ඇති වනවිට අප සියලූ දෙනා ඒ අවස්ථාවේ මෙහි පැමිණ ඔබත් සමග එක්වී ඒ තර්ජනයට මුහුණ දුන්නා. අපි මහජනතාවට ලබාදෙන සහන කිසිඳු විටක අඩු කළේ නැහැ. ග්‍රාමීය මාර්ග, පාලම් ඉදිකරමින් ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමටත්, තරුණ තරුණියන්ගේ වැඩකටයුතු වෙනුවෙන් උදව් උපකාර කිරීමටත් අප මුදල් ලබාදී තිබෙනවා.

අද ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව මිනීමරුවන් සේ සැලකෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදීන් මරා දමන්නේ නැහැ. මේ සියලූ දූෂණ, අපරාධ නතර කිරීමට අපට හැකියාව ලැබී තිබෙන නිසා ජාත්‍යන්තරය තුළ අපට විශාල පිළිගැනීමක් හිමිවී තිබෙනවා. ජාතිවාදයට, ආගම්වාදයට විරුද්ධ වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් අනෙක් සියලුම ආගම් වලට සමානව සලකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් ජීවත්විය හැකි පරිසරයක් අප නිර්මාණය කර තිබෙනවා. රටේ මෙවැනි මූලික ගැටළුවලට අප විසඳුම් ලබාදී තිබෙනවා.

වර්තමානයේ අපි රට තුළ විශාල සංවර්ධන සැලැස්මක් දියත් කර තිබෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා අප එම සංවර්ධනය ගෙන යනවා. අධිවේගී මාර්ග ඉදිකිරීම, කුරුණෑගල, නුවර නගර දියුණු කිරීම, කොළඹ, ගම්පහ කේන්ද්‍ර කරගනිමින් මහනගර සංකල්පය ක්‍රියාත්මක කිරීම, කළුතර දිස්ත්‍රික්කය තුළ නව වෙළෙඳ කලාප ආරම්භ කිරීම, ගාල්ල ප්‍රදේශයේ විශාල සංචාරක කලාපයන් ආරම්භ කිරීම, ගාල්ල, මාතර ප්‍රදේශයන්හි සිට හම්බන්තොට දක්වා කර්මාන්තකරණය ආරම්භ කිරීම ආදී විශාල දියුණුවක් අප ආරම්භ කර තිබෙනවා.

එදා නැව් ගමනාගමනයක් නොතිබූ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු ඉටුකරමින් සිටිනවා. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය මුදල ගෙවීමට නොහැකිව සිටි අප හම්බන්තොට වරාය ගිවිසුම හරහා එම මුළු මුදලම ලබාගැනීමට කටයුතු කළා. එම නිසා හම්බන්තොට වරායේ ණය ප්‍රමාණය ජනතවෙගේ සාක්කුවෙන් ගෙවීම නතර කිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. මේ අපේ සංවර්ධනයේ ආරම්භය පමණයි.

එළඹෙන වසරේදී ආයෝජකයන්ට සහ ජනතාවට ලබාදෙන බදු සහන සහ දිරිගැන්වීම් හරහා රට තුළ තවත් කර්මාන්ත ඇති වෙනවා. හෝටල් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, පරිගණක තාක්‍ෂණය ආදී සියලූ අංශයන් දියුණු කරමින් ඉදිරියට යාමට අපි බලාපෙරොත්තු වෙනවා. අද රටේ විශාලම ප්‍රශ්නය බවට පත්වී තිබෙන්නේ ජනතාවට රැකියා ලබාදීමයි. ඒ සඳහා රජයේ රැකියාම ප්‍රමාණවත් නොවන අතර, පෞද්ගලික අංශයේ නව රැකියා බිහි කළ යුතු වෙනවා.

අද පෙරවරුවේ මම නාවලපිටිය ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබුවා. එවැනි දියුණුවක් අප ශ්‍රී ලංකාවට ගෙන ආ යුතුයි. රටේ රැකියා ප්‍රශ්නය විසදිය යුතුයි. ඒ වගේම රටේ අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය කළ යුතුයි. අපේ පාලනය තුළ රටේ කිසිදු අංශයක් අත්හැර නැහැ. ජාතික මට්ටමෙන් රටේ සංවර්ධනය සිදු කරනවා සේම ග්‍රාමීය මට්ටමෙන් අප ගමේ සංවර්ධනයටත් අවධානය යොමු කළ යුතුයි. අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ විමධ්‍යගත අරමුදල් හරහා හැකි මට්ටමින් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

නමුත් ගම සංවර්ධනය කිරීමේ බලය තිබෙන්නේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවලටයි. රට සංවර්ධනය කළ ආකාරයටම ගම සංවර්ධනය කිරීමට නම් අපේ පක්‍ෂයට ගමේ බලයත් ලබාදෙන ලෙස මම ඔබට කියන්න කැමැතියි. ගමේ සියලූම වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අප සූදානම්. ග්‍රාමීය මට්ටම තුළ සංවර්ධනය වේගවත් කිරීමට කටයුතු කළ යුතුයි. අපේ පක්‍ෂයට අවශ්‍ය වන්නේ හොරකම් කරන සභාපතිවරුන් නොව ගමේ සංවර්ධනය වෙනුවෙන් කැපවන සභාපතිවරුන් බව කිව යුතුයි. හොරකම්, වංචා, දූෂණ සිදුකරන එක් පුද්ගලයෙක් හෝ අපේ පක්‍ෂයේ සිටිනවා නම් ඔවුන් ඉවත් කිරීමට අපි ඍජුව කටයුතු කරන බව විශේෂයෙන් පැවසිය යුතුයි.

අපේ ආණ්ඩුව යටතේ එය ජනතාවට ඔප්පු කර දී තිබෙනවා. මේ වන විට සුළු අර්බුද හේතුවෙන් ඇමැතිවරුන් තිදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. රටට අවශ්‍ය වන්නේ එවැනි පාලනයක් . මීට පෙර මෙවැනි විනිවිධ භාවයකින් යුතු පාලනයක් රටේ තිබුණේ නැහැ. පෙර පැවැති පාලනයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් උත්සව සාද අතරතුර කාන්තාවන් දූෂණය කිරීමේ තත්ත්වයට පවා පත්වී සිටියා. ඔබට අවශ්‍ය නැවතත් එවැනි රාජපක්‍ෂ යුගයකට යෑමට ද? මේ දූෂිත පාලනයට එරෙහිව අපි සියලූ දෙනා එක්ව ජාතික ආණ්ඩුව ඇති කර ගත්තා. එම නිසා නැවතත් එම අතීතයට යාමට අප සූදානම් නැහැ.

ගම දියුණු කිරීමට, නගරය දියුණු කිරීමට ඔබේ ඡන්දය අපට ලබාදෙන්න. පක්‍ෂයක් ලෙස අප වැඩකටයුතු රාශියක් ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ලම මේ වන විට අවසන් කර නැතිවුණත් තවත් ඉදිරියට එම වැඩකටයුතු කර ගෙන යා යුතුයි. රට වෙනුවෙන් වැඩ කිරීමට අපේ ආණ්ඩුවට තවත් වසර තුනක් තිබෙනවා. 1977 දී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමෙන් පසුව 78, 79 කාලයේ ආණ්ඩුවේ ප්‍රතිඵල ජනතාවට දකින්නට ලැබුණේ නැහැ. නමුත් 80 සිට 83 කාලය පමණ වන විට ආණ්ඩුවේ සංවර්ධනය ජනතාවට පෙනෙන්නට තිබුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරා ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් ආරම්භ කිරීමට කටයුතු කළා.

අප ඉදිරියට යා යුත්තේ ඒ ආකාරයටයි. ඒ වගේම අපේ පක්‍ෂයට දේශපාලන පළිගැනීම් ද සිදු වෙනවා. ඇතැමුන් චෝදනා නගනවා. ඇතැම් පිරිස් නඩු පැවැරීම් සිදු කරනවා. නමුත් ඉදිරි වසර තුළ මේ සියලූ ගැටලූවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය සාකච්ඡා අප දැන් සිදු කරමින් සිටිනවා. බිම් බෝම්බ ඉවත් කරනවාක් මෙන් බොහෝ ප්‍රවේශමෙන් මෙම ගැටළුවලටත් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මේ සියල්ල ඉටුකිරීමට නම් අපි පක්‍ෂයක් ලෙස බලය තහවුරු කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා, නගර සභා ජයග්‍රහණ හිමි කර ගත යුතුයි.

අප රැකියා ලබාදී තිබෙන්නේ රටේ තරුණ තරුණියන්ගෙන් කොටසකට පමණයි. රටේ සමස්ත තරුණ තරුණියන් වෙනුවෙන් අප රැකියා ලබාදිය යුතුයි. ආර්ථිකය සංවර්ධනය කළ යුතුයි. වසර 10 ක් 15 ක් දුක්විඳීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වූවත් තමන්ගේ ගැටළුවලට විසඳුම් ලැබී නැතැයි ඇතැමුන් අපට චෝදනා නඟනවා. නමුත් ඔබ සියලූදෙනාගේ බලාපොරොත්තු අප ඉදිරියේදී ඉටු කරන බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ සියලූ බලාපොරොත්තු ඉටුකිරීමට නම් අප ලබා තිබෙන මේ බලය තවත් ශක්තිමත් කර ගත යුතුයි. පළාතේ සහ ගමේ බලය නොමැතිව රටේ බලය පමණක් ලබාගනිමින් අප මෙතරම් වැඩකොටසක් ඉටු කළා නම් පළාතේ සහ ගමේ බලයත් ඔබ අපට ලබාදුන්නොත් මීටත් වඩා වේගයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.

එක්සත් ජාතික පාක්‍ෂිකයන් ලෙස ගමේ බලය ලබාගත යුතුයි. ඒ සඳහා බැහැලා වැඩකළ යුතුයි. මැතිවරණ ජයග්‍රහණය හරහා වඩා හොඳ කොළොන්නාවක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙනවා. අද පෙරවරුවේ නාවලපිටියේ බලමණ්ඩලය පිහිටුවීමට මම සහභාගී වුණා. පස්වරුවේ මම ඔබේ කොළොන්නාව ප්‍රදේශයට පැමිණ මේ ආකාරයට බලමණ්ඩලය පිහිටුවීමට සහභාගිවී සිටිනවා. එළඹෙන පළාත් පාලන මැතිවරණ සටනට අප ඉතා හොදින් සූදානම්වී සිටිනවා. අප වැඩ කරන්නේ ජනතාව වෙනුවෙනුයි. ඒ වගේම ජනතාව වෙනුවෙන් යහපාලනය කරන ඕනෑම කෙනෙකු සමග වැඩකිරීමට අප සූදානම් බවත් පැවැසිය යුතුයි. එම නිසා යහපාලනය ආරක්‍ෂා කිරීමට, මැතිවරණය ජයග්‍රහණය කිරීමට අප කැපවිය යුතුයි.

කොළොන්නාව ප්‍රදේශය සම්බන්ධයෙන් මරික්කාර් මන්ත්‍රීතුමා සෑම විටකම මට කරදර කරනවා. වරෙක, “මරික්කාර් ඔයා කොළොන්නාවට එන්න කලින් අපි කොළොන්නාවට ආවේ” යැයි මා එතුමාට පැවැසුවා. එතුමා පක්‍ෂය වෙනුවෙන් මා වෙනුවෙන් කොළොන්නාවට විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටිනවා. පාර්ලිමේන්තුවේදී හොදින් කතා කරමින් පක්‍ෂයේ වැඩකටයුතු  ඉටුකරමින් සිටිනවා. එම නිසා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකාවම ජයග්‍රහණය කරමින් පළාත් පාලන බලය අපේ පක්ෂයට ලබා ගනිමු යැයි මම ඔබට ප්‍රකාශ කරනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.