topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ කාන්තාවන් පිටරටවල දුක් විඳිනවා… ඒ ගැන සතුටු වෙන්න බෑ…

Thalatha atukorala

තමන් විදේශ රැකියා අමාත්‍යංශය භාරගන්නා විට කාන්තාවන් රු.20000ක් වැනි වැටුපකටත් රැකියා සඳහා විදේශ ගතවූ බවත්, කාන්තාවන් විදේශ රටවල බොහෝ දුක් කරදර විඳින බවත් ඒ පිළිබඳව කිසිසේත්ම සතුටු විය නොහැකි බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් හානියට පත් ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා උපකරණ හා චෙක්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

රජයේ මුදල් කියන්නේ අනිත් මිනිස්සුන්ගේ මුදල්. මේ රටේ මුදල්. මිනිස්සු බදු ගෙවන මුදල්. ණයට ගන්න මුදල්. ආධාර හැටියට ලැබෙන මුදල්. රජයේ මුදල් කියන්නේ රජය සතු මුදල්. ඒවා එක එක අයට  ඕනි විදිහට පාවිච්චි කරන්න බෑ. පේනවනේ සමහර අය හිරේ යනවා. ඒ හැම එකකටම වගකීමක් අපිට තියෙනවා. අපි ඒ වැඩ කරනකොට උපරිම ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙනවා. අද කාලයත් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා.

මෙවර අයවැයෙන් මුදල් ඇමතිතුමා රත්නපුරයට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. අධිකරණ සංකීර්ණය හදන්න මුදල් දුන්නා. රෝහලේ පිළිකා ඒකකය හදන්න උපකාර කරනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයට මුදල් දුන්නා. කෘෂි නිශ්පාදන ගබඩා කරන්න ඇඹිලිපිටියේ ගබඩා පහසුකම් ලබාදුන්නා. මේ ප‍්‍රදේශයට නොවුන දේවල් ඉටුකරන්න රජය විශාල පහසුකම් ලබාදීලා තියෙනවා. විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය කරන්න අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ආධාර ලබාදෙනවා. ආපදාවට ලක්වුණු පන්සල් වලට විතරක් ලක්ෂ 280ක් එවලා තියෙනවා. අද අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ රට වටේ තියෙන මුහුදෙනුත්, රට ඇතුලේ තියෙන පරිසරයෙනුත් උපරිම ප‍්‍රයෝජන ගන්න විදිහට.

විදේශ රැකියා අමාත්‍යංශයෙන් 2014දී 360000ක් විතර රට ගිය එක මේ අවුරුද්දේ තාම ලක්ෂ 2ක් ගිහින් නෑ. රට යවන එකත් කරන්නේ ප‍්‍රමිතියට. ඉස්සර පැටෙව්වා වගේ දැන් පටවන්නේ නෑ. දැන් අවම වැටුපක් තියෙනවා. උපරිමයෙන් 2018දී පුහුණුවක් සහිතව යවන්න කටයුතු කරනවා. එතකොට වැටුප තීරණය වෙන්නේ පුහුණුව හැටියට. මම මේ අමාත්‍යංශය භාරගන්න කොටත් රු.20000ත් සෞදියට ගිය කාන්තාවන් හිටියා. අපි ඒ රටවල් එක්ක කතාකරලා ඒ දේවල් වෙනස් කළා. අපේ කාන්තාවෝ අනන්තවත් දුක් විඳිනවා පිටරටවල. අපිට සතුටු වෙන්න බෑ. ඇයි කාන්තාවෝ ඒ වගේ පිටරට යන්නේ. සමාජයේ ලොකු කඩාවැටීමක් තියෙනවා. ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් කතා නොකරපු දෙයක් තමයි විදෙස් ගත ශ‍්‍රමිකයෝ. ජනාධිපතිතුමා කරුණු තුනක් කතා කළා. පවුල්වල සුභසාධනය වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් හදන්න  ඕනි. උතුරුමැද පළාතෙයි නැගෙනහිර පළාතෙයි තමයි වැඩියෙන් පිටරට යන්නේ. අම්මා රට යනවා ගේ හදන්න කියලා. අම්මා ආපහු එනකොට ගෙදරත් නෑ. තාත්තත් නෑ. දරුවෝ සීසීකඩ. කියන්න බැරි තරම් සමාජ ප‍්‍රශ්න ඒ පැතිවල තියෙනවා. මම ඒ හැම කොට්ඨාශයකටම ගියා ජංගම සේවා වැඩසටහන්වලට. දේශපාලනය නම් මට රත්නපුරෙන් පටන් ගන්න තිබ්බා. මම ති‍්‍රකුණාමලයෙන් පටන් ගත්තා. හිටපු මුදල් ඇමතිතුමා විදෙස්ගත ශ‍්‍රමිකයින්ට අවම වැටුපක් තීරණය කළා. ඩොලර් 300 කියන්නේ 45000යි. ඊට අඩුනම් අපි රට යන්න දෙන්නේ නෑ.

අවුරුදු දෙකේ අපි කරපු වැඩ ගැන කතා කරනවා නම් එළිවෙනකම් කතාකරන්න පුළුවන්. අපි මුලින්ම අපේ ආකල්ප වෙනස් කරන්න  ඕනි. හැම තත්පරයකම වැඩ කරන්න  ඕනි. කල්පනා කරන්න පහුගිය පැය 24 වැඩද කළේ කතා කරපු එකද කලේ කියලා. අපේ අගමැතිතුමා පැය 16ක් වැඩ කරනවා පැය 24න්. රජයේ සම්පත් අවම භාවිතා කරන අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් අපිට ඉන්නේ. ඇමතිවරු 75%ක් එහෙමයි. මේක තමයි මේ රටට අවශ්‍ය දේ. අපි දුප්පත් වෙලා ඉන්නවා සමෘද්ධියෙන් ජීවත් වෙනවා. සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කරගෙන හැමදාම දුප්පතුන් ඉන්න රටක් බවට මේ රට පත්කරන්න ඇතමුන් උත්සහ කරනවා. ස්වයං රැකියාවලට අවශ්‍ය සහන ලබාදෙනවා. සමෘද්ධි සහනාධාර ඉවත් කරලා. පරම්පරා ගාණක් කිසිම අයිතියක් නැතිව ජීවත්වුණ අයට ඉඩම් ඔප්පු ලබාදෙනවා. නිවාස ණයක් ගන්න බෑ. ළමයි පාසල් දාගන්න බෑ. නිදහසේ මැරෙන්නවත් බෑ. ජනාධිපතිතුමා ගැන අගමැතිතුමා ගැන මහජන නියෝජිතයින් ගැන ජනතාව තිබ්බ විශ්වාසය ආරක්ෂා කරන එක අපේ වගකීම. යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. නිකන් කාලා නිකන් ජීවත් වෙන රටක් බවට මේ රට පත්කරන්න සූදානම් නෑ. අපි හැම වෙලාවෙම ජනතාව වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.

Leave A Reply

Your email address will not be published.