topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිවෙස් නැති ආබාධිත ජනතාවගේ ගැටලුව වසර දෙකක් තුළ විසඳනවා- ඇමති එස්.බී.දිසානායක

The issue of disabled people will be solved within

ආබාධිතයන් දෙස වපරැසින් බලන ආබාධිත තත්ත්වය මේ රටෙන් තුරන් කළ යුතු යි. මේ වන විට නිවෙස් නැති ආබාධිත ජනතාව සිටිනවා. ඒ අය සියල්ල මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනා ගැනීමට වැඩ පිළිවෙළක් ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව සමෘද්ධි නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවන්, සංවර්ධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සහ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් එම තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව නිවෙස් නැති ආබාධිත ජනතාවගේ නිවාස ගැටලුව වසර දෙකක් තුළ නිමා කරනවා. මේ වනවිටත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම ගෙවල් 10 බැගින් සාදා දීමට කටයුතු ආරම්භ කොට තිබෙනවා. එක් නිවසක් අද විවෘත කළ අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ අනෙත් අයගේ නිවෙස් සියල්ල අද බාර දෙනවා. යනුවෙන් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2017 දෙසැම්බර් 3 දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

අප දන්නවා පසුගිය රජයයන් සමයේ පටන් ම ආබාධිත ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල ප්‍රමාණවත් මදි. ඒ නිසා ම මේ සඳහා අමාත්‍යංශ හඳුනා ගත් අමාත්‍යංශ 23ක් සමඟ එම සුබසාධන කටයුතු සිදු කිරීමට අපට හැකියාව ලැබෙනවා. එම අමාත්‍යංශවල සහයෝගය අපට ලැබෙනවා. ඒ අනුව ආබාධිත ජනතාවට ගෞරවනීය ලෙස ජීවත්වීමටත් ආබාධිත ජනතාව දෙස වපරැසින් බලන ආබාධිත තත්ත්වය තුරන් කරන්නටත් කටයුතු කරනවා.

එමෙන් ම පුනරුත්ථාපනයට අපහසු, අධ්‍යාපනය ලබා දීමටත් අපහසු තදබල ලෙස ආබාධිත මට්ටමේ පසුවන ආබාධිත පුද්ගලයන්, තමන්ගේ වැඩක් තමන්ට කරගත නොහැකි මට්ටමේ සිටින ආබාධිතයන් සියලු දෙනා හඳුනාගෙන ඒ අය බලා ගන්නටත් ඔවුන්ට ජීවත්ව සිටින තාක් සුව පහසුවෙනේ ජීවත්වීමට සරිලන වටපිටාවක් සහිත සුවිශේෂ මධ්‍යස්ථාන කිහිපයක් රට පුරා ඉදි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කරමින් පවතිනවා. ඒ තුළ දෙමාපියන්ට තමන්ගේ අනෙක් දරුවන්ගේ සුබසිද්ධිය පිළිබඳ සොයා බැලිය හැකි යි. මක්නිසාදයත් අප විසින් එම ආබාධිතයන් පිළිබඳ වගකීම දරන්නට පොරොන්දු වෙනවා. ඒ තුළින් විශාල සංඛ්‍යාවක් පවුල්වලට සැනසුමක් උදාකර දෙන්නට පුළුවන්. විශේෂයෙන් ම එක් ආබාධිත දරුවෙක් සිටින විට පවුලේ අනෙක් දරුවන්ට ද අධ්‍යාපනය සහ වෙනත් පහසුකම් ලබාදීමට දෙමාපියන්ට නොහැකි පවුල් විශාල සංඛ්‍යාවක් අප හඳුනාගෙන සිටිනවා.

ආබාධිතයන් පිළිබඳව වගේ ම වැඩිහිටියන් පිළිබඳව සොයා බැලීමට අවැසි ප්‍රතිපාදන නොමැති විට එම විෂයයන් සමෘද්ධි ව්‍යාපාරය සමඟ බද්ධ කොට සුබසාධන වැඩකටයුතු සිදු කරන්නට අපට පුළුවන්. අපි දැන් සමෘද්ධි බැංකු ශක්තිමත් කරමින් යනවා. පසුගිය කාලයේ ලාබ නොලබන ආයතන වශයෙන් තිබුණු සමෘද්ධි බැංකු පද්ධතිය මේ වනවිට ලාබ ලබමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේ දී ක්ෂුද්‍ර මූල්‍ය ණය, ලීසිං පහසුකම්, උකස් පහසුකම්, තොග ණය සහ ක්ෂණික ණය ආදී පහසුකම් ලබාදීම තුළ වඩාත් දියුණු සහ ලාබදායී බැංකු පද්ධතියක් බවට එය පත්වේවි. සමෘද්ධියත් සමඟ සමාජ සුබසාධන කටයුතු බද්ධ කිරීම තුළ අපට මුදල් ලැබෙනවා. ඒවගේ ම වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඒ අයට අවැසි පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ත් අපට ඒ තුළින් හැකියාව ලැබෙනවා.

වාර්ෂිකව ආබාධ සහිත පුද්ගලයන්ගේ නැටුම්, නාට්‍ය, සංගීත ආදී වූ කලා කුශලතාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඇගයීම් උත්සවයක් සංවිධානය කරනවා. එවිට එම පුද්ගලයන්ගේ හැකියාවන් ජාතික තලයට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. එමෙන් ම පසුගිය දා අපි ආබාදිත ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වූවා. ඒ සියලු හැකියාවන් ජාතික වාර්තාවන් ලෙස සටන් කොට තිබෙනවා. ලබන වසරේ දී එසේ ජාතික මට්ටමේ හැකියාවන් දක්වන අයට පුළුවන් එම වාර්තාවන් බිඳින්නට. සම කරන්නට. ඒ අනුව ජාත්‍යන්තර ආබාධිත ක්‍රීඩා තරඟවලට සහ පැරා ඔලිම්පික් තරඟයට අපේ රටේ දරුවන් යවන්නට අපි බලාපොරොත්තු වෙනවා.

එමෙන් ම උතුරු-නැගෙනහිර ආබාධිත පුද්ලයන් සඳහා වන මධ්‍යස්ථාන කීපයක් මේ වනවිටත් අපි හදාගෙන යනවා. ඒ තුළින් පසුගිය කාලයේ යුද්ධයෙන් බැට කෑ ආබාධිත පුද්ගලයන්ට ස්වකීය ජීවිතය ගෞරවනීය ලෙස ගොඩනඟා ගෙන යන්නට පුළුවන් පරිසරයක් ඇතිවේවි.

අප මේ වනවිට ආබාධිත දීමනාව ලෙස රු.3000ක දීමනාවක් ලබා දෙනවා. නමුත් 67000ක් පමණ ආබාධිත පුද්ගලයන් එම දීමනාව ලබා ගැනීමට ඉල්ලුම් කොට තිබෙනවා. ඒ පිළිබඳ නිලධාරීන්ගේ මට්ටමින් නිසි පරීක්ෂණයක් සිදු කරන්නටත් අවම වශයෙන් 10 000කට පමණ එම දීමනාව ලබාදීම පිළිබඳ අප විසින් සොයා බලමින් සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටින නිසා අපට මුදල් පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතුමා බොහොම සංවේදී නායකයෙක් වීම රටේ වාසනාව. ලබන අය-වැයට කලින් අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහාය ඇතිව කැබිනට් පත්‍රිකාවකින් හෝ මුදල් වෙන්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ආබාධිත ජනතාවට අනෙකුත් මිනිසුන් සේ ම ගෞරවනීය ලෙස ජීවත්වීමට අවැසි පරිසරය නිර්මාණය කරදීම අපේ අරමුණ යි. යනුවෙන් ද පැවසී ය.

මෙම ජාතික උත්සවය සඳහා . නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, බස්නාහිර ආණ්ඩුකාර කේ.සී.ලෝගේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දොස්තර කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, පළාත් සභා මන්ත්‍රීවරු වන චන්දන ජයකොඩි, කිත්සිරි මංචනායක, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩිස් ඇතුළු විශාල පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.