topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුරුණෑගලට වෙළඳ කලාප දෙකක්.

ranil 55

කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එහි පළමු වැන්න ලබන ජනවාරි මාසයේ සිට බිංගිරිය ප්‍රදේශයේ ඉදිවන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, බිංගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වෙළෙඳ කලාපයේ වැඩකටයුතු සම්බන්ධව සොයා බැලීමට එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

මෙම වැඩකටයුතු සඳහා රුපියල් කෝටි 130 ක මුදලක් වෙන් කොට තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජලය, විදුලිය ලබාදීම ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා එම මුදල් වැය කරන බව සිහිපත් කළේය.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන නව ආයෝජන කලාපය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද මා මෙම ස්ථානයට පැමිණියේ. 2002 වසරෙන් පසු මේ රටේ ආයෝජන කලාප ඉදිවී නැහැ. එදා මේ රට ගැන කිසිදු විශ්වාසයක් නොතිබූ නිසා ආයෝජකයින් ලංකාවට ආවේ නැහැ. නමුත් දැන් එය වෙනස් වී ලංකාව කෙරෙහි විශ්වාසයක්, බලාපොරොත්තුවක් තිබෙන නිසා ආයෝජකයින් පැමිණෙනවා.

මේ ආයෝජන සඳහා වෙළෙඳ කලාප අවශ්‍යයි. මහනුවර සිට හම්බන්තොට දක්වා කර්මාන්ත කලාප ආරම්භ කිරීමට අපි තීරණය කළා. එහි මූලික පියවර ලෙස හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. දැන් අපි ඒ වැඩපිළිවෙළ තවත් පුළුල් කරමින් කුරුණෑගල ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කිව යුතුයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කර්මාන්ත කලාප, සංචාරක කලාප, ධ්ඊ ව්‍යාපාර වැනි ක්ෂේත්‍ර දියුණු කළ යුතුව තිබෙනවා.

මේ වැඩකටයුතු සම්බන්ධව වයඹසංවර්ධන ඇමැති එස්.බී. නාවින්න මැතිතුමා සමග අපි සාකච්ඡා කළා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙළෙඳ කලාප දෙකක්, බිංගිරිය සහ මාවතගම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම වයඹ, කල්පිටිය වැනි ප්‍රදේශවල ද සංචාරක කලාප ආරම්භ කරනවා. එම සැලසුම් අපි ක්‍රියාත්මක කරන්නේ දිගුකාලීන හා මධ්‍යකාලීන සැලසුම්වලට අනුවයි. මේ වනවිටත් කුලියාපිටිය ප්‍රදේශයට රථ වාහන එක්ලස් කිරීමේ කර්මාන්තයක් ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ ප්‍රදේශයට තවත් කර්මාන්ත ශාලා ගෙන ඒමටත් ඒ අනුව කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අපි අපේක්‍ෂා කරනවා. එමෙන්ම මාදම්පේ, ඉරණවිල, උඩුබද්දාව, බිංගිරිය, කුලියාපිටිය වැනි ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරත්, වෙළෙඳ කලාපත් නිසා විශාල දියුණුවක් ඇති වෙනවා. මේ සැලසුම් අප ක්‍රියාත්මක කළාම මේ ප්‍රදේශවල ඇති වන දියුණුව මා අමුතුවෙන් කිව යුතු නැහැ.

බිංගිරිය ප්‍රදේශයේ අපි අලූතින් ඉදිකරන සංවර්ධන වැඩසටහන් ගැන නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා සමග මා සාකච්ඡා කළා. බිංගිරිය හා උඩුබද්දාව ප්‍රදේශයට මාගේ  ඥාති සම්බන්ධතාවයක් තිබෙනවා. මේ ප්‍රදේශය ගැන මටත් හොඳ අවබෝධයක් තිබෙනවා. මෙම සංවර්ධන වැඩකටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නලින් බණ්ඩාර මැතිතුමා හඳුනාගත්තා. මෙහි ඉඩම් අක්කර 1000 ක් පමණ තිබෙනවා. එතරම් ප්‍රමාණයක් මේ වැඩකටයුතු සඳහා අවශ්‍ය නොවූවත් ඒ ඉඩම් අප වෙන් කර ගත්තා.

ලබන වසරේ මේ වැඩකටයුතු සඳහා රුපියල් කෝටි 130 ක් වෙන් කර තිබෙනවා. එයින් මේ ප්‍රදේශයට ජලය, විදුලිය ලබාගැනීම මෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා එම මුදල් වෙන් තිබෙනවා.

බිංගිරිය ප්‍රදේශයේ ජර්මන් වත්ත මේ සඳහා ලබාගෙන තිබෙනවා. ඒ වගේම ගොරකගස්දෙණිය ප්‍රදේශය ද අප හඳුනාගෙන තිබෙනවා. මෙවැනි වැඩසටහන් 1978 කටාන, බියගම, සීතාවක, කොග්ගල වැනි ප්‍රදේශවල ආරම්භ කළා. ඒ නිසාම නොදියුණු තත්ත්වයේ පැවැති එම ප්‍රදේශවල විශාල දියුණුවක් ඇති වුණා. මේ වැඩකටයුතු ඊටත් වඩා හොදින් දියත් කිරීමට ඔබේ සහය අපට අවශ්‍යයි.

බිංගිරිය ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත මෙම වෙළෙඳ කලාපයේ කටයුතු ජනවාරි මාසයේ සිට වහාම ආරම්භ කළ යුතුයි. ඉඩම් වෙන් කරන තෙක් බලානොසිට අනෙකුත් වැඩකටයුතු ආරම්භ කරන්න. ඉඩම් වෙන් කිරීම කැබිනට් මණ්ඩලය හරහා අප සිදු කරන්නම්. එදා බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමේදී ඉඩම් වෙන්කිරීම 100% ක්ම සිදුවෙන තෙක් අප බලාසිටියේ නැහැ. ඒ නිසා මේ වැඩකටයුතු තවදුරටත් ප්‍රමාද නොකර වහාම ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.