topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවක් ලෙස අපේ අවධානය යොමු වන්නේ බුදු දහම ආරක්‍ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමටයි.

Ranil_Wickramasinghe_PM

ආණ්ඩුවක් ලෙස අපේ අවධානය යොමු වන්නේ බුදු දහම ආරක්‍ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමට බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක “සසුනෝදය” වැඩසටහන යටතේ වෙහෙර විහාරස්ථාන 850 ක් සඳහා මූල්‍යාධාර ප්‍රධානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

අති ගෞරවණීය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනාවේදී ලෝවාමහාපාය වැඩකටයුතු ආරම්භ කරන ලෙස සඳහන් කර සිටියා. මහානායක ස්වාමීන් වහන්ස, අප එම ඉල්ලීමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා. ඒ වාගේම මහාවිහාරයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද අපි ප්‍රමුඛතාවය ලබාදෙනවා. ථෙරවාදී බුද්ධ ධර්මයේ ආරම්භය මහා විහාරයයි.  ශ්‍රී ලංකාවේ පමණක් නොව මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය සහ දකුණු වියට්නාමය ආදී රටවල්වල කෝටි 15 කට ආසන්න ජනතාවගේ ථෙරවාදී බුද්ධ ධර්මයේ ආරම්භය මහා විහාරයයි. එම නිසා මහා විහාරයේ සංවර්ධන වැඩකටයුතු සිදු කරන අතරතුර ලෝවාමහාපාය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ යෝජනාව පිළිබඳවත් සළකා බලා කටයුතු කිරීමට අපි සූදානම්. ඔබ වහන්සේ සඳහන් කළ පරිදි අතීතයේ එවැනි ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ.

ආණ්ඩුවක් ලෙස අපේ අවධානය යොමු වන්නේ බුදු දහම ආරක්‍ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමටයි. ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබඳ සියලූ කරුණු කාරණා අවබෝධ කර ගැනීමට සිදු වන්නේ මහා විහාරය හරහායි. වර්තමානයේ මහා විහාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ නිසි අවබෝධයක් දන්නේ නැහැ. අතීතයේ දුටුගැමුණු රජතුමාට රට එක්සේසත් කිරීමට අවශ්‍ය අනුබලය සහ අනුශාසනා ලබාදුන්නේ මහා විහාරික භික්‍ෂුන් වහන්සේලායි.  එකළ රජවරුන් ධනපතියන් සහ විවිධ පාලකයන් බෞද්ධ වෙහෙර විහාරවලට ආධාර උපකාර කළේ මහා විහාරය ආරම්භ කිරීමෙන් පසුවයි. එදා සිට එවැනි සංස්කෘතියක් රටේ ආරම්භ වුණා. නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන සමයේදී බෞද්ධ වෙහෙර විහාරවලට ආධාර කිරීමක් සිදු වුණේ නැහැ. එකළ බෞද්ධාගමික සිද්ධස්ථාන වෙත ආධාර උපකාර කළේ ගිහි පාර්ශ්වය විසිනුයි. ඔවුන් වෙළහෙළදාම් වලින් ලබා ගන්නා ධනය පරිත්‍යාග කිරීමෙන් සහ තම ඉඩකඩම් වෙහෙර විහාර වෙත පූජා කරමින් ආධාර උපකාර කිරීම් සිදු කළා.

නමුත් එම වැඩකටයුතු දැන් රජය විසින් භාරගෙන තිබෙනවා. එය රජයේ යුතුකමක් ලෙසයි සැලකෙන්නේ. විශේෂයෙන්ම අද දිනයේ මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික සිද්ධස්ථාන 850 කට ආධාර කිරීම සිදු කරනවා. මේ වසර අවසන් වන විට බෞද්ධාගමික සිද්ධස්ථාන දහසකට ආධාර කිරීම අපගේ ඉලක්කය වන අතර, වසර අවසන් වන විට සිද්ධස්ථාන දහසකට ආධාර කිරීමේ වැඩසටහන අපි සම්පූර්ණ කරනවා.

වර්තමානයේ විහාරස්ථානයක් පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අතීතයේ විහාරස්ථානයක් පවත්වාගෙන යාම විශාල වශයෙන් මුදල් වියදම් නොවන කටයුත්තක් වුවත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. විදුලි බිල්, ජංගම දුරකථන බිල් ආදී වියදම් දැරීමට ද අද විහාරස්ථානවලට සිදුව තිබෙනවා. මේවා අතීතයේ සාමාන්‍ය ජන සමාජය තුළ පැවතුණේ නැහැ. නමුත් අද පවතින්නේ සංකීර්ණ සමාජයක්. ගමේ පන්සලේ විහාරස්ථානය වෙනුවෙන් පවා අධික මුදලක් වැය කිරීමට සිදු වෙනවා. එම ගැටළුවලට විසඳුම් ලබාදෙමින් විහාරස්ථාන වෙත ආධාර කිරීමයි අප අද මේ ආකාරයට සිදු කරන්නේ. ඒ වෙනුවෙන් විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට මගේ ස්තුතිය පිරිනමනවා.

එතුමා මේ වැඩකටයුත්තට අවශ්‍ය විශාල මුදල් ප්‍රමාණය කෙසේ හෝ සොයා ගත්තා. මෙම වැඩසටහන පිළිබඳව මා දැනුවත් කළ අවස්ථාවේ, මේ ආකාරයට විහාරස්ථාන දහසකට මුදල් ලබාදීමට ප්‍රමාණවත් තරම් මුදලක් තිබෙනවා දැයි මා විමසුවා. එතරම් ප්‍රමාණයකට මුදල් ලබාදිය නොහැකි නම් විහාරස්ථාන 250 කට පමණ ආධාර ලබාදෙමු යැයි ද මම එම අවස්ථාවේ පැවසුවා. නමුත් වැඩසටහනට අවශ්‍ය තරම් මුදල් තිබෙන බව ඒ අවස්ථාවේ අමාත්‍යතුමා මා සමඟ ප්‍රකාශ කළා. මෙතරම් පොරොන්දු ලබාදී අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබාදීමට සිදුවේ යැයි මා තුළ බියක් ද ඇති වුණා. නමුත් අමාත්‍යතුමා කෙසේ හෝ අවශ්‍ය මුදල් සපයා ගෙන තිබෙනවා.

වෙහෙර විහාරස්ථාන දහසකට ආධාර කිරීමට තරම් විශාල මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා සොයා ගත්තේ කෙසේද? එතුමාට මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකියාව ලැබුණා නම් මීට පෙර සිටි පාලකයන්ට මෙම කටයුත්ත සිදු කිරීමට නොහැකි වුණේ මන්ද යන්න මගේ පැණයයි. එසේ නම් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ විහාරස්ථාන දස දහසකට ආධාර කිරීමට හැකියාව ලැබිය යුතුයි. නමුත් අපේ ආණ්ඩුව යටතේ පමණක් මෙතරම් විශාල මුදලක් විහාරස්ථාන වෙනුවෙන් ආධාර ලෙස ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ ආණ්ඩුව යටතේ මෙම වැඩසටහන ඉදිරියටත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙවැනි විශාල ආධාර මුදලක් අතීතයේදී වෙහෙර විහාරවලට ලබාදෙන්නේ නැතිව වෙනත් ආකාරයකට භාවිත කළා ද? තවත් රුවන්වැලි සෑයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට එම මුදල් යෙදෙව්වාද? එවැනි කිසිදු ඉදිකිරීමක් හෝ වැඩසටහනක් එකළ සිදු කළේ නැහැ. එසේ නම් මීට පෙර සිටි පාලකයන් මෙවැනි විශාල මුදලක් භාවිත කර තිබුණේ කුමකට ද යන්න මා නැවතත් මතු කරන ප්‍රශ්නයයි. එම ගැටළුවට පිළිතුර සොයා ගැනීම මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මා භාර කරනවා.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ වෙහෙර විහාර වෙනුවෙන් වැඩිම ආධාර උපකාර ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ අපේ ජාතික ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමැතියි. ජනාධිපතිතුමා යටතේ තිබෙන අරමුදලින්, මා යටතේ තිබෙන අරමුදලින්, බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශයේ, අධ්‍යාපන අමාත්‍යංශයේ  සහ අනෙකුත් අමාත්‍යංශ යටතේ තිබෙන අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ විහාරස්ථාන වෙත ලබාදී තිබෙන සහයෝගය ආධාර උපකාර ප්‍රමාණය ඉතා විශාලයි. මෙවැනි අති විශාල සහයෝගයක් ශ්‍රී ලංකාවේ මීට පෙර පැවැති කිසිදු රජයකින් බෞද්ධ විහාරස්ථාන වෙත ලැබී නොමැති බවද සඳහන් කළ යුතුයි. අපේ ආණ්ඩුව යටතේ ලබාදෙන ආධාර නගරයේ විහාරස්ථාන වෙත පමණක් සීමා වී නැහැ. ගමේ පන්සලටත්, නගරයේ පන්සලටත් සමානව ආධාර උපකාර කිරීම අප සිදු කරනවා.

මෙම ආධාර උපකාර ලබාදීම් ශ්‍රී ලංකාවේ සියලුම වෙහෙර විහාර ආවරණය වන පරිදි ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, මමත්, අපේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් සියලූ දෙනාමත් කටයුතු කරමින් සිටිනවා. අපේ ජාතික ආණ්ඩුවේ වැදගත්කම වන්නේ එයයි. බුදු දහම ආරක්‍ෂා කිරීමත්, පෝෂණය කිරීමත් අපේ යුතුකමයි. එය අපේ ආණ්ඩුව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. බොහෝ දෙනා බුද්ධාගම ආරක්‍ෂා කිරීම සහ පෝෂණය කිරීම පිළිබඳව වචනයෙන් පමණක් ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් යම් පුද්ගලයකු වසලයෙක් හෝ බ්‍රහ්මනයෙක් වන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුව තරම් බුද්ධාගම ආරක්‍ෂා කිරීම ක්‍රියාවෙන් ඔප්පු කළ වෙනත් කණ්ඩායමක් නැහැ.

සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමායි. ඒ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන්. එදා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු මට්ටමක තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය ද ක්‍රමයෙන් දියුණු වුණා. ඊයේ දිනයේ උඩුබද්දාව විහාරස්ථානයේත් සංවර්ධන කටයුතු කිහිපයක් වෙනුවෙන් අපි දායක වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල විහාරස්ථාන වෙත ගොස් අපි ආධාර උපකාර කටයුතු රාශියක් මේ වන විට සිදු කර තිබෙනවා.

අප නිර්මාණය කර තිබෙන්නේ තනි පක්‍ෂයක බලයක් සහිත ආණ්ඩුවක් නොවේ. ඒ තුළ ප්‍රධාන පක්‍ෂ දෙකට අමතරව කුඩා පක්‍ෂ ගණනාවක් ද තිබෙනවා.  මුස්ලිම් ද්‍රවිඩ ආදී සියලූ පක්‍ෂ එකතු කර ගනිමින් අප ආණ්ඩුවක් නිර්මාණය කළේ යුද්ධයෙන් අනතුරුව සියලූදෙනා එකට එකතු කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම සඳහායි. අපේ ජාතික ගීයෙන් කියවෙන්නේ සියලූම ශ්‍රී ලාංකිකයන් එක මවකගේ දරුවන් බවයි. අප ඉදිරියට යා යුත්තේ එය අවබෝධ කර ගෙනයි. ඒ වගේම රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීමත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමත් අපේ වගකීම වනවා. එම රාමුව තුළ අනෙක් සියලූදෙනාගේ අයිතිවාසිකම් සහ ඉල්ලීම් ලබාදීමේ හැකියාවද පවතිනවා. ඒ රාමුව බිඳදැමීමට ඉඩදිය නොහැකියි. කිසිම ආගමක නිදහසකට බාධා නොකළ යුතුයි.

අප මේ රට තුළ ඒකීය භාවය ආරක්‍ෂා කරමින් බහුතරයක් වන සිංහල බෞද්ධ ජනතාවගේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින්, අනෙක් කිසිඳු ආගමකට බාධාවක් නොවන ලෙස කටයුතු කළ යුතුයි. තම ආගම සහ තම සංස්කෘතිය සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට හැකි සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. වෙහෙර විහාරස්ථාන සඳහා ආධාර උපකාර ලබාදීමේ මෙම  වැඩසටහන අප ආරම්භ කළේ ඒ අනුවයි. විෂය භාර අමාත්‍යතුමා ඇතුළු සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කර තිබෙන මෙම වැඩකටයුත්ත තවත් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මගේ අරමුදල් යටතේ විහාරස්ථානවල අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කර ගෙන යන වැඩකටයුතුත් අප ඉදිරියට ගෙන යා යුතුයි.  ඒ සඳහා ගෞරවණීය මහා සංඝරත්නයේ සහයෝගය අපට ලැබේවී යැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මහා සංඝ රත්නය ඇතුළු ගෞරවණීය සංඝ රත්නයට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.