කිරිබත්ගොඩ, නාතුඩුව, ඊරියවැටිය මාර්ගයේදී, කිරිබත්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් සුනඛයකුගේ ගැටී, යතුරු පැදිකරුට රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ වෙළඳසැලක ගේට්ටු කණුවේ ගැටී අනතුරක් සිදුවී ඇත. එම අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇතැයි වාර්ථා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ, කැළණිය ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර, මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.