හෙට (12) දින ආරම්භ වීමට නියමිත 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන සියලු සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම අනාගත කඩඉම ජයගැනීමට හැකි වේවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සුබ පැතුම් එක්කර සිටී. අමාත්‍යවරයා මෙලෙස සුබපැතුම් එක්කරන ලද්දේ, අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බවයි. එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා දුම්රිය ප්‍රවාහන ගැටළු මතුවන්නේ නම් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත තම දරුවන් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.