සීමා ඉවත් කරමින් පිළිකා රෝගීන් 1285 කට ප්‍රතිකාර කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිණි.
පිළිකා රෝගීන් සදහා පනවා තිබූ වියදම් සීමාව ඉවත් කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා සදහා රුපියල් මිලියන 4727 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇති බවත්, යහපාලන රජය බලයට පත්වන විට පිළිකා රෝගියෙක් සදහා ප්‍රතිකාර කිරීම වැය කරන මුදල වුයේ රුපියල් ලක්ෂ 15 ක් බවත්, එම සීමාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉවත් කර ජිවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත බවත් පැවසේ. ඒ අනුව මේ වනවිට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්ෂ 180 – 200 වැනි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ගතවූ වසර 03තුල රෝගීන් 1285 කට නොමිලේ ප්‍රතිකාර කර ඇති අතර, ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4727 ක් බවත් සඳහන් වේ.
පිළිකා ඖෂධ මිල ඉතා අධික බවත්, ඒ සදහා අමාත්‍යාංශයේ ටෙන්ඩරවල තිබූ දුෂණ, වංචා නතර කිරීමට තමන් පියවර ගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඇතැම් පිළීකා ඖෂධ රුපියල් 285000 කට ලංකාවට ආනයනය කර තිබුණු බවත් සඳහන් වේ. එය රුපියල් 165000 දක්වා මේ වනවිට මිල අඩු කර ඇති අතර, දෙවන පිළිකා ඖෂධය වන රුසියාවේ නිෂ්පාදිත ඖෂධය රුපියල් 141000 කට මිලදී ගන්නා බව ද අමාත්‍යවරයා පවසා සිටී. තව ද තෙවන පිළිකා ඖෂධයක් ද ඉදිරියේ දී හදුන්වාදීමට නියමිත බවත් පැවසේ.
අහිංසක රෝගී ජිවිත සමග සෙල්ලම් කරමින් වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙම රැස්වීමේ දී සඳහන් කර සිටියේය.