topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතුයි.”-ඇමති රාජිත.

rajitha-senaratne
“යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතුයි.  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටියි.ඒ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය දී අදහස් දක්වමිණි. අග්‍රාමාත්‍ය සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දි අද (07) පෙරවරුවේ දී  මෙය පැවැත්විනි. මෙම සම්මේලනයට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අදහස් පළ කරමින් මෙසේ පැවැසීය.
යහපාලන රජය වසර 03 ක කාලයක් තුල විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. අද දින (07) ලබාදුන් කෘතියේ ද සදහන් වෙනවා එය නිහඩ සේවයක් බව. අපේ රජයේ ඇතැම් අය ධර්මය දන්නවා. නමුත් ධර්මය කියා දෙන්න දන්නේ නැහැ. අපි විශාල වැඩකොටසක් කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම ඉන් ප්‍රධාන කරුණක්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කළත්, එවැනි පෞද්ගලීකරණයක් සිදු වන්නේ නැහැ. සරසවි අධ්‍යාපනයට විශාල පහසුකම් ලබාදී තිබෙනවා. නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීම, විදුලිය, පානීය ජලය ජනතාවට ලබාදීම වැනි ක්‍රියාකාරකම් ද අප විසින් ඉටු කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව දෙස බැලීමේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරීම, රජයේ රෝහල් වල දී නොමිලේ ස්ටෙන්ස් හා අක්ෂි කාච රෝගීන්ට ලබාදීම වැනි ක්‍රියාකාරකම් ප්‍රධාන තැනක් ගන්නවා. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග කිහිපයක මිල අඩු කිරිමට මම බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ සීමාව රුපියල් ලක්ෂ 15 ක් වුවද යහපාලන රජයේ දී එය ජිවිතාන්තය දක්වා ලබාදීමට කටයුතු කර තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් පසුගිය රජයේ දී ඊට අවකාශ ලැබුනේ නැහැ. මේ වනවිට පිළිකා රෝගීන්ට රුපියල් මිලියන 4000 ඉක්මවන මුදලක් වැය කරමින් ප්‍රතිකාර කර තිබෙනවා. නමුත් වර්තමානයේ කථා කරන්නේ පොල් ගෙඩියේ මිල පිළිබදවයි. පොල් හිගයි. වෙනත් රටවල ද පොල් හිගයක් පවතිනවා. ඉදිරි කාලයේ දී මෙම පොල් ප්‍රශ්ණයට විසදුමක් ලැබෙයි. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් ලබාදීම නොමිලේ ආරම්භ කිරීමත් සමග මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ස්ටෙන්ස් දැමීමේ ශල්‍යකර්ම කිරීම මාසිකව 500 දක්වා පමණ වැඩි වී තිබෙනවා. දුප්පත් ජනතාවට මෙමගින් විශාල සේවාවක් ඉටු වෙනවා. ඖෂධ හිගය මගහරවා තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ උන්නතිය සදහා හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම වත්මන් මුදල් අමාත්‍යවරයා ද මට සහයෝගය ලබාදෙනවා. තේ, පොල්, රබර් නිෂ්පාදන සදහා වැඩි මුදලක් ගොවින්ට ලැබෙනවා. එම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ද නංවාලීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.
පසුගිය රජය සමයේ සිදු කළ වංචා, දුෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඩුබායි බැංකු ගිණුම්වල පවතින මුදල් පිළිබදව සියලු තොරතුරු සොයාගෙන තිබෙනවා. එක් ගිණුමක ඩෙලර් මිලියන 1086 ක් තිබෙනවා. තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, හිටපු මන්ත්‍රිවරයෙකුගේ ගිණුමක ඩොලර් මිලියන 500 ක් තැන්පත් කර තිබෙනවා. රණවිරුවෙකු බව ප්‍රකාශ කළ රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවෙන් සොරකම් කළ මුදල මීට වඩා වැඩියි. එය සුපිරි ගැහිල්ලක්. එහි මුදල් හොංකොං බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙනවා. මෙම මිග් යානා ගනුදෙනුවට අදාල නිවැරදි ගිවිසුම සහ හොර ගිවිසුම ලැබී තිබෙනවා. මෙම ගණුදෙනුවේ තොරතුරු හෙළි කරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍ය වේදීන් ඝාතනය කෙරුනේ. මම පසුගිය මැයි දිනයේ දී ප්‍රකාශ කළා මෙම දුෂිතයින් අධිකරණ හමුවට ගෙනඑන බව. මෙම දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබද පරීක්ෂණ ප්‍රමාදවීම නිසා තමයි බැදුම්කරයක් පිළිබද ඔවුන්ට කථා කරන්න පුලුවන් උනේ. රණවිරුවන් මිනීමරුවන් වුයේ කොහොම ද, බැදුම්කර ගණුදෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුනා. නමුත් එම කොමිසන් සභාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මිස්ටර් ක්ලීන් නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ. මෙම සිද්ධිය පිළිබදව පාර්ලිමේන්තුවේ දීත් කථා කරනවා. වත්මන් රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර වලට එරෙහිව කණ්ඩායමක් ලෙස එකතු වී අපි වැඩ කළ යුතුයි. දෛනිකව රජයේ වැඩපිළිවෙල සහ පසුගිය රජයේ වැඩපිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ සදහා මැදිහත්වන ලෙස මම මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා රජය ආරක්ෂා කර ගත යුතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතුයි.  පැවැසීය.

Leave A Reply

Your email address will not be published.