පානදුර, තිරප්පනේ සහ වැලිගම යන පලාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පෙත්සම ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාල තීරණය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
නාමයෝජනා ලැයිස්තුවල ලියකියවිලි නිසියාකාරයෙන් සහතික කර නොමැති බව පවසමින් අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති බව පෙත්සම්කරුවන් පවසයි. තේරීම් භාර නිළධාරීවරුන්ගේ එම තීරණය නීතිවිරෝධී බැවින් එම නාමයෝජනා පිළිගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස පොදුජන පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම මෙම පෙත්සම විභාග කර අවසන් වනතෙක් පානදුර තිරප්පනේ සහ වැලිගම යන පළාත් පාලන ආයතනවලට අදාල මැතිවරණය පැවැත්වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටී.
පොදුජන පෙරමුණ ඉහත ආයතනවලට අමතරව මහරගම නගර සභාව ඇතුළු තවත් පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කෙරිණි.
මේ අතර මෛත්‍රී ගුණරත්න ලේකම්ධූරය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද පෙත්සමක් ගොනුකර ඇති අතර එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ බුත්තල සහ කින්නියා යන පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.