පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු පළාතෙන් නාමයෝජනා පත්රවලට ඇතුළත් කොට ඇති කාන්තාවන්ගෙන් බහුතරයක් ඉදිරිපත් කොට ඇත්තේ ඔවුන්ව දේශපාලනයට සම්බන්ධ කරවා ගැනීමට නොව මැතිවරණ නීතියෙන් බේරීමට පමණක් යැයි වවුනියාවේ කාන්තාවන් පිරිසක් ” කැෆේ” සංවිධානයේ නිලධාරීන්ට ප්රකාශ කොට ඇතිබව වාර්ථාවේ.
වවුනියාවේ කාන්තාවන් මේ බව පවසා ඇත්තේ කැෆේ සංවිධානය විසින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන්නියේ කාන්තාවන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවකදීය.
බොහෝ දේශපාලන පක්ෂවලට තමන් අපේක්ෂකයින් වශයෙන් තෝරා ගන්නා ලෙස ඉල්ලමින් අයදුම්පත් ඉදිරිපත් කරණු ලැබුවත් වන්නියේ කාන්තාවන් විශාල පිරිසකට දේශපාලන පක්ෂවලින් සම්මුඛ පරීක්ෂණ සඳහාවත් කැඳවීම් නොලැබුණු බවටද කාන්තාවන් තමන්ට වූ අසාධාරණයන් මෙහිදී විස්තර කොට තිබේ.
පළාත් පාලන මැතිවරණ නීතිරීතිවලට අනුව නාමයෝජනා පත්රවල තිබිය යුතු කාන්තා නියෝජන ප්රතිශතය පෙන්නා දීම සඳහා පමණක් උතුරේ බොහෝ දේශපාලන පක්ෂ කාන්තාවන්ගේ නම් ඇතුළත් කොට ඇති බවට චෝදනා කරයි.
වන්නියේ කාන්තාවන් එම කාන්තාවන්ට නියම දේශපාලන අයිතිවාසිකම් ලැබී නොමති බවද කියා සිටියි.