කුඩා ඔය, වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී කාර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි වාර්ථා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් රියදුරු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.