topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එදත්, හොරුන්ව නිරුවත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි – ජවිපෙ  විජිත හේරත් කියයි.

Vijitha_JVP

එදත්, හොරුන්ව නිරුවත් කළේ ජනතා විමුක්ති පෙරමුණ බවත් යට ගහලා තිබුණු වංචා-දූෂණ එළියට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ප‍්‍රචාරක ලේකම්වරයා,

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක කටයුතු ආරම්භයේ සිටම සාර්ථකත්වයක් උදා කරගත්තා. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොට්ඨාස මට්ටමින්, දිස්ති‍්‍රක් මට්ටමින්, ජාතික මට්ටමින් ප‍්‍රධාන රැස්වීම්, ජනරැලි සහ ජනහමු විශාල ප‍්‍රමාණයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ වගේම නිවසින් නිවසට ගොස් පති‍්‍රකා බෙදමින්, ජනතාව දැනුවත් කරන්න කටයුතු කළා. මෙවර අපේ මැතිවරණ සටන් පාඨය වුණේ, “ගම ගොඩනගන දූෂණය පරදන ජවය” යනන්යි. අද වනවිට ජවිපෙ සටන් පාඨය අනෙකුත් සියලූ දේශපාලන පක්‍ෂවල සටන් පාඨය බවට පත්වෙලා. ඒ වගේම අද රටේ ප‍්‍රධාන සටන් පාඨය වෙලා තිබෙන්නේ දූෂණයට එරෙහි සටනයි. රාජපක්‍ෂ පාලනයේ අවසාන කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මෙම ආණ්ඩුවේ මූල්‍ය අපරාධ, වංචා-දූෂණ ගැන ප‍්‍රබල මතවාදී ප‍්‍රහාරයක් එල්ල කළා. එදත්, හොරුන්ව නිරුවත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. යට ගහලා තිබුණු වංචා-දූෂණ එළියට ගත්තේ ජවිපෙයි. එදා රාජපක්‍ෂ කිව්වා, ඔහු ළඟ ෆයිල් තියෙනවා කියලා. ඔහු වංචා-දූෂණ හංගාගෙන හිටියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දූෂණ විරෝධී අරගලය නිසා ෆයිල්  එළියට ගන්න පුළුවන් වුණා.

දූෂිතයින්ට දඬුවම් දෙන්න ආපු ආණ්ඩුව වංචා-දූෂණ කරන්න පටන් ගත්තා. මහබැංකු වංචාව, අධිවේගී මාර්ගවල වංචා-දූෂණ, විශාල ඇමති මණ්ඩලයක් පත්කර ඔවුන්ට වාහන, නිවාස වෙනුවෙන් මුදල් නාස්ති කිරීම ඇතුළුව වංචාව-දූෂණය, නාස්තිය පටන් ගත්තා. ඊට එරෙහිවත් දූෂණ විරෝධී මතය ගොඩනැගුවේ ජනතා විමුක්ති පෙරමුණයි. පළාත් පාලන ආයතනවල දූෂණයට එරෙහිව මතය ගොඩනැගුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එම දූෂණ විරෝධී සටනේ උච්ඡතම සටන බවට දැන් පත්වෙලා තිබෙන්නේ මෙම පළාත් පාලන මැතිවරණයයි. දූෂණ විරෝධී සටන් පාඨය ජනතාව අතරට ගෙනාවේ අපියි. එම සටන් පාඨය ගේන්න ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. මොකද, හොරුන්ට, හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පක්‍ෂ දෙකේ දෙගොල්ලන්ටම හොරුන්ටට විරුද්ධව කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්කමක් නැහැ.

අද ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් හිටපු රාජපක්‍ෂ කණ්ඩායමේ හොරුන්ටත් හොරකමට එරෙහිව කතා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ සියලූ දෙනා හොරකමට විරුද්ධව කතා කරන තැනකට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණයි. අපේ හෙළිදරව් කිරීම නිසා ජනතාව හොරකම් ගැන දැනගත්තා. හොරකම් මිල ගණන් දැනගත්තේ, රටට වෙලා තිබෙන පාඩුව ගැන දැන ගත්තේ ඒ නිසයි. ඒ අනුව  අද මුළු රටම දූෂණයට එරෙහි ප‍්‍රබල සටනක් කරන තැනකට ඇවිත් තිබෙනවා. ඒ නිසාම දැන් ජනාධිපතිවරයාට වංචා-දූෂණ ෆයිල් පෙට්ගම්වල දාලා වහලා දාන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙලා තිබෙන්නේ අපේ අරගලයේ ප‍්‍රතිඵල නිසා. හැංගිලා තිබුණු සියලූම හොරකම් ජනතාව ඉදිරියට ගේන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී සටන මේ වෙනකොටත් ජයග‍්‍රහණය කරලා ඉවරයි. මැතිවරණයේදි දූෂණයට එරෙහි සටන ජයග‍්‍රහණය කිරීම ජනතාවගේ ජයග‍්‍රහණයක්. මේ වෙනකොට ජනතාව වංචා-දූෂණ පිළිබඳව ප‍්‍රශ්න කරන තැනකට පත්වෙලා තිබෙන්නේ අපේ අරගලය නිසා. තමන්ගේ බදු මුදල් හොරා කන අයට එරෙහිව සටන් කරන්න දැන් ජනතාව ඉදිරිපත් වෙමින් තිබෙනවා.

මේ මැතිවරණයේදී ගමේ පුංචි ආණ්ඩුව හදාගන්න පුළුවන්.  ප‍්‍රාදේශීය සභාව, නගර සභාව, මහනගර සභාවේ පාලනය ගොඩනගාගන්න ජනතාවට අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අම්මගේ කුසේ ඉන්න දරුවාගේ සිට ඔහුගේ මරණය දක්වා ජීවිතයේ සියලූම යටිතල පහසුකම් ඉටුකර දෙන්නේ පළාත් පාලන ආයතනයයි. නමුත් මේ මාතෘකාව යටපත් කරමින් මැතිවරණය වෙලාවේ පරණ පුරුදු විදිහටම වෙනත් මාතෘකා උඩට ගන්න අනෙකුත් පක්‍ෂ උත්සාහ දැරුවා. මහින්ද රාජපක්‍ෂලා මීට කලින් හැම මැතිවරණයදීම විදුලි පුටුව පෙන්නලා බිල්ලෙක් මැව්වා. ජනතාව තුළ බොරු බියක් හදලා ඡුන්ද ටික කොල්ල කෑවා. මේ මැතිවරණයේදීත් ඒ පරණ තැටියම වාදනය කරන්න ඔවුන් උත්සාහ කළා. දේශපාලන බංකොලොත් වුණු අය රට බෙදනවා කියලා බිල්ලෙක් මවන්න උත්සාහ කළා. නමුත් ජනතාව ඒ බොරුවලට රැුවටුණේ නැහැ. ඒ වගේම අද මැතිවරණ වේදිකාවේ එකිනෙකාට බැන අඬගසා ගන්නා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් 10වැනිදායින් පස්සේ පරණ විදිහටම ආණ්ඩුව කරගෙන යනවා. මේ ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නැතැ. මේ මැතිවරණයෙන් පස්සේ සිදුවන්නේ පළාත් පාලනවල අලුත් පාලනයක් ඇතිවෙන එක විතරයි.

ඒ වගේම ජනතාව තුළ වැරදි මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා, ආණ්ඩු බලය තිබෙන පක්‍ෂයකටම පුංචි ආණ්ඩුව දෙන්න කියල. ලක්‍ෂ්මන් කිරිඇල්ල කියලා තිබුණා, අගමැතිවරයා මුදල් පාස් කරන්නේ යූ.ඇන්.පී. බලය ගන්න පළාත් පාලන ආයතනවලටයි කියලා. ශී‍්‍රලනිපයේ ගමේ නායකයෝ කියනවා, ජනාධිපතිවරයා මුදල් පාස් කරන්නේ ඒ අය දිනන පළාත් පාලන ආයතනවලටයි කියලා. නමුත් පළාත් පාලන ආයතනවලට ආදායම ලැබෙන්නේ යූඇන්පී, ශී‍්‍ර ලංකා ජේවීපී සියලූම ජනතාව ගෙවන බදු මුදල්, දඩ මුදල්, මුද්දර ගාස්තුවලින්. පොළ බද්දෙන්, මාළු ලෑල්ලෙන් ගෙවන බදු මුදලින්. පොලීසියට ගෙවන දඩ මුදලින්. මේ විදිහට පළාත් පාලන ආයතනවලට කෝටි ගණන් මුදල් එකතු වෙනවා. ඒවා තමයි ප‍්‍රාදේශීය සභාවට අයිති මුදල් වෙන්නේ. 2002දී තිස්සමහාරාම පුංචි ආණ්ඩුවේ බලය තිබුණේ ජවිපෙට. එදා තිබුණේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්. 2006දී නැවත තිස්සමහාරාමය පුංචි ආණ්ඩුව ජවිපෙ ජයග‍්‍රහණය කළා. එදා තිබුණේ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවක්. මධ්‍යම ආණ්ඩුව අපිට නොතිබියදී රටේ හොඳම ප‍්‍රාදේශීය සභාව බවට තිස්ස ප‍්‍රාදේශීය සභාව හදන්නේ කොහොමද කියලා ජනතා විමුක්ති පෙරමුණේ අපි ප‍්‍රායෝගිකව කරලා පෙන්නුවා. ඒ නිසා ඔබ ගෙවන පොළ බද්ද, මුද්දර ගාස්තුව, දඩ මුදල තමයි ඔබේ බල ප‍්‍රදේශය තුළ පාර හදන්න, මොන්ටිසෝරිය හදන්න, කනත්ත නඩත්තු කරන්න යොදා ගන්නේ. මොන පක්‍ෂයේ කෙනෙක් වුණත් ඔබගේ බදු මුදල් නැවත ගමේ සංවර්ධනයට යොදා ගන්න පාලනයක් ඇතිකරගැනීමට ජනතාව කටයුතු කළ යුතුයි.

මේ මැතිවරණයේදී බඩු බෙදීම් කළා. වන්දනා ගමන් සූදානම් කර තිබුණා. පොඩි ළමුන්ට බැංකු පොත් හදලා දීපු තැන් තිබුණ. ඒ වගේම අපේ කාර්යාලවලට නිවාසවලට, වාහනවලට ගිනි තැබීම් කර තිබුණා. කෙසේ වෙතත් ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අලූත් මැතිවරණ ක‍්‍රමය නිසාම මෙවර මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩුවෙලා තිබෙනවා.

අපි මේ රටේ ප‍්‍රගතිශීලී ජනතාවට මැතිවරණය ආරම්භයේදීම විවෘත ආරාධනයක් කළා, ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්න කියලා. ඒ ආරාධනාව පිළිගත්තු කලාකරුවන්, විශ්විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින්, ඇතුළු විද්වතුන්, සිවිල් සංවිධන ස්වේච්ඡාවෙන්ම සංවිධානය වෙලා ජනතා විමුක්ති පෙරමුණට සහයෝගයෙන් කටයුතු කළා. මුළු රටම වෙළාගෙන තිබෙන්නේ දූෂණය පරාජය කරලා ගම ගොඩනගන්න හැකියාව, ශක්තිය තිබෙන සැබෑ මහජන නියෝජිතයෙක් පත්කරන්න ජනතාව කටයුතු කරන්න  ඕනෑ. හොරකම් නොකරන, සල්ලාලකම් නොකරන, පස් කපන්නේ නැති, වැලි ගොඩදාන්නේ නැති, කොන්ත‍්‍රාත් නොකරන සැබෑ ජනතා නියෝජිතයෙක් පත්කරගන්න ජනතාව කටයුතු කරන්න  ඕනෑ. ඒ වගේම අපි කියනවා, දේශපාලනය කලකිරීම නිසා ඡන්දය නොදී ඉන්න එපා. ඔබේ ඡන්දයට වටිනාකමක් තිබෙනවා. ඔබේ පරමාධිපත්‍යයේ බලය ඔබ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් මේක. එය අපතේ යවන්න එපා. ඔබගේ වටිනා ඡන්දය නොදී ඉන්න විට හොරුන්, දූෂිතයින් සභාවට පත්වෙන්න පුළුවන්. සභාවට හොඳ නියෝජනයක් පත්කරගන්න සැබෑ ලෙසම දූෂණයට එරෙහි ජනතා නියෝජිතයෙක් පත්කරන්න ඔබගේ ඡන්දය ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන්න කියලා අපි කියන්නේ. වංචාවට, දූෂණයට එරෙහි සැබෑ දූෂණ විරෝධි සටන ප‍්‍රායෝගිකව ඔප්පු කළ නියෝජනයකට ඔබේ ඡන්දය ලබාදෙන්න.

ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන්ට ආයාචනයක් කරන්න කැමතියි. ඔබේ කුළුඳුල් ඡන්දය නිකැලැල් පක්‍ෂයකට ලබා දෙන්න. ප‍්‍රතිපත්තිගරුක පක්‍ෂයකට ලබාදෙන්න. ඔබේ කුළුඳුල් වටිනා ඡන්දය, දූෂණය අනුමත කරන නිල් කොළ පෙරමුණුවලට ලබාදෙන්න එපා. එම පක්‍ෂවලට ඔබේ ඡන්දය ලබා දුන්නොත් හොරකමට බලපත‍්‍රයක් ලබා දුන්නා හා සමාන වෙනවා. හොකමට එරෙහිව කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණට ඔබේ කුළුඳුල් ඡන්දය ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සියලූම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලනවා 10වැනිදා උදේ පාන්දරින් ඡන්දපොළට ගිහිල්ලා සීනුව ඉදිරියෙන් කතිරය ගහලා සැබෑ ජනතා නායකයින් තෝරා පත්කර ගන්න කියලා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

හමුදා නිලධාරියා සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ පරීක්‍ෂණයක් පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම හමුදා පරීක්‍ෂණයකුත් ආරම්භ කොට තිබෙනවා. එම පරීක්‍ෂණ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. කෙසේ වෙතත් සමාජ ජාලවල පළවන වීඩියෝවක් හෝ ඡායාරූපයක් පදනම් කරගෙන කෙනෙකුට චෝදනාවන් එල්ල කිරීම සාධාරණ නැහැ. ඒ වගේම යම්කිසි ආකාරයකින් පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවකදී නිලධාරීයෙකුගේ තනතුර අත්හිටුවීම සාමාන්‍ය කරුණක්. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ අපේ රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන ආකාරය පිළිබඳවයි. මහා පරිමාණ හොරුන්, මංකොල්ලකාරයින්, ඝාතකයින්, නිදැල්ලේ ඉන්න අවස්ථා  ඕනෑතරම් තිබෙනවා. අපේ රටේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ මේ වගේ පරස්පර ආකාරයටයි.

උදයංග වීරතුංග කියන්නේ මහින්ද රාජපක්‍ෂගේ පුංචි අම්මාගේ පුතායි. ඔහු රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තිබෙනවා. පළමුවැනි ප‍්‍රශ්නය තමයි ඔහු වැරැද්දක් කළේ නැත්නම් හැංගිලා ඉන්නේ ඇයි? වරෙන්තු තිබියදී ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟම එකට සිට ඡායාරූප ගත් අවස්ථා පහුගිය කාලයේ අපි දැක්කා. ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර උසාවියට ඉදිරිපත් වෙලා නිවැරදිභාවය ඔප්පු කරන්න ඉඩ තිබුණා. ඔහු මෙතෙක් කල් නිදැල්ලේ හිටියේ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක් විදිහට තිබුණා. කෙසේ වෙතත් දැන් ඔහු පිළිබඳව කටයුතු කිරීම රාජ්‍යතාන්ති‍්‍රකව කළ යුතු දෙයක්. මේ ආණ්ඩුව කේ. පී.ට එරෙහිවත් මේ විදිහටම බරපතළ චෝදනා කළා. අන්තිමේදී සියලූ චෝදනාවලින් කේ.පී. නිදහස් කළා. ඒ නිසා උදයංග වීරතුංග පිළිබඳව මේ ආණ්ඩුව සිදුකරන මාධ්‍ය සංදර්ශන කොහොම එකක් වෙයිද කියලා අපිට කියන්න අමාරුයි.

ගෝඨාභය රාජපක්‍ෂත් නිවේදනයකින් කියා තිබෙනවා, උදයංග වීරතුංග පිළිබඳව. මේ වෙනකොට ගෝඨාභය  රාජපක්‍ෂ ඉන්නේ ඇමරිකාවේ. උදයංග වීරතුංගත් ඇමරිකාවට යන්න උත්සාහ කොට තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශයත් උදයංග වීරතුංගගේ කි‍්‍රයාවලියත් අතර සම්බන්ධයක් තියෙනවාද කියලා වෙනම සැකයක් හට ගන්නවා.

ජනාධිපතිවරයා කිව්වා, හොරු ඇල්ලීමේ දෙවැනි මෙහෙයුම පටන් ගත්තා කියලා. නමුත් අපිනම් පළමුවැනි මෙහෙයුම දැක්කේ නැහැ. මැතිවරණය නිසා ජනාධිපතිවරයා දෙවනි මෙහෙයුමක් ගැන කිව්වා. කෙසේ වෙතත් අද ජනාධිපතිවරයාගේ සද්දේ වැඩිවෙලා. සැර වැඩිවෙලා. මඩු වළිගය වනනවා. කඩුව කරකවනවා. නමුත් දඬුවම් දුන්න කෙනෙක් නම් නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියන්නේ භාවිතාවෙන් ඔප්පු කර පෙන්වන්න කියලා. මෙච්චර කාලයක් කිසිවක් නොකරපු ජනාධිපතිවරයා ඡුන්ද වේදිකාවේ හීනෙන් බය වෙලා වගේ කතා කරනවා. මෙච්චර කාලයක් දූෂිතයෝ ආරක්‍ෂා කළා. මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ භාවිතාව පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති කොමිසන් වාර්තාවේ සිදුවීම් 34ට සම්බන්ධ චූදිතයනුත් ජනාධිපතිවරයාත් එක්ක ඉන්නවා. ඔවුන් පිළිබඳව කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ.

Leave A Reply

Your email address will not be published.