පැණිබීම බෝතල්වල අඩංගු සීනි මට්ටම පිළිබඳ ජනතාවට දැනගැනීම සඳහා බෝතල් මූඩිය වර්ණගැන්වීමේ නීතිය ක්‍රියාත්මක වන අතර එම නියෝගය කඩකරන වෙළෙඳසැල් වැටලීම් කටයුතු අද (02) සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව මිලිලීටර් 100 ට සීනි ග්‍රෑම් 11 ට වැඩි බීම බෝතල් මූඩිය රතු වර්ණයෙන්, ග්‍රෑම් 02 – 11 ත් අතර සීනි ප්‍රමාණ ඇති බීම බෝතල් මූඩිය කහ වර්ණයෙන් හා ග්‍රෑම් 02කට වඩා අඩු සීනි සහිත බීම බෝතල් මූඩිය කොළ වර්ණයෙන් ද සමන්විත විය යුතුය.
1980 අංක 26 දරණ ආහාර පනතට අනුව බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝගය ක්‍රියාත්මක වේ.