ඉතා කඩිනමින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසූ බව වාර්තා වේ. මේ වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතින බව කවුරුත් දන්නා බවත් එබැවින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන්, ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ඊළග සටනට සැරසෙන්නේද යන්න, මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදි ඔහු පවසා ඇත්තේ, ‘අපි හැමදාමත් රට වෙනුවෙන් සටන් කළ අය බවත්, අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක්‘ බවත්ය.