ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් පිරිසක් බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් විරෝධතාවයක නිරත වී ඇත.
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබදව මීට පෙර අවස්ථා රැසකදී වාර්තා වූ අතර ගණුදෙනුකරුවන් එම මුල්‍ය ආයතනයට පැමිණි සෑම අවස්ථාවකම ඔවුන් මඟ හර සිටීමට ඊ.ටී.අයි මුල්‍ය ආයතනයේ බලධාරීන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත වූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පසුව පාගමනින් විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වී ඇති අතර, එහිදී විරෝධතාකරුවන් දෙදෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු හමුවී සංදේශයක් භාර දීමට අවස්ථාව ලබා දුන් බවත්, ඊ.ටී.අයි ගණුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් පවතින බවත් සඳහන් වේ.