ඊයේ රාත්‍රියේදී රත්මලානේදී සිදුවූ වෙඩි තැබීම්කින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මියගොස් ඇත.
සිය මිදුලේ වාඩිවී පිරිසක් සමඟ කතා කරමින් සිටියදී මෙම නාගරික මන්ත්‍රීවරයාට වෙඩි ඇති බවත් ඔහුට වෙඩි ප්‍රහාර දොළහක් එල්ල වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.