topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉඩම බැසිල්ගේ, නැකත් පුෂ්පාට උවමනා විදිහට.රාජපක්ෂ පවුලට නැකතත් නිකං -සුමනදාස උසාවියේදී හෙළි කරයි.

Basil_Rajapaksha

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්‌කර 16 ක ඉඩමක්‌ මිලට ගෙන එහි නිවසක්‌ සහ පිහිනුම් තටාකයක්‌ ඉදිකර සත්ව ගොවිපළක්‌ පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර  ඉදිරියේදී පසුගියදා විභාගයට ගනු ලැබිය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ  පැමිණිල්ල මෙහෙයවමින් එම නඩුවේ සාක්‍ෂිකරුවකු වූ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගෙන් සාක්‍ෂි විමසීම ආරම්භ කළේ. එහිදී සුමනදාස අබේගුණවර්ධන  සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.

1996 වර්ෂයේ සිට මා ජ්‍යෝතිෂවේදී වෘත්තියේ යෙදෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ඉල්ලීමකට අනුව මා 2013 වර්ෂයේ පෙබරවාරි මස දිනක මල්වානේ පිහිටි අක්‌කර 15 ක්‌ හෝ 16 ක්‌ විශාල වූ ඉඩමට ගියා. එහි නිවසක්‌ ඉදිකිරීමට පෙර එදින එම ඉඩම මා ජ්‍යෝතිෂයට අනුව ආරක්‍ෂා කළා. එහි නිවසක්‌ සෑදීම සඳහා අවශ්‍ය සියලු නැකැත් මා විසින් සකසා දෙනු ලැබුවා. මා රාජපක්‍ෂ පවුලෙන් මුදල් අයකරන්නේ නැති නිසා මා මුදල් ලබා ගත්තේ නැහැ. 2015 වර්ෂයේ ජුලි මාසයේදී කොළඹ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දැනුම්දීම අනුව මල්වානේ ඉඩමට ගියා. එම ඉඩමේ සුවිසල් නිවසක්‌ ඉදිකර තිබීම සම්බන්ධව මා සතුටට පත්වූවා. මා එසේ සතුටට පත්වූයේ එම නිවස සෑදීමට අවශ්‍ය නැකැත් සාදා දුන් නිසයි.

ර.නි.සො. ජෙනරාල් – ඉඩමට යන විට පොලිස්‌ නිලධාරීන්ට අමතරව වෙන කවුද හිටියේ?

සාක්‍ෂිකරු – උපුල් කුමාර රාමවික්‍රම තවත් කිහිප දෙනකු සමඟ ඉඩමට ආවා. රාමවික්‍රම සමඟ ඉඩමේ පැයක්‌ විතර ඇවිද්දා? රාමවික්‍රම ඇතුළු පිරිස ඉඩම ආරක්‍ෂා කරන්න අවශ්‍ය වළවල් හෑරීම සිදුකළා.

ර.නි.සො. ජෙනරාල් – 2013 වර්ෂයේදී බැසිල් රාජපක්‍ෂ මහතා ඇමැති ධුරයක්‌ දැරුවාද? එම ඇමැති ධුරය කුමක්‌ද?

සාක්‍ෂිකරු – ඔව්. බැසිල් රාජපක්‍ෂ මහතා එවකට ආර්ථික සංවර්ධන ඇමැති ලෙස කටයුතු කළා.

ර.නි.සො. ජෙනරාල් – ඔය බැසිල් රාජපක්‍ෂ කියන කෙනා අද මේ අධිකරණයේ සිටිනවාද? එසේ නම් පෙන්වන්න.

සාක්‍ෂිකරු – ඔව්. (විත්ති කූඩුවේ සිටින පළමු විත්තිකරු වූ බැසිල් රාජපක්‍ෂ මහතාව පෙන්වා සිටියි.)

ර.නි.සො. ජෙනරාල් – ඔබ කිව්වා මල්වාන ඉඩම ආරක්‍ෂා කළායින් පසු එහි නිවසක්‌ හදන්න නැකත්පත් සකස්‌ කළා කියා. ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ දැනුම් දීම මත එම ඉඩමට ගියාම එහි ඉදිකර තිබෙන නිවස දුටුවාම සතුටු වුණා කියා. ඇයි ඔබ සතුටු වුණේ.

සාක්‍ෂිකරු – එම ඉඩම ආරක්‍ෂා කළායින් පසු පුෂ්පා රාජපක්‍ෂ මහත්මියගේ ඉල්ලීම මත එම ඉඩමේ නිවසක්‌ හදන්න මා නැකත් සකස්‌ කළා. පොදු නැකතක්‌ මා සූදානම් කළේ. එම ඉඩමේ නිවස හදන්න, අත්තිවාරම් කපන්න, මුල්ගල තියන්න, උළුවහු තියන්න, වහළයේ වැඩ අරඹන්න මා නැකත් සකස්‌ කර ඊමේල් මගින් ලබා දුන්නා.

එම ඉඩම අක්‌කර 15 ක්‌ හෝ 16 ක්‌ පමණ වූ කැලෑ ඉඩමක්‌. එක මායිමකින් කැලණි ගඟ ගලා යන නිසා සුන්දරයි. එම කැලෑව පිරුණු ඉඩමේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක්‌ ලස්‌සන ගෙයක්‌ හැදුවේ මගේ නැකත් වලින් ආරම්භය කරපු නිසා සතුටට පත්වුණා.

ර.නි.සො. ජෙනරාල් – ඔබ දෙවැනි විත්තිකරුව දන්නවාද?

සාක්‍ෂිකරු – ඔව්. නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා.

ර.නි.සො. ජෙනරාල් – මල්වාන ඉඩම ගැන හෝ එහි නිවසක්‌ සෑදීම සම්බන්ධයෙන් දෙවැනි විත්තිකරු හෝ නිරූපමා රාජපක්‍ෂ යන අය ඔබ සමඟ කතා කර තිබෙනවාද?

සාක්‍ෂිකරු – නැත.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ සාක්‍ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වූ තිරුකුමාරන් නඩේසන්  වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ ගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුමනදාස අබේගුණවර්ධන  පවසා සිටියේ නිරූපමා රාජපක්‍ෂ ගේ  සැමියා වන දෙවැනි විත්තිකරු මල්වාන ඉඩම හෝ එහි නිවසක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිවක්‌ කතා නොකළ බවයි.

එම සාක්‍ෂි විභාගය අවසන් කළ අතර ජුනි 22 නැවත නඩු විභාගයට ගැනීමට නියම කෙරුණි.

Leave A Reply

Your email address will not be published.