topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන අවශ්‍යතා සඳහා දැයේ දරුවන්ගේ අනාගතය බිලි ගැනීමට උත්සාහ දැරීම රටේ අවාසනාවක් – අධ්‍යාපන ඇමති.

Akila_Viraj_Minister

ඇතැම් බංකොලොත් දේශපාලනඥයින් තම දේශපාලන අවශ්‍යතා සඳහා දැයේ දරුවන්ගේ අනාගතය බිලි ගැනීමට උත්සාහ දැරීම රටේ අවාසනාවක් බවත්,  ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් හා මහා සංඝරත්නය පවා කරුණු හරි හැටි නොදැන ප්‍රකාශ සිදු කිරීම කණගාටුදායක තත්වයක් බව පවසමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්,

අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රකාශ පිළිකුලෙන් යුක්තව හෙලා දකිමි. එමෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමඟ දේශපාලනය පටලවා ගනිමින් ඇතැම් කණ්ඩායම් සිදුකරන සිදුකරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් මගින් රටේ ඇතැම් ජනතාව පමණක් නොව ඇතැම් විට මහා සංඝරත්නය ද නොමග යවා ඇති අයුරු මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තාවලින් පෙනෙන්නට තිබේ.

රටේ අධ්‍යාපනය සමග පටු බලලෝභී දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සිදු කරන මෙවැනි පහත් දේශපාලන භාවිතයන් අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ඔවුන් මේ සිදුකරන්නේ තම දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අභියෝගයට ලක් කිරීමයි.

මෙම තත්වය මත මෙහි ඇති සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව වැනි විෂයන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය විසින් ගෙන නොමැත. මේ පිළිබඳව සමාජය තුළ සංවාදයක් ගොඩ නැගෙන්නේ ජාතික අධ්‍යාපන කොමිසන් සභාව විසින් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව හේතුවෙනි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, මෙරට  විෂයමාලා සම්පාදනය සිදු කරන ජාතික අධ්‍යාපන ආයතනයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෘජුව සම්බන්ධ ආයතනයක් නොවේ.

එය රටේ ජනාධිපතිවරයාට අධ්‍යාපන පද්ධතියේ සිදු විය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා 1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිසන් සභා පනත යටතේ පිහිටුවන ලද ආයතනයකි. ඒ අනුව ප්‍රශ්නගත ඉතිහාස විෂය ඉවත්කර ඇති බවට ඇතැමුන් විසින් ප්‍රකාශ කරන යෝජනා ඇතුළත් ඉතිහාසය විෂයය යනුවෙන් නම සඳහන් නොවන හර විෂය 6 ක් ඇතුළත් යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයෙහි, එනම් 2013 වසරේදී පත් කරන ලද කමිටුවක් විසිනි. කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා යෝජනා යන මැයෙන් 2016 වසරේ දී මුද්‍රණය කොට 2017 වසරේ ජනවාරි මාසයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ. කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමක් හෝ ඒ පිළිබඳ තීරණයක් ජාතික අධ්‍යාපන ආයතනය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ දක්වා ගෙන නොමැති බව ද දන්වනු කැමැත්තෙමි. කෙසේ වෙතත් අදාළ යෝජනාවේ පවා ඉතිහාසය විෂය ඉවත්කිරීමක් සිදුකර නොතිබුණු අතර පුරවැසි අධ්‍යාපනය, ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස විෂයක් යෝජනා කර තිබුණි. මෙවැනි කරුණු දඩමීමා කරගනිමින් සමාජ සංවේදී ජාතිකත්වය සහ ආගමික හැඟීම් අවුස්සන ආකාරයෙන් රටේ අධ්‍යාපනයේ කරුණු විකෘති කරමින් ඇතැම් කණ්ඩායම් ගෙන යන කරුණු දැක්වීම් කණගාටුදායක ය. ඇතැම් විටක කරුණු හරිහැටි සොයා නොබලා මහා සංඝරත්නය පවා ඇතැම් කණ්ඩායම් විසින් ගෙනයන මෙවැනි අසත්‍ය ප්‍රකාශයන්ගේ සමාජ වාහකයින් බවට පත් වීම අභාග්‍ය සම්පන්න තත්වයකි.

මේ වන විට පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවෙන්නේ 2015 වසරේ සිට ක්‍රියාත්මක විෂයමාලා චක්‍රයට අදාළ විෂයන් ය. ඒ අනුව ඉතිහාසය, ආගම, භාෂාව ආදී විෂයන් හර විෂයන් ලෙස ක්‍රියාත්මකවීම සිදු වේ. මීට අමතරව අධ්‍යාපනය තුළ නූතනත්වයට ගැළපෙන නව ලොව ජය ගත හැකි ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ද ජාතික අධ්‍යාපන ආයතනය මූලික කරගනිමින් පිහිටුවීමට ද විෂය භාර අමාත්‍යවරයා ලෙස මා උපදෙස් ලබා දී ඇත. ඔවුන් විසින් 8ක් ලෙස පවතින සාමාන්‍ය පෙළ හර විෂයන් සංඛ්‍යාව 6 දක්වා අඩු කිරීමට සාකච්ඡා කරමින් සිටින අතර, එහිදී කිසිදු ලෙසකින් ඉතිහාසය, ආගම, භාෂාව වැනි විෂයන් ඉවත් කිරීමක් සිදු නොවන බව ද ඔවුන් මා වෙත දැනුම් දී තිබේ. ජාතියක සහ රටක අනන්‍යතාව ඉතිහාසය හා භාෂාව මත ගොඩනැංවෙන බව අප හොඳින් ම දන්නා කරුණකි. එය බංකොලොත් දේශපාලනඥයින් විසින් අමුතුවෙන් අපට කියා දිය යුතු ද නැත. ජාතිය සහ ආගම වැනි සමාජ සංවේදී කරුණු විකෘති කරමින් ජනතාව තුළ රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීම සඳහා රටේ අධ්‍යාපනය ද නිර්ලජ්ජිත ලෙස යොදාගැනීමට තරම් මොවුන්ගේ දේශපාලනය බංකොලොත්වී ඇති බව මෙවැනි සිදුවීම් හරහා ප්‍රදර්ශනය වේ.

අධ්‍යාපනය තුළ සිදුවිය යුතු වෙනස්කමක් වේ නම් එය වහා සිදු කළ යුතු ය. කාලය වේගයෙන් දිව යයි. අද පාසලට ඇතුළත්වන දරුවන් තවත් වසර 13 කින් පාසලින් පිට වන විට පවත්නා සමාජ වටපිටාව පිළිබඳ පුරෝකථනයන් සිදුකරමින්  අධ්‍යාපනයේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම ජාතික වගකීමකි. සම්ප්‍රදාය සුරකිමින්, ප්‍රායෝගිකත්වයට ගැළපෙන අධ්‍යාපනයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් ද වන අතර එය දේශපාලනඥයින්ගේ කටයුත්තක් නොවන බවත් අධ්‍යාපනඥයින්ගේ කටයුත්තක් බවත් වගකීමෙන් යුක්තව අවධාරණය කරනු කැමැත්තෙමි. කරුණු දැනදැනත් තත්වය විකෘති කරමින් තම බංකොලොත් බලලෝභී දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ ජනතාව පමණක් නොව මහා සංඝරත්නය නොමඟ යැවීමට ඇතැමුන් ගෙන යන උත්සාහයන්  අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා පිළිකුළෙන් හෙළා දකින අතර ඉතිහාසය, ආගම, භාෂාව වැනි කිසිදු විෂයක් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් හෝ වෙනත් කිසිදු විෂය නිර්දේශයකින් ඉවත් කිරීමේ සූදානමක් නොමැති බව ද වගකීමෙන් යුක්තව සඳහන් කරමි.

Leave A Reply

Your email address will not be published.