topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විජයකලා මහේෂ්වරම්ට එරෙහි වීම හා සිංහල ස්වෝත්තමවාදී ෆැෂිස්ට් නඩ සමග සිට ගැනීම.

vijekala-maheshwaran

පසු ගිය දින දකුණේ සිංහල ස්වෝත්තමවාදී ෆැෂිස්ට් නඩවල දැඩි බලපෑම මත වනිතා හා ළමා කටයුතු ඇමතිනී විජයකළා මහේෂ්වරම් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුවාය. මහේෂ්වර්ම්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුයෙන්  ද ඉවත් කිරීමට සිංහල ස්වෝත්තමවාදි ෆැෂිස්ට් නඩ පිඹුරුපත් සකස් කරමින් සිටි.    

“උතුරේ – නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව ජීවත්වීමට  නම් එල්.ටි.ටි.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට” ඇය කළ ප්‍රකාශය ඊට ආසන්නම හේතු වීය. ඇය ඉහත අන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ යාපනේ වීරසිංහම් ශාලාවේ පසු ගිය දා පැවති ජනාධිපති ජනතා සේවය වැඩසටහනට එක්වෙමින්ය.  

මහේෂ්වරම්ගේ ප්‍රකාශයත් සමග කුලප්පු වූ උමතු සිංහල ස්වෝත්තමවාදී ෆැෂිස්ට් කල්ලි ඇයව මන්ත්‍රි පදවි‍යෙන් නෙරපා දඩුකදේ ගසන්නැයි ඊනියා යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මෙම උමතු ෆැෂිස්ට් කල්ලි වල තර්ජනවලට යට වු එක්සත් ජාතික පක්ෂය මහේෂ්වරම් ඉහතින් ප්‍රකාශ කළ මතය තම පක්ෂයේ මතය නොවන බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවිය යුතු යැයි කියා මිලේච්ජ ත්‍රස්වාදීන්ට උඩගෙඩි දෙන මහේෂ්වරම්, මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීම සදහා අත්දෙකම ඔසවා සහයෝගය දෙන බවත් එම පක්ෂයේ මන්ත්‍රිවරු  ප්‍රකාශ කිරීම සිංහල ස්වෝත්තමවාදීන් ඇයට එරෙහිව ගෙන යන දෙමළ විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෘග ව්‍යාපාරය සමග අත්වැල් බැද ගැනිමකි.

මහේෂ්වරම් එක්සත් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකි.  ඇය පාර්ලිමේන්තුවට තේරි පත් වුයේ, උතුරේ ජනතාවගේ ඡන්දයෙනි.

මහේෂ්වරම්ට අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් ලියා පල කිරීමට  අයිතියක් ඇත. එම අයිතිය  ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ද  තහවුරු කර ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඊනියා  නව ලිබර්ල් මහත්වරු මහේෂ්වරම්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා උගසට තබා ඇත්තේ, දකුණේ සිංහල බෞද්ධ ජන්දදාකයින් මුලාකර තබා ගැනීමටය.

මහේෂ්වරම් ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවත් තීව්‍ර වී ඇත. එම පක්ෂය තුල සිටින රනිල් විරෝධීන් මහේෂ්වරම් යු.එන්.පි. සමාජිකත්වයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් කරන්නැයි රනිල්ට පිඩනය දමති.  

ජාතීන් අතර සමානාත්මතාවය, බලය බෙදීම සහ පොලිස් බලතල ගැන කතා කළ ඊනියා ප්‍රගතිශිලීන් මහේෂ්වරම්ගේ ප්‍රකාශය හෙළා දැක, ඇයට සමාව ගන්නැයි ගෝරනාඩු කරති.

මහේෂ්වරම්ට අදහස් ප්‍රකාශ කිරීමට සහ ඒ වෙනුවෙන් සංවිධානය වීමටත් ඇති අයිතිය පිළිගන්නා අතර අවශ්‍යයම නම් ඒ වෙනුවෙන් සටන්වැදීමට අපි පසු බට නොවෙමු. නමුත් උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථීක, දේශපාලන ප්‍රශ්න වලට එකම විසදුම නැවත දෙමළ විමුක්ති කොටි සංවිධානය ගෙන එම යැයි මහේෂ්වරම් කියන්නේ නම් අපි එම අදහස පිළිගන්නේ නැත. ඒ වගේම  ඊනියා යහපාලන ආණ්ඩුවට ද සිංහල, දෙමළ සහ මුස්ලිම් කම්කරු පීඩිතයින් ගේ සමාජ, ආර්ථීක සහ දේශපාලන ප්‍රශ්නවලට විසදුම් ඇතැයි අප විශ්වාස නොකරමු.

2009 මැයි 18 දා දෙමළ විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට පෙර එම සංවිධානයේ පාලනය යටතේ පැවැති පළාත් වල මත්ද්‍රව්‍ය හෝ ගණිකාවෝ හෝ පාතාල කණ්ඩායම් තිබුනේ නැහැ. අද වගේ එදා ගැහැනු දරුවන් දුෂණය කර මරා නොදැමු බවත් දෙමළ ජනතාවට නිසි ආරක්ෂාවක් තිබුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  තමන්ගෙ පක්ෂය වර්ධනය කිරීමේ උත්සහයක පමණක් නිරතව සිටිනවා.  උතුරේ ජිවත් වන මිනිස්සු වෙනුවෙන් කිසිදු විසදුමක් සොයන්නට ඔහු උත්සහ කරන්නේ නැහැ. දෙමළ ජනතාව බේරාගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇතැයි, මහේෂ්වරම් පැවැසු බව මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.

ජනාධිපති සිරිසේනටත් යහපාලන ආණ්ඩුවටත් උතුරේ කම්කරු පීඩිතයින් මුහුණ දෙන දැවෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නවලට විසදුම් නැතැයි මහේෂ්වරම් විලාප නගන්නේ, එම දේශපාලන සංස්ථාපිතයේ කෙටස්කාරියක්ව සිටිමින්ය.

2015 ජනවාරි 08 වෙනිදා රාජපක්ෂ රේජිමය පරාජය කර, මෙමත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත් කර ගත්තේය. රාපක්ෂ රෙජීමය පරාජය කිරීමේ සටනේ තිරණාත්මක සාධකය බවට පත් වන්නේ  උතුරු – නැනෙහිර දෙමළ ජනතාවයි. රාජපක්ෂලා වෙනුවට මෛති‍්‍ර – රනිල් හවුල බලයට ගෙන එමෙන් දෙමළ ජනතාව තමන් මුහුණ දෙන  සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නවලට විසදුම් ඇතැයි මහේෂ්වරම්ලා ඔවුන් මුලා කළහ.

ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ගෙන එම සදහා සහයෝගය දුන්, සිංහල, දෙමළ සහ මුස්ලිම් කම්කරු පිඩිතයින් අද ආණ්ඩුවෙන් ඇත්වෙමින් ඇත.  මහේෂ්වරම් එල්.ටි.ටි.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු යැයි පවසන්නේ යහපාලන ආණ්ඩුවෙන් ඇත්වන දෙමළ ජනතාව තමන් වටා රැලි කර ගැනීමටය. මහේෂ්වරම්ගේ ප්‍රකාශයේ ඊට වඩා බැරැරුම් යමක් එහි ගැබ් වී නොමැත. නමුත් මහේෂ්වරම්ගේ ප්‍රකාශය ඌරෝ කැකුළු තනනවිට දකුණේ හබන් කුකුළන්ට රජමගුල්ය.

මහේෂ්වරම්ගේ ප්‍රකාශය අල්ලා ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ඇයට පාර්ලිමේන්තුවට එමට ඉඩ නොදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුව වර්ජනය කළහ. මහේෂ්වරම්ගේ මන්ත්‍රි ධුරය පමනක් නොව ප්‍රජා අයිතිය ද අහෝසි කරන්නැයි ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලති.

ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයැයි කියන කොට පාර්ලිමේන්තුව වර්ජනය කළේ නැත.

පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභ රාජපක්ෂගේ නිවසේ පැවති උත්සවයකදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි  භික්ෂුව “හිටිලර් කෙනෙක් වෙලා හෝ මිලිටරි පාලනයක් ගෙනවිත් හෝ රට හදන ලෙසට රාජපක්ෂගෙන් ඉල්ලා සිටියහ.’’

ඉහත ප්‍රකාශ සිදු කරන්නේ, ගෞතම බුදුන්ගේ අනුගාමියකු වන වෙඩරුවේ උපාලි භික්ෂුවයි.  භික්ෂු ප්‍රජාව හෝ බෞද්ධ ජනතාව උපාලි භික්ෂුවගේ ප්‍රකාශයට එරෙහිව මහපාරට හෝ වටරවුම්වලට පැමිණියේ නැත. බෞද්ධ සංස්ථාපිතය  ඉල්ලා සිටින්නේ හිට්ලර් පන්නයේ ඒකාධිපති පාලනයකි. එම ප්‍රකාශය භික්ෂු ප්‍රජාව මුහුණ දී ඇති අර්බුදය එළිමහනට පැමිණ ඇත. වෙඩරුවේ උපාලි භික්ෂුවට හිට්ලර් කෙනෙක් ඉල්ලා සිටිමට අයිතියක් ඇත. නමුත් මහේෂ්වරම්ට එල්.ටි.ටි.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු යයි කියන්නට අයිතියක් නැත.

2005 හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂව ජනාධිපති කරවීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානයට සන්තෝසම් වශයෙන් මිලියන (500) පන්සීයක් මුදලක් ලබා දී ඇත. මහේෂ්වරම් එල්.ටි.ටි.ඊ. සංවිධානය නැවත හිස එසවිය යුතුයයි පැවසීම, රට බෙදන සහ බෙදුම්වාදී මිලේච්ජ ත්‍රස්තයන්ට උඩගෙඩි දීමක් බව රාජපක්ෂලා‍ගෙන් වැටෙන ඉදුල් ඇහිදන් කන බත්බැලයෝ පවසති.  නමුත් රාජපක්ෂලා එල්.ටි.ටි.ඊ. සංවිධානයට මුදල් දීම ගැන ඔවුන්ට වගේ වගක් නැත.

ඉහත ගනුදෙනුව සම්බන්ධයෙන්  2015 දෙසැම්බර් 06 වෙනිදා සත්හඩ පුවත්පතට ලියුම්කරු විසින්  ’’රාජපක්ෂ රේජීමයේ සහ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පෙම්කෙළිය හෙළිකරන රාඩා සොලිය’’ නමින් සම්පුර්න හෙළිදරව්වක් කරන ලදී.

2015 ජනවාරි 08 වෙනිදා බලය අහිමි වු  රාජපක්ෂලා සිංහල දෙමළ සහ මුස්ලිම් කම්කරු පිඩිතයන් අතර වර්ගවාදය අවුළුවා බොරදියේ මාළු බෑමට සැරසෙති.

පසුගිය දා මහනුවර දිගන මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙන ගිය වර්ගවාදී ප්‍රකෝපකරනය පිටුපස සිටියේ ද රාජපක්ෂලා විසින් නඩත්තු කර උසිගන්වන ලද  සිංහල ස්වෝත්තමවාදී ෆැෂිස්ට් නඩය, නැවත බලය කොල්ලකැම සදහා ඉව අල්ලන රාජපක්ෂලාට මහේෂ්වරම්ගේ ප්‍රකාශය පිත්තටම ලැබුණු පුල්ටොස් පන්දුවකි.

– ශාන්ත විජේසුරිය

 

Leave A Reply

Your email address will not be published.