topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාව මුහුණ දී ඇති සියලු උවදුරුවලින් මුදවා ගැනීමේ අභියෝගය අපි හමුවේ -ජවිපෙ නායක අනුර දිසානායක.

 

Anura -Disanayaka

අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අසරණභාවයෙන් මුදවා ගැනීමේ අභියෝගය අපිට තිබෙනවා. එම අභියෝගයට පළමු පියවර අද ජාතික විද්වත් සංවිධානය විසින් තබා තිබෙනවා. මෙය සහතික වශයෙන්ම ජයග්‍රහණයෙන්ම කෙළවර කළයුතු පියවරක්. අද සමාජයේ බිඳවැටීමක් තිබෙනවා, කළකිරීමක් තිබෙනවා. විශාල පිරිසක් තම හදවත කම්පනයෙන් පුරවාගෙන නිහඬව ඉන්නවා. තවත් පිරිසක් අයුක්තියට, අසාධාරණයට එරෙහිව හඬ නගනවා. අද පොදු ජනතාවගේ හදවත යුක්තිය ඉල්ලා කරන කෑගැසීමක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියා  සිටියි . ඔහු  මෙසේ  කියා  සිටියේ  බව ජාතික විද්වත් සංවිධානය විසින් මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වූ ජාතික විද්වත් කතිකාවේදී අදහස  දක්වමිනි . එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායකයන් මෙසේද පැවසිය.

යුක්තිය, සමානාත්මතාවය හා නිදහස මේ යුගයේ ධර්මතාවයයි. ඉන් බැහැරව කිසිදු මානුෂීය හෝ අධ්‍යාත්මික ගුණයක් පැවතිය නොහැකියි. එනිසා මෙම කොදෙව්ව යුක්තියේ, සමානාත්මතාවයේ සහ නිදහසේ කුළුණු මත නැවත ස්ථාපිත කළ යුතුව තිබෙනවා. ඔබ අප බාරගනු ලබන්නේ එම අත්නොහළ හැකි කාර්යභාරයයි. අපේ රට ආර්ථික වශයෙන් දැවැන්ත බෙළහීනතාවකට පත්වෙලා. එම ආර්ථිකය යළි ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. ආර්ථිකයේ වර්ධනයක් අත්කරගත යුත්තේ එහි ප්‍රතිඵල අපගේ පරමාර්ථ සඳහා යන ගමනේ වැදගත් සාධකයක් වන නිසයි. ආර්ථිකයේ යුක්තිය, ආර්ථිකයේ සමානාත්මය, ආර්ථිකයේ නිදහස අපි කැඳවා ගැනෙන්නේ කොහොමද? අද ග්‍රාමීය ජනතාවගෙන් විශාල පංගුවක් ආර්ථිකයේ මිනිස් දුහුවිළි බවට පත්කොට තිබෙනවා. ජාතික ධනය පහළම 10%ට ලැබෙන්නේ 1.1%යි. ඉන් ඉහළම 10% ජාතික ධනයෙන් 38.4%ක් බුක්ති විඳිනවා. ආර්ථිකයේ සාධාරණ පංගුව පහළ ග්‍රාමීය ජනතාව වෙත ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඩොලර් 4300 වුවත් ජනගහනයෙන් 42%ක දෛනික ආදායම ඩොලර් 2ට අඩුයි. එමනිසා ආර්ථික දේහයට සාධාරණත්වය කැඳවාගෙන ආ යුතු නැද්ද? ඒ වගේම ජනතාව දැවැන්ත ණයගැතිභාවයක හිරකොට තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම සියදිවි නසාගැනීම ණයගැතිභාවය නිසා බවට වාර්තා වෙනවා. මෙම ජනතාව ණයගැතිභාවයෙන් මුදවා ගන්නේ කොහොමද? නිවාසවලින් 10%ක් වර්ග අඩි 250ට වඩා අඩුයි. එවැනි ගෙයක පවුලක් ජීවිතය ගත කරන්නේ කොහොමද? සෞඛ්‍ය අනාරක්‍ෂිතභාවයට පත්වෙලා. එනිසා ආර්ථිකයේ සාධාරණත්වයේ දිශාවට නගා සිටුවිය යුතුව තිබෙනවා. අපේ සමාජයේ ඛේදවාචයකට ලක්වෙලා. සියදිවි නසාගැනීමේදී ලෝකයේ හතරවැනි ස්ථානය ලංකාවට. 2017 වසරේදී පමණක් සියදිවි හානිකරගැනීම් 3363ක්. වාහන අනතුරු 2015 වසරේ 38107යි. රු. 25,000ට වැඩි මංකොල්ල කෑම් 2017 වසරේ 4000ක් සිදුව තිබෙනවා. අවුරුදු 20ට වඩා අඩු දරුවන් එක්දාස් තුන්සිය ගණනක් කවර හෝ ලිංගික අපහරණයකට ලක්වී තිබෙනවා. කුමණ හෝ අනතුරකට පත්විය හැකි භයානක තත්වයක අපි අද ජීවත් වෙමින් තිබෙනවා. එය වෙනස්කළ යුතු නැද්ද? සමාජ ජීවිතය පුළුල් පරිවර්තනයකට ලක්කළ යුතුව තිබෙනවා. අපේ රටේ පාලන ක්‍රමය පෞද්ගලික සුඛ විහරණයට වෙන්වී තිබෙනවා. ජනතාවන්ගේ වුවමනාවන් හා ගැට ගැසුණු පාලනයක් නොවෙයි. ඒ නිසා අප නව පාලනයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. පොදු ජනතාවගේ වුවමනාවන්, අභිලාෂයන් සර්ව සම්පූර්ණ ලෙස සමපාත වන පාලනයක් ගොඩනැගිය යුතු වෙනවා. අපි ගොඩනැගිය යුතු වන්නේ පොදු ජනයාගේ සහභාගිත්වයෙන් පාලනය කරන යුගයක්. අපේ ආනයන අපනයන වෙළඳපොළේ විශාල කඩාවැටීමක් තිබෙනවා. ආනයන සඳහා අපිට ඩොලර් බිලියන 21ක් වැය වෙනවා. අපනයනයෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 11යි. 100%ක වෙළඳ පරතරයක් තිබෙන රාජ්‍යයක්. වෙළඳ හිගය සපුරාගත යුතුව තිබෙනවා. එය අපේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව විසින් විසඳිය යුතුව තිබෙනවා. එමෙන්ම අපනයන ආදායම ඉහළ නංවා ගත යුතුව තිබෙනවා. සාම්ප්‍රදායික භාණ්ඩ අපනයනයෙන් මිදිය යුතුයි. ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ වෙළඳාම සඳහා ඇති ඉඩ අප හට ඇහිරෙමින් තිබෙනවා. ඒ වගේම අපිට විශාල වෙළඳ සම්පත් ප්‍රමාණයක් නැහැ. ඒ වගේම අපේ රට අධික ජන ඝනත්වයක් තිබෙන රාජ්‍යයක්. නමුත් අපේ රටේ පිහිටීම අනුව වාසිසහගත තත්වයන් තිබෙනවා. කොළඹ වරාය ලෝකයේ වරායවල්වලිල් 26වැනි ස්ථානයේ තිබෙනවා. භාණ්ඩ හුවමාරුවේදී ලෝකයේ රටවල් අතර 12වැනි තැන අපි ඉන්නවා. ඒ අපේ රටේ පිහිටීම අනුවයි. ඒ වගේම අපේ රටේ මානව සම්පත් අපිට ඉතාම වාසිදායකයි. මේවා ප්‍රතිසංවිධානය කොට ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? කියන කාරණය හරියටම තේරුම් ගත යුතුයි.

ආර්ථික සංවර්ධනය අපේ පරමාර්ථය නෙවෙයි, හැබැයි අපේ පරමාර්ථ කරා ළඟා වීමේ මාර්ගය ආර්ථික සංවර්ධනයයි. ඉන් තොරව අපේ පරමාර්ථය වූ සංස්කෘතිත මිනිහෙක්, නිදහස් මිනිහෙක් අධ්‍යාපනය සහිත මිනිහෙක්, රසවින්දනයන් සහිත මිනිහෙක් වැනි කාරණාවලින් සමන්විත උසස් සංස්කෘතියක් සහිත සමාජයකට අපිට ලඟා වෙන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පරමාර්ථය ආර්ථික සංවර්ධනය නොවුණාට අපේ පරමාර්ථයන් කරා ලඟා වීමේ මාවත ආර්ථික සංවර්ධනයත් එක්ක ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ඒ අරඅමුණ වෙනුවෙන් වූ ප්‍රතිපත්ති සමුදායක් සකස් කිරීමේ අභියෝගය අපි සතුව තිබෙනවා. අපේ රටේ ඉතාම වැදගත් ක්‍ෂේත්‍රයක් ලෙස දියුණු වෙමින් තිබෙන ක්‍ෂේත්‍රයක් තමයි තොරතුරු තාක්‍ෂණික ක්‍ෂේත්‍රය. අපේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 05ක් දක්වා තොරතුරු තාක්‍ෂණික ක්‍ෂේත්‍රය වර්ධනය කළ හැකිව තිබෙනවා. ඒ සඳහා මානව සම්පත වර්ධනය කිරීම අප සතු කාර්යභාරයක්. අද අපේ රටේ ජනප්‍රියතම දේශපාලනය ජාතිවාදයයි. මුස්ලිම් ජනතාව අතර ජනප්‍රිය මුස්ලිම් ජාතිවාදයයි. දෙමළජනතාව අතර ජනප්‍රිය දෙමළ ජාතිවාදයයි. සිංහල ජනතාව අතර සිංහල ජාතිවාදයයි. අද අපේ රටේ සිංහල ජාතිවාදී චණ්ඩියෙක් ඉල්ලන දේශපාලනයක් තිබෙනවා. නමුත් එම දේශපාලනය අපේ රටට අත්කරගත හැකි ප්‍රතිඵලය කුමක්ද? එකිනෙකා අතර ඇනකොටා ගන්නා රාජ්‍යයක්, එකිනෙකා අතර සතුරුභාවය, සැකය, වෛරයෙන් ක්‍රෝධයෙන් එකිනෙකා දෙස බලන රාජ්‍යයක තිබෙන ඉදිරි ගමන කුමක්ද? අප හමුවේ තිබෙවන විශාලම අභියෝගය තමයි ජාතික සමගිය ගොඩනැගීම. එකිනෙකාගේ සංස්කෘතීන් ආරක්‍ෂා කර ගනිමින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ අභියෝගය තිබෙනවා. ජාතික සමගියේ දිශාවට අපේ රට පරිවර්තනය කළ යුතුව තිබෙනවා.

අද මිනිස් සමාජයේ සංකීර්ණ අවශ්‍යතාවයන් පරිපූර්ණ කිරීම සඳහා අපේ රටේ ආර්ථිකය විප්ලවීය පරිවර්තනයකට භාජනය කළ යුතුව තිබෙනවා. කඩා වැටුණු පැරණි යල් පැනගිය ආර්ථික ක්‍රමවේදය අපේ රටට කිසිදු ප්‍රතිලාභයක් ලඟා කරගන්න බැහැ. එමෙන්ම අපේ සමාජය විප්ලවීය පරිවර්තනයකට භාජනය කළ යුතුයි. එකිනෙකා අතර ඇනකොටා ගන්නා සමාජයකට ලාභ අපේක්‍ෂාවෙන් තම සියලු දෑ අයිස් වතුරේ ගිල්වා තැබීමට සූදානම් සමාජයකට ජයග්‍රහණ අත්කරගත හැකිද? එනිසා මේ සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමෙන් තොරව අපේ රටට අනාගතයක් අත්කරගත නොහැක. අද අපේ රටේ දේශපාලනයට රටට ජයග්‍රහණ දිනා දිය හැකිද? වංචාව, දූෂණය ඉහ වහා ගිය රාජ්‍ය ආයතන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය යොද ගන්නා දේශපාලනය කෙළවර වෙන්නේ කොතැනින්ද? අද වංචාව, දූෂණය සිදුවෙන්නේ රජ ගෙවල්වලයි. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා පසුගියදා කෝටි 2ක කප්පම් සිද්ධියකට හසු වුණා. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ගනුදෙනුවේ බ්‍රෝකර්වරයායි. ඔහු බ්‍රෝකර්වරයා ලෙස යවන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරයාට විතරයි. බැඳුම්කර ගනුදෙනුවේ සාකච්ඡා තිබෙන්නේ අරලිය ගහ මන්දිරය ඇතුළෙයි. එනිසා මේ දේශපාලනය ඉදිරියට ගමන් කිරීමෙන් අපේ රටට යහපතක් සිදුවේද? එනිසා මේ දේශපාලනය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීමට අපි සියලු දෙනා ඉදිරියට පැමිණිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුනේ අපිටත් සතුටක් තිබෙනවා. මඩ ගොහොරුවක් වී තිබෙන මේ දේශපාලනයේ අපි අපේ අනන්‍යතාවයන් අපේ යුක්තිසහගතභාවය, සාධාරණත්වය රැක ගැනීමට අපි සමත් වී තිබෙනවා. අද මේ එක්රැස්වී සිටින කණ්ඩායම් ආර්ථික වශයෙන් අසරණභාවයට පත්වී සිටින අය නොවෙයි. ඒ බලවේග එක්රැස්වී තිබෙන්නේ අසරණභාවයට පත්වී සිටින ජනතාව සහ රට ඉන් මුදවා ගැනීමටයි. එනිසා අපේ රට ආර්ථික, සමාජයීය, දේශපාලන විප්ලවයකින් තොරව ඉදිරි ගමනක් නැති බව සක් සුදක් සේ පැහැදිළියි.

ඒ නිසා අප ඉදිරියේ විශාල අභියෝගයක් තිබෙනවා.

අද ඒකාධිපති පාලනයක් ඉල්ලමින් තිබෙනවා. නමුත් ඒකාධිපතියන් ගොඩනගපු රාජ්‍යයෙන් ලෝකයේ කොහේවත් නැහැ. අප්‍රිකානු මහද්වීපයේ රටවල් 53න් රටවල් 35ක්ම ඒකාධිපති පාලනයන්. නමුත් ලෝකය පුරා ඒකාධිපති පාලකයන්ගේ අත්දැකීම් වන්නේ විනාශයන්. ඒකාධිපතිත්වය ඉල්ලීමෙන් මේ අරාජිකත්වයට අත්වී තිබෙන රාජ්‍යයට විනාශය ලඟා වෙනවා. ඒ වෙනුවට ජනතාවගේ පොදු අභිලාෂයන් සර්ව ප්‍රකාරයෙන් සමපාත වන පාලනයක් ගොඩනැගිය යුතුයි. අද අපි දහස් ගණනින් රැස්වී සිටියත් මිලියන ගණනක ජනතාව එළියේ ඉන්නවා. එම ජනතාව ඇහුම්කණ් දෙන්නේ අඩුවෙන්. ඇහුම්ක් දුන්නත් තේරුම් ගන්නේ අඩුවෙන්. ඒ නිසා ඒ දශ ලක්‍ෂ ගණන් ජනතාවට මේ පනිවුඩය ගෙන යන්නේ කොහොමද ?එය අප හමුවේ තිබෙන අභියෝගයක්.

අපි අද ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදන කමිටු ගොඩනැගුවා. ඉදිරි මාස හය තුළ එම ක්‍ෂේත්‍ර පිළිබඳව ගොඩනගන ප්‍රතිපත්ති පිළිබඳව විශාල සංවාදයක් කළ යුතුව තිබෙනවා. ඒ අනුව ලබන ජනවාරි මාසයේදී රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න අපි සූදානම් විය යුතුයි. වැඩපිළිවෙළ වගේම රට ගොඩනගන බලවේගය මේ වේදිකාවේ සංකේතාත්මකව පිළිබිඹු වෙනවා. එම බලවේගය ගොඩනගන්න අප සියලු දෙනා එක්වයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඒ සඳහා දේශපාලන පරිපාලනය ලබාදීමට සූදානම්. ජනතාවට පැවරී තිබෙනවා, ඉලක්කසහගතව ප්‍රතිඵල ලබාගැනීමේ දිශාවට මේ රට මෙහෙයවන්න. ඒ වගේම ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත්කරන්න ඕනෑ. එම පාලනය රට රකින පාලනයක් විය යුතුයි. රට රකිනවා කියන්නේ උතුරට එරෙහිව දකුණ පෙළ ගැස්වීම නොවෙයි. මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහල මිනිහා පෙළ ගැස්වීම නොවෙයි.

අපේ රට අද ආර්ථික අතින් බෙලහීනතාවයට පත්වෙලා. අද අපේ රටේ නායකයින් වෙනත් රටවල් විසින් මිලට ගන්න තත්වයට පත්වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීන සමාගමක් විසින් මිලදී අරගෙන තිබෙනවා. ඔහු එය ප්‍රතික්‍ෂේප කරලා නැහැ. අපි පාර්ලිමේන්තුවේදී හුවමාරු වුණ චෙක්පත් මුදල් මාරු කරපු පුද්ගලයින් මේ සියල්ල හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අද අපේ රට ස්වාධීන රටක් නොවෙයි. චීන සමාගමකට අපේ රටේ නායකයන් මිලට ගන්න පුළුවන් නම් අපේ රට ස්වාධීන රටක්ද? රටේ ජාතික සම්පත් රටේ වුවමනාවට මෙහෙයවනවා වෙනුවට බහුජාතික සමාගම්වලට අනුව හසුරුවන රාජ්‍යයක්. වෙළඳ ගිවිසුම්, බහුජාතික සමාගම්වල වුවමනාවට ගොඩනැගෙනවා. බදු පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු අනුව සකස් වෙනවා. ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් පරාධීන රාජ්‍යයකට නිදසක් කොහෙද? ඒ වගේම ව්‍යාජ දේශප්‍රේමය පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා නැවත අපේ රට ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරලයක් තිබෙනවා. අපි වැඩපිළිවෙළ හදමු. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බලවේගය හදමු. ඒ වගේම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය හැකි පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට එන්න කියලා ආරාධනය කරනවා.

Leave A Reply

Your email address will not be published.