topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්බර අඩවිය සංරක්‍ෂණයට ගත යුතු උපායමාර්ග හා රාජ්‍ය ඉඩම් බැංකු පනත පරාජය කිරීම.

Ududumbara

දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ පිහිටි ඉඩම් වැවිලි නොවන විවිධ ව්‍යාපෘති වලට ලබාදෙමින් සිදු කරන ඉඩම් කොල්ලය පිළිබඳව අප විසින් පසුගිය දිනවල අනාවරණය කළෙමු. ඉන් පසුව දුම්බර අඩවිය ආරක්‍ෂා කළ යුතු ආකාරය පිළිබඳ ව සමාජය තුළ කථිකාවතක් ඇති විය. නමුත් මෙම ඉඩම් කොල්ලය නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයට අයත් ඉඩම් තුළ සිදු නොවන නිසා සමහරුන්ගේ අදහස වුයේ ඊට ගත යුතු පියවරක් නොමැති බව ය.

එහෙත් දුම්බර අඩවියේ නකල්ස් සංරක්‍ෂිත වනාන්තරය ලෙස හැඳින්වෙන නීතියෙන් ආරක්‍ෂා කළ ප‍්‍රදේශය වටා පිහිටි ඉඩම්, වැවිලි නොවන භාවිතාවන්ට ලබා දීම තුළින් සංරක්‍ෂිත වනාන්තරයේ ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට හා ජල පෝෂකවල පැවැත්මට සිදු වන බලපෑම ඉතා අධික බව ඔවුන් තේරුම් නොගැනීම ප‍්‍රධාන ගැටලූවකි. එපමණක් නොව නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයට පවරා දීමට නියමිත ව ඇති ඒ වටා පිහිටි වනාන්තර වලට සිදු වන බලපෑම පිළිබඳ ව අවබෝධයකින් තොර ව රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම් වෙනත් භාවිතාවන්ට ලබා දීමට එරෙහි ව අපට කළ හැකි දෙයක් නොමැති බව සඳහන් කරමින් මෙම බලපෑම් ක‍්‍රියාවලිය වෙනත් මාවතකට යොමු කිරීමට තවත් කණ්ඩායමක් උත්සාහ දරති. ඔවුන්ට අවශ්‍ය වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පැවරීමට යෝජිත ව ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර පැවරීමේ කි‍්‍රයාවලිය මන්දගාමී කර එම වනාන්තර වෙනත් භාවිතාවන් සදහා යොදා ගැනීමට ය.

ඒ අතරතුර මේ ගැටලූව පිළිබඳව 2018 ජුලි 12 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ පැවති විශේෂ සාකච්ඡුාවක දී රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම විසින් ප‍්‍රකාශ කර ඇත්තේ නකල්ස් සංරක්‍ෂිත වනාන්තරය ආශ‍්‍රිත ව ඇති මිඞ්ලන්ඞ් වතුයායේ හා හෙයාර්පාක් වතුයායේ ඉඩම් වල සිදු කිරීමට යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව ය. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙන් විවිධ සමාගම් වලට ඉඩම් ලබා දීමේ වැරැුද්ද ඇත්තේ ඔවුන් අත නොව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා අනෙක් ආයතන වල බව ය.

සභාපතිවරයා විසින් සඳහන් කරන පරිදි මිඞ්ලන්ඞ් වතුයායේ අක්කර 25 ක් ආයෝජන සඳහා අන්තර්කාලීන ගිවිසුමක් යටතේ ලබා දී තිබේ. හෙයාර්පාක් වත්ත මහ පරිමාණ කුකුළු ගොවිපොළක් පිහිටුවීම සදහා ලබා දීමට යෝජනා කර තිබූ නමුත් අදාළ ඉඩමේ විශාල කොටසක් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයට අයත් ව ඇති බව මේ වන විට තහවුරු කර ගෙන ඇති බැවින් එම ව්‍යාපෘති යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇත. මේ වනවිට නකල්ස් කඳුකරයේ තවත් ව්‍යාපෘති 46 කට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමග රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් දිගින් දිගටම නකල්ස් සංරක්‍ෂිතය අවට ඉඩම් කුමන ව්‍යාපෘතියක් සඳහාවත් ලබා දී නොමැති බව පවසමින් ජනතාව මුලා කිරීමට ගත් උත්සාහය සම්පූර්ණයෙන් ම පරාජයට පත් වී ඇත. ඒ අනුව අප විසින් අනාවරණය කළ කරුණු සියල්ල රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා කරුණු සහිත ව පිළිගෙන තිබේ. එසේ පිළිගත්ත ද සභාපතිවරයා විසින් සඳහන් කරන්නේ ඔවුන් ලබා දුන් ඉඩම්වල සිදු කෙරෙන ව්‍යාපෘති වලින් 2 ක් මේ වනවිට තහනම් කර ඇති බව ය. නමුත් ඔහු විසින් ඉතිරි ව්‍යාපෘති පිළිබඳ ව තොරතුරු සැඟවීමට උත්සාහ ගෙන ඇත. මේ අනුව තහවුරු වන්නේ අමාත්‍යවරයා විසින් දිගින් දිගට ම ජනතාව රැවටීමට ගන්නා උත්සාහයේ ම සභාපතිවරයා ද ඒ ආකාරයෙන් ම නිරත ව සිටින බව ය.

එපමණක් නොව මෙම ඉඩම් කොල්ලය නකල්ස් කඳුකරයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් නොවන බව ද ඔහු අපගෙන් සඟවාලමින් සිටී. වත්මන් ආණ්ඩුව විසින් ඉඩම් නීති හා ප‍්‍රතිපත්ති සංශෝධනය කරමින් විවිධ සමාගම් වලට මහ පරිමාණයෙන් ඉඩම් ලබා දීමේ සැලැසුම ජනතාවගෙන් වසං කිරීමට ද වැවිලි සංස්ථාවේ සභාපතිවරයා මෙම ප‍්‍රකාශ මගින් උත්සාහ ගනියි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් විසින් 2017 නොවැම්බර් 23 වන දින අංක එම්.පී.ඊ.ඞී./පී.අයි./5/11/2 දරන (අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2017/81) අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ඉල්ලා ඇත්තේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුව වැවිලි සමාගම, ගල්ඔය වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ශ‍්‍රී ලංකා කජු සංස්ථාවට අයත් ඉඩම්, වැවිලි කර්මාන්ත ක්‍ෂේත‍්‍රය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. ඒ අනුව හෙක්ටයාර 49,654 ක ඉඩම් බැංකුවක් සාමූහික ව කළමනාකරණය කරමින් විවිධ සමාගම් වලට ඉඩම් ලබා දීම මෙහි දී යෝජනා කෙරින. ඒ යටතේ රුපියල් බිලියන 2 ක් ඉක්ම වු ආරම්භක ආයෝජන සහිත ව්‍යාපෘති සඳහා වසර 55 ක බදු කාලයකට යටත් වන පරිදි මෙම ඉඩම් ලබා දීමට කැබිනට් පත‍්‍රිකාවෙන් යෝජනා කර තිබේ.

මෙම කැබිනට් පත‍්‍රිකාව හා දුම්බර අඩවියේ ඉඩම් සමාගම් වලට ලබා දීම හුදෙකලා සිදු වීම් ලෙස පෙනුන ද එය ඉතා ම සැලසුම් සහගත ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් බව ඒ පිළිබඳ කරුණු සොයා බැලීමේ දී තහවුරු වේ. ලෝක බැංකුව විසින් 2015 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ Sri Lanka ending Poverty and Promotion shared prosperity ; A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේ දී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ව අවධාරණය කර ඇත. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට විවෘත කළ යුතු බව පෙන්වා දී තිබේ. ඒ සඳහා පළමු පියවර තබමින් වත්මන් ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ආයතන වලට ඉඩම් ලබා ගැනීමේ දී පනවා තිබු සීමාවන් හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනතේ 5අ වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණ.

මීට අමතර ව ලෝක බැංකුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය සම්පූර්ණයෙන් ම ඉලක්ක ගත කර ඇත. මෙම අය වැය ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම් වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා ලබා ගත හැකි වන පරිදි පනතේ වගන්ති සංශෝධනය කිරීම සිදු කරන බව ය. මීට අමතර ව 2017 නොවැම්බර් 14 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කර ගැනීමේ ක‍්‍රමවේදය සැලසුම් කිරීමට පනතේ වගන්ති වෙනස් කරන බව ය.
2015 ලෝක බැංකු වාර්තාවට අමතර ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( International Monetary Fund (IMF)) විසින් 2016 ජුනි 03 වන දින ශ‍්‍රී ලංකාවට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් අනුමත කළ අතර එහි දී ප‍්‍රධාන කරුණු 6 ක් යටතේ කෙටිකාලීන හා මධ්‍යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ගික ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා වන වාර්තාව 2016 මැයි 19 වන දින Staff report for the 2016 article IV consultation and request for a tree year extended arrangment under the extended fund facility  නමින් ඉදිරිපත් කර තිබුණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවය, ආදායම් බලමුලූගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය, මූල්‍ය ප‍්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.

2015 වාර්තාවට අනුව ලෝක බැංකු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය හා වත්මන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘‘2025 දැක්ම හා පොහොසත් රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙන් කර ඇත. 2018 අය වැය ප‍්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ පනත් සංශෝධනය කර ඉඩම් ලිබරල්කරණය නැතහොත් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ 2025 දැක්මෙහි සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පැරණි ඉඩම් ප‍්‍රතිපත්තිය, ඉඩම් වෙළෙඳපොළ අකාර්යක්ෂමතාව හා අසංවිධිත තත්ත්වයන් ආයෝජන අවස්ථා මන්දගාමී කරන ප‍්‍රවනතාවක් නිර්මාණය කර ඇති බව ය. එපමණක් නොව මේ නිසා පුද්ගලික ආයෝජන සඳහා බාධා පමුණුවන හෙයින් සක‍්‍රීය ඉඩම් වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා ප‍්‍රතිසංස්කරණ හදුන්වා දී ඉඩම් බැංකුව ස්ථාපිත කර රටේ විශාලත ම ඉඩම් හිමිකරුවා ලෙස රජය ඉඩම් වෙළෙඳපොළ තුළ තරගකාරී කොටස්කරුවකු වනු ඇති බව ද සඳහන් කර ඇත. මේ සියලූ කරුණු ඉතා ම පැහැදිලි ව 2015 ලෝක බැංකු වාර්තාවේ ඒ ආකාරයෙන් ම සඳහන් කර තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ පොදු භාවිත ඉඩම් අයිතිය සම්පූර්ණයෙන් ම අකි‍්‍රය කරමින් මහ පරිමාණ ආයෝජන සඳහා ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ය.

එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි මත රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය යටතේ රජය සතු වතු ඉඩම් සමාගම් වලට බදු දීමටත්, ආයෝජන පහසුකම් සැපයීම සඳහා ඉඩම් බැංකු පිහිටුවා විවෘත වෙළෙඳපොළ තුළ විදේශීය මහ පරිමාණ සමාගම් වලට විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගත හැකි ඉඩ ප‍්‍රස්ථාවන් ගොඩනැංවීමට පියවර ගනිමින් සිටින බව යි. ඒ සඳහා නීල-හරිත අය වැයක් ලෙස සඳහන් කරමින් 2018 අය වැය ප‍්‍රකාශනය ඉදිරිපත් කළ ද එහි සැඟවුණු අරුත වන්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් මෙරට ජනතාවට අහිමි කරමින් විවෘත වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම ය.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සකස් කළ ප‍්‍රතිපත්ති ඔස්සේ වත්මන් ආණ්ඩුව ගමන් කිරීමෙන් මෙරට ජනාධිපතිවරණයේ දී ජනතාව සමඟ සම්මුති ගත වු ‘‘මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අරමුණුවලට ළඟා වීමට හෝ 2015 සැප්තැම්බර් 25 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගත් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමට හෝ අප රටට නොහැකි වනු ඇත. තිරසර සංවර්ධන ඉලක්ක 17 හි 2 වන ඉලක්කය වන සාගින්න දුරලා ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම, පෝෂණය වැඩි දියුණු කිරීම සහ තිරසර කෘෂිකර්මයක් ප‍්‍රවර්ධනය කිරීමට මෙරට ඉඩම් විවෘත වෙළෙඳපොළට නතු කිරීම මගින් හැකියාව නොලැබේ. මෙම ඉලක්කවල විග‍්‍රහ කර ඇත්තේ 2030 වන විට ලෝකයේ සියලූ ගැහැනු හා මිනිසුන්ට, විශේෂයෙන් දුප්පතුන් හා අවදානමට ලක් වී සිටින්නන්ට, ආර්ථික සම්පත්, අත්‍යවශ්‍ය සේවාවන්, ඉඩම්, අනෙකුත් දේපොළ හා ස්වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය, යෝග්‍ය තාක්‍ෂණය හා මූල්‍ය සේවාවන්ට ඇති අයිතිය තහවුරු කිරීම ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ඇති මාර්ගය වන බව ය. නමුත් ලෝක බැංකුවේ නිර්දේශ වී ඇත්තේ දුප්පත්කම අඩු කිරීම සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කළ යුතු බව ය. ඒ මගින් රටේ ජනතාවට, විශේෂයෙන් සුළු පරිමාණ ගොවි ජනතාවට ඉඩමට ඇති අයිතිය අහිමි වීම පමණක් නොව ජල පෝෂක බිම්, ආපදා තත්ත්වයන් පාලනය කරන ස්වාභාවික සම්පත් ඇතුළු බොහොමයක් අහිමි වී යයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතුරින් 15 වන ඉලක්කය වන පරිසර පද්ධති සුරක්‍ෂිත කිරීම, ප‍්‍රතිසංස්ථාපනය කිරීම, දරාගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප‍්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර කළමනාකරණය සහ ඉඩම් හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම වෙනුවට වත්මන් ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටින්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජනයන්ට නතු කරමින් රටේ ජනතාවට අහිමි කිරීමට ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ එක මාවතකත් ලෝක බැංකුවේ නිර්දේශ තව මාවතකත් ගමන් කරද්දී ආණ්ඩුවට සිදු වී ඇත්තේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන බව පෙන්වීමට 2017 අංක 19 දරන ශී‍්‍ර ලංකා තිරසර සංවර්ධන පනත සම්මත කිරීම පමණි. එමගින් කිසිදු ආකාරයකින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගත නොහැකි වනු ඇත.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ පළමු පියවර ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පවතින අක්කර 962 කින් සමන්විත කඳපොළ, බෲක්සයිඞ් වතුයායේ අක්කර 300 ක් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම ස`දහා ලබා දෙන ලදී. කාමර සියය බැගින් සමන්විත හෝටල් 4 කින් හා නිවාඩු නිකේතන 300 කින් සමන්විත හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව විය. ඒ සඳහා අංක 2017/22 දරණ කැබිනට් පත‍්‍රිකාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව කබීර් හෂීම් හා මලික් සමරවික‍්‍රම අමාත්‍යවරුන් එක් ව ඉදිරිපත් කරන ලදී. එම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ආයෝජනයක් බවත් ඉන් ඩොලර් මිලියන 72 ක් සෘජු විදේශීය ආයෝජන බවත් මාස 60 කින් මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් නිම කරන බවත් ඒ සදහා අවශ්‍ය ඉඩම් 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දීමටත් කැබිනට් පති‍්‍රකාවෙන් යෝජනා කර තිබුණි. නමුත් මෙම ව්‍යාපෘතිය දැනට තාවකාලිකව නතර කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ඉන් පසුව නකල්ස් සංරක්‍ෂිත වනාන්තරය මායිමේ හා ඒ වටා පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම් වැවිලි නොවන භාවිතාවන් සඳහා විවිධ සමාගම් වලට ලබා දීම ඇරැුඹුනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි වන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම යන කොටස් ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවරයන්ට පිවිස තිබේ. මේ තත්ත්වය තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට 2018 මැයි 16 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වාණිජ හා කෘෂිකාර්මික කටයුතු සඳහා බැහැර කිරීමට 1972 අංක 1 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතට අනුව උපරිමය අක්කර 5 ක් දක්වා ඉඩම් බැහැර කිරීමට විෂය භාර අමාත්‍යවරයාට සිදු කළ හැකි වන පරිදි නීති සකස් කිරීමට ය.

මේ වනවිට නකල්ස් සංරක්‍ෂිත වනාන්තරය වටා පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම් අක්කර 21400 ක් විවිධ සමාගම් වලට ලබා දීමට සැලැසුම් කර තිබුණි. ඒ අනුව හෙයාපාර්ක් වත්තේ අක්කර 600 ක් කුකුළු ගොවිපොළක් සඳහා ලබා දීමට නියමිත විය. ඒ සඳහා වන වාර්තාව ක‍්‍රිස්බෝ සමාගමෙන් A proposal for the establishment of mega scale integrated forming operation including dairy, poultry plantation and forestry project at Harepaeh estate, Ududumbara   නමින් ඉදිරිපත් කර තිබුනි.

කුකුළු ගොවිපොළක් සඳහා දුම්බර අඩවියේ ඉඩම් ලබා දීම ඒ ආකාරයෙන් සිදුවෙද්දී වත්මන් ආණ්ඩුවේ 2025 දැක්මෙහි සඳහන් කර ඇත්තේ මෙරට කුකුළු ගහනය වාර්ෂිකව මිලියන 110 සිට මිලියන 500 දක්වා වැඩි කිරීම අරමුණින් ඌණ උපයෝජිත රාජ්‍ය ගොවිපොළ හා ඉඩම්, කුකුළු ගොවිපොළ පිහිටුවීම සඳහා බදු පදනම මත ලබා දීමට කටයුතු කරන බව ය. මේ සියලූ ප‍්‍රතිපත්ති හා නීති අවසානයේ කේන්ද්‍රගත කරනු ලබන්නේ ජනතාව සතු පොදු භාවිත ඉඩම්වල අයිතිය සමාගම් සතු කිරීමට බව මේ අනුව තහවුරු වේ. මෙවන් ව්‍යාපෘතියක් නකල්ස් කදුකරයේ කි‍්‍රයාත්මක කිරීම මගින් ජල පෝෂකවල පැවැත්ම පමණක් නොව පිරිසිදු ජල මුලාශ‍්‍ර වලට එක්වන අපද්‍රව්‍ය ප‍්‍රමාණය ද වැඩි වීම සිදු වනු ඇත. ඒ හේතුවෙන් දුම්බර අඩවියේ සංවේදී ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට බලපෑම් එල්ල වේ.

මේ ක‍්‍රියාවලීන් ක‍්‍රියාත්මක කරන අතරතුර 1972 අංක 1 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත වෙනුවට රාජ්‍ය ඉඩම් බැංකු පනත නමින් පනතක් ස්ථාපිත කර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින අක්කර 9,81,368 ක් වන සියලූ ඉඩම් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට සූදානම් වේ. එමගින් වැවිලි ඉඩම් වැවිලි නොවන භාවිතාවන් සඳහා විවිධ මහ පරිමාණ සමාගම්වලට ලබා දීමට සූදානම් වේ. මේ මඟින් දුම්බර අඩවියේ පමණක් නොව සමනොළ අඩවිය, සිංහරාජ අඩවිය, කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය වන රක්ෂිත පද්ධතිය අවට ඇති සියලූම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් වැවිලි නොවන භාවිතාවන්ට ලබා දීම තුළින් එම සංවේදී පරිසර පද්ධති සියල්ල ම දැඩි බලපෑමකට ලක් වේ.

මෙම රාජ්‍ය ඉඩම් බැංකු පනත හේතුවෙන් 2004 වසරේ දී ජනාධිපති කාර්යසාධක බලකායේ නිර්දේශ මත කි‍්‍රයාත්මක කළ නකල්ස්, සමනොළ, සිංහරාජ, කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය රක්ෂිත වනාන්තර වටා පිහිටන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් එම රක්ෂිත වලට පැවරීමේ කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන් ම නතර වනු ඇත. ඒ මගින් ඉහළ කදුකර ජල පෝෂක වනාන්තර සුරක්ෂිත කිරීමට තිබූ අවස්ථාව ද අහිමි වී යනු ඇත. ඒ සදහා වන කැබිනට් පති‍්‍රකාව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 යටතේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත. එම කැබිනට් පති‍්‍රකාවට අනුව මෙම රක්ෂිත වනාන්තර වලට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලූම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එ්) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ කර ඇත.

අලූතින් ගෙනෙන රජයේ ඉඩම් බැංකු පනත මගින් එම ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් ම අඩාල වේ. ඊට හේතුව නව පනත යටතේ පිහිටුවන ඉඩම් බැංකුවට මෙම ඉඩම් ඇතුළත් කර පසුව එම වනාන්තර ඉඩම් ද විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණය මගින් විවිධ සමාගම් සතු වීම ය. 2015 ලෝක බැංකු වාර්තාවේ නිර්දේශ මත ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ලක් කිරීම සඳහා ගෙන එන මෙම රාජ්‍ය ඉඩම් බැංකු පනතෙන් දුම්බර අඩවිය ඇතුළු ව සංවේදී පරිසර පද්ධති සියල්ල ම වටා පිහිටන වනාන්තර ඉඩම් රට ට අහිමි වේ. ඒ මගින් ජල පෝෂකවල පැවැත්මට හා සංවේදී ජීවින්ගේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල වේ. එපමණක් නොව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන් නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන පසු ගිය දා ඉතාලියේ රෝම නුවර පැවති එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලෝක වනාන්තර කමිටුවේ 24 වන සැසිවාරයේ දී ජාත්‍යන්තරයට ද ප‍්‍රකාශ කළ ලංකාවේ වනාන්තර ආවරණය 32% දක්වා වර්ධනය කිරීමට පියවර ගැනීම රාජ්‍ය ඉඩම් බැංකු පනත හේතුවෙන් මිථ්‍යාවක් බවට පත්වනු ඇත. අලූතින් වනාන්තර ස්ථාපිත කිරීම වෙනුවට දැනට ආරක්‍ෂිත තත්ත්වයන්ට පත් කර නොමැති ස්වාභාවික වනාන්තර පවා මෙම රාජ්‍ය ඉඩම් බැංකු පනතෙන් රටට අහිමි වේ.

මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසේ සඳහන් වන්නේ පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශ වීමේ තර්ජනයන්ට මුහුණ පා ඇති කලාප තවදුරටත් හදුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ය. එපමණක් නොව දැනට හානි සිදු වී ඇති හෝ විනාශ වීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගි කර ගෙන නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගනු ලබන බව ද එහි සදහන් වේ. නමුත් රාජ්‍ය ඉඩම් බැංකු පනත මගින් සංවේදී රක්‍ෂිත වනාන්තර වටා පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් එම රක්ෂිත වලට පැවරීමේ අවස්ථාව අහිමි වී යාමෙන් එම වනාන්තර රක්‍ෂිත භාවයට පත් කිරීමට ඇති අවස්ථාව අහිමි වීම පමණක් නොව ජලපෝෂක වනාන්තර හා පස සංරක්‍ෂණය කරමින් ජනතාවගේ ජල අයිතිය, කෘෂිකාර්මික සුරක්‍ෂිතතාව ඇති කළ ස්වාභාවික සම්පත් රට ට අහිමි වනු ඇත.

නකල්ස් සංරක්‍ෂිත වනාන්තර වටා පිහිටි විවිධ ව්‍යාපෘති සදහා වත්මන් ආණ්ඩුව විසින් ලබා දෙන රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම් යනු හුදු වැවිලි ඉඩම් පමණක් නොවේ. එම ඉඩම් වලින් වැඩි කොටසක් එනසාල් වගා බිම් වේ. එම වගා බිම් පිහිටුවීම සඳහා එළිපෙහෙළි කර ඇත්තේ වනාන්තර වල යටි ස්ථරය පමණි. උප වියන් ස්ථරය හා වියන් ස්ථරයේ වනාන්තර ඒ ආකාරයෙන් ම පවතී. එපමණක් නොව මේ ප‍්‍රදේශයේ ඇති බොහෝ ඉඩම්වල දොළ රක්‍ෂිත හා කදු මුදුන්වල වනාන්තර ඒ ආකාරයෙන් ම පවතින අතර ඒවා ඉතා ම වැදගත් ජල පෝෂක පද්ධතීන් ලෙස පිහිටයි. එම ඉඩම් වැවිලි නොවන වෙනත් භාවිතාවන් වන හෝටල් ඉදි කිරීම, සත්ත්ව ගොවිපොළවල් පවත්වාගෙන යාම, ජල විදුලි බලාගාර, ඛනිජ කැනීම් කටයුතු ඇතුළු භාවිතාවන් සඳහා ලබා දීමෙන් සිදුවන්නේ මෙම ස්වාභාවික පද්ධතීන් සියල්ල ම අහිමි වීම ය. ඒ මගින් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වනු ඇත.

මේ නිසා අප අවධාරණය කරන්නේ රාජ්‍ය වැවිලි සමාගමට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හෝ වැවිලි සමාගම් වලට අයත් වතු ඉඩම් කිසිදු ආකාරයකින් කැබලි කිරීම හෝ වැවිලි නොවන භාවිතාවන් සඳහා ලබා දීම වහා ම නතර කිරීම සඳහා ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව ය. එපමණක් නොව එම ඉඩම් වෙනත් භාවිතාවන් සඳහා ලබා දීම වැළැක්වීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත හා රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත සංශෝධනය කර ඊට අදාළ වගන්ති ඇතුළත් කළ යුතු ය. මෙම ඉඩම්වල සුළු අපනයන බෝග මෙන් ම වෙනත් ආහාර බෝග වගා කරමින් සහභාගීත්ව ක‍්‍රමවේදයක් යටතේ වතු ආශ‍්‍රිත ජනතාවට එම ඉඩම්වල විවිධ බෝග වගා කිරීමේ අයිතිය ලබා දිය යුතු ය. එපමණක් නොව හදුනාගත් සංවේදී ප‍්‍රදේශ හා පාංශු ඛාදනයට ලක් වීම් අවදානම සහිත ශීඝ‍්‍ර බෑවුම් සහිත ප‍්‍රදේශවල නැවත වන වගාවන් ඇති කර ජල පෝෂකවල පැවැත්ම සුරක්‍ෂිත කළ යුතු අතර රක්ෂිත ප‍්‍රදේශ හා ජාල ගත කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු ය.

නකල්ස් සංරක්‍ෂිත වනාන්තර වටා පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, සංරක්‍ෂිත වනාන්තරයට පැවරීමෙන් අනතුරුව සමස්ත නකල්ස් සංරක්‍ෂිත වනාන්තරය වටා කිලෝමීටරයක වපසරියක් සහිත පේ‍්‍රරණ කලාපයක් ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ යන වගන්ති අනුව පරිසර ආරක්‍ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය. එම කලාපය තුළ කිසිදු ආකාරයක රසායනික ද්‍රව්‍යයන් භාවිතා කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ඇතුළු හානි කර ක‍්‍රියා තහනම් කළ යුතු අතර කාබනික කෘෂිකර්මික කටයුතු එම කලාපය තුළ ක‍්‍රියාත්මක කරමින් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයේ හා ජල මූලාශ‍්‍රවල පැවැත්ම සුරක්‍ෂිත කිරීමට වැදගත් වන කෘෂිකාර්මික ක‍්‍රියාවලියක් මේ ප‍්‍රදේශයේ ව්‍යාප්ත කළ යුතු ය.

අවසාන වශයෙන් අවධාරණය කරන්නේ ලෝක බැංකුවේ නිර්දේශ මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි මත ක‍්‍රියාත්මක කරන රාජ්‍ය ඉඩම් බැංකු පනත හා විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් ලක් කිරීමට සකස් කරන රාජ්‍ය ඉඩම් බැංකුව වහා ම නතර කළ යුතු බව ය. රටේ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කළ කෘෂිකාර්මික හා ඉඩම් අණ පනත් සංශෝධනය කර ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි පනත් සංශෝධනය කිරීම වහා ම නතර කර ජනතාවගේ ඉඩම් ඇතුළු පොදු භාවිත සම්පත්වල අයිතිය හා සුරක්‍ෂිතතාව තහවුරු කරන තිරසර වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර එම වැඩපිළිවෙල රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ තහවුරු කිරීමට කටයුතු කළ යුතු ව ඇත.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Leave A Reply

Your email address will not be published.