topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි සංවර්ධනය වන විට රැකියා අවස්ථා බිහිවීමට ඇති හැකියාව වර්ධනය වනවා – අගමැති.

PM_Ranil_13

අපගේ කර්මාන්ත, දැනුම් මුලික කර්මාන්ත ආදී සියල්ලක්ම රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ඉලක්කයට යායුතුයි බවත් අපි සංවර්ධනය වන විට රැකියා අවස්ථා බිහිවීමට ඇති හැකියාව වර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කර සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම මෙලෙස ප්‍රකාශ කර සිටියේ  කොළඹ, කිංස්බෙරි හෝටලයේ පැවති භාණ්ඩ හා සේවා සැපයීම් පිළිබඳ ජාතික විශිෂ්ඨතා සම්මාන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

සැපයුම් සේවා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින් අගයන මේ අවස්ථාවට ඔබ හා සම්බන්ධවීමට ලැබීම මාගේ සතුටට කාරණයක්. මෙමගින් මෙම කර්මාන්තය වඩාත් පුළුල් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මේ ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයින්ගේ වෘත්තිමයභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි ඔබගේ ආයතනය මුල සිටම දක්වන ලද කැපවීම මනාව පැහැදිලි වෙනවා. මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම සංවිධානය කරන ලද්දේ ඔබ සතු සම්පත් සහ ස්වෝත්සාහයෙන් බව පැහැදිලි කාරණයක්.

සැපයුම් සේවා සහ ප්‍රවාහන අංශය ආශි්‍රතව ඉහල  මට්ටමේ වෘත්තීමයභාවයක් කරා ළඟාවීමට අපට හැකිවුණේ ඔබ වැනි ආයතනයක් නිසයි. මේ හරහා ගෝලීය වටිනාකම්  දාමයන් අතර වැදගත් තැනක් හිමිකර ගැනීමට අපට හැකිවුණා. එසේම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් ද ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් හිමිවෙනවා. මෙමගින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමටත් ඒ තුළින් අපගේ ගෙවුම් ශේෂය ඉහළ දමා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ සියල්ල සළකා බලා මම ඔබට සුභාශිංසන ගෙන එන අතර ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ දී එක අතකින් අපි නැවතත් පෙර හුරු පුරුදු කාර්යක්ම තමයි කරන්නේ. ලෝකයේ ජනතාව එදා භාවිතකළ පළමු කේන්ද්‍රස්ථාන අතරින් එකක් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව අපේ රටට හිමිවුණා. ඉන්දියානු සාගරය ගත්විට අපි එහි මධ්‍යයේ පිහිටලා තිබෙන රටක් පමණක් නොවෙයි. මාන්තෙයි සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගය හරහා දින කිහිපයකින් ළඟාවෙන්න පුළුවන්. මහවැලි ගඟ දිගේ පහළට යාත්‍රා කිරීමේදී මහියංගනය ප්‍රදේශයට ළඟාවෙන්න පුළුවන්. හොරොව්පතානෙන් පටන්ගෙන යාන් ඔය ප්‍රදේශයෙන් ගමන අවසන් කරන්න පුළුවන්. මේ හේතුව නිසා සියවස් ගණනක් මුළුල්ලේම අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුණා.

අපි අපේ රටේ දෙවැනි කන්නයක් වගා කිරීමට පටන් ගත් දා පටන්, අපි සහල්, කුරක්කන්, මෙනේරි ඇතුළු ධාන්‍ය වර්ග පිටරට යවන්න පටන් ගත්තා. මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ අපි පුරාණ ගබඩා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. ධාන්‍යවර්ග අපේ රටේ රැස්කර තබාගෙන එතැනින් ඒවා වරායවල් වෙත බෙදා හැරුණා. ඒ අයුරින් ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම, කාර්යබහුල කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙහෙයුම් සිදුකළා.

මාන්තෙයි ප්‍රදේශයෙන් සොයා ගැණුනු පැරණි කාසි අතර ලෝකයේ නොයෙකුත් රටවල භාවිත කළ කාසි හමුවෙලා තිබෙනවා. දෙවුන්දර තුඩුව සහ ගාල්ල ආශ්‍රිතව තිබූ වරායන් පසුකාලීනව ඉතා වැදගත් වරායන් වුණේ අපේ රට යටත් විජිතයක් බවට පත්කර ගන්නට මෙහි පැමිණි විදේශීකයින්ටයි. ඒ වගේම මම මෙහිදී මතක් කරන්න ඕනේ  ලන්දේසීන් විසින් සකස් කළ කළපු පිළිබඳව. මේ කළපු හරහා මුහුදු මාර්ග ඔස්සේ පුත්තලම හරහා මාතරට ළඟාවෙන්න පුළුවන් වුණා. මෙම මාර්ගය කැළණි ගඟටත් සම්බන්ධ වෙනවා. ඒ කාලයේ පොළොන්නරුවෙන් හෝ පුත්තලමෙන් හෝ රැස්කර ගත් භාණ්ඩ, ගාලූ වරාය වෙත ගෙන ආ යුතු වුණා. බ්‍රිතාන්‍යයන් විසින් ගල් තාර දැමූ පාරවල් සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඇතුළුව වරායක් ද ඉදිකරන ලද ආසියානු රටවල් අතරින් පළමු පෙළේ රටක් වශයෙන් අපි මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්නට අද ආරම්භයක් අරන් තිබෙනවා. නැවතත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට අවශ්‍ය ප්‍රථම සාධකය තමයි, පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. අපිට කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපොළ ආදිය තිබෙනවා. හම්බන්තොට වරාය සාර්ථක වරායක් බවට පත්කර ගැනීම අප හමුවේ තිබෙන අභියෝගයයි.  චීනයට ගිය අපේ නියෝජිත කණ්ඩායම සහභාගී වූ ඉතා බරපතළ සාකච්ඡාවලින් අනතුරුව, චීන මර්චන්ට් සමාගම සමග රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය ඇති කරගෙන අපට ගෙවීමට ඇති ණය බිලියන ගණනක් අඩුකර ගන්නට පුළුවන් වුණා.

ඒ හා සමාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමක් ඉන්දියානු සමාගමක් සමග ඇතිකර ගැනීම තුලින් මත්තල ගුවන්තොටුපොළ සජීවී ගුවන්තොටුපොළක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව දැන් අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. මින් පළමුවැන්න දැනටමත් ක්‍රියාත්මක වෙනවා.  ඒ අනුව මෙම මෙහෙයුම් දෙකම ක්‍රියාත්මකවීමට නියමිතයි.

මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝකිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය අප ලබාගෙන තිබෙනවා. අපි එතනින් නතර වෙන්නේ නැහැ. අපේ අනෙක් ඉලක්කය නම් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය වියදම් සපයා ගැනීමයි. ඒ අනුව මහනුවර සහ හම්බන්තොට නගර අතර සම්බන්ධතාව ගොඩනැගෙනවා. අනෙක් අතට හම්බන්තොට කොළඹට සම්බන්ධ වෙනවා. කොළඹ නගරයත් මහනුවරත් ඒ අනුව සම්බන්ධ වෙනවා.

අසියානු සංවර්ධන බැංකුව තවත් අධ්‍යයනයක් සිදුකරමින් සිටිනවා. එනම් පෙර අපර දෙදිග සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙල මගින් අපි නැගෙනහිර ප්‍රදේශයට අවතීර්ණ වෙන්නේ කෙසේද කියන කාරණයයි. එයට මධ්‍යම අධිවේගී මාර්ගයත් සම්බන්ධ වී ත්‍රිකුණාමලය දක්වා විහිදෙන මාර්ග සැලසුමක් බවට පත්වේවි. ත්‍රිකුණාමලය දක්වා වු මාර්ගයේ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමේ කාර්යය ෂබානා ජුරොං සිංගප්පූරු සමාගම වෙත පසුගිය සතියේ භාරදීමට කටයුතු කළා.

ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද, ජපානය, ඉන්දියාව, සිංගප්පුරුව වැනි අප මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ සියවසේ මැද භාගය වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත කාලපය ඉතා වැදගත් කලාපයක් බවට පත්වෙනවා. මේ ප්‍රදේශය අශ්‍රිතව ඉදිවන මාර්ග හරහා ඉන්දියාව සහ ගිණිකොන දිග ආසියාව සම්බන්ධවීම, මියන්මාරයේ වරායක් ඉදිවීමත් එය චීනයේ යුනාන් ප්‍රදේශයට සම්බන්ධ වීමත් මැලේසියාවේ තිබෙන වරායවලට අමතරව අන්දමන් දූපත්වල නව වරායක් ඉදිවීම ආදී අපේ රටෙන් බාහිර සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබෙනවා.

අභ්‍යන්තර වශයෙන් අපි රටේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් වරාය සහ ගුවන් තොටුපොළ වෙත කෙරෙන ගමනාගමන කටයුතු අවහිරතාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම හම්බන්තොට ඉදිවන විශාලතම කර්මාන්ත පුරය ඇතුළු කර්මාන්තපුර හතරක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. අක්කර පනහක් හෝ ඊට වැඩි ඉඩම් ප්‍රමාණයක විහිදුණු විශාල සංචාරක නිකේතන මුහුදුබඩ ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතයි.

අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීම වෙනුවෙන් ගුවන් සමාගම්වලින් තම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය දක්වා තිබෙනවා. අනෙක් සුවිශේෂී කාර්යය නම් දුම්රිය සේවය බලගැන්වීමයි. පොදු ප්‍රවාහන අංශය සවිබල ගැන්වීම බරපතලම ගැටළුව වුවත් බොහෝමයක් අංශ ඉදිරිපත්වී ඒවායේ අලාභය අවම කර ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙනවා.

අවසාන වශයෙන්, මහා මාර්ග ඉදිකිරීමේ කාර්යය සැළකුව හොත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මෙම කාර්යය භාරව කටයුතු කරනවා. පසුගිය සතියේ මා සිංගප්පූරුවේ කළ සංචාරයේදී, කොළඹසහ මහ නගර, ජනජීවී තිරසර නගර බවට පත් කරන්නේ කෙසේද යන කාරණය ගැන සිංගප්පූරු බලධාරීන් සමග සාකච්ඡා කළා. මහනුවර සිට හම්බන්තොට දක්වා පළමු අදියරත්, දෙවැන්න ත්‍රිකුණාමලය දක්වා වූ සම්පූර්ණ ප්‍රදේශයත් වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කරනවා. 2025 සංවර්ධන සැළසුම ක්‍රියාත්මකවන්නේ මේ ආකාරයටයි. මෙහිදී අභ්‍යන්තර මෙන්ම බාහිර මාර්ග සම්බන්ධතා ද සංවර්ධනය කිරීම අවශ්‍යයි. අභ්‍යන්තර සම්බන්ධතාව ගොඩනඟා නොගෙන අපගේ වරාය හෝ ගුවන් තොටුපොළවලින් අප බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය ලබාගන්න බැහැ.

අපගේ කර්මාන්ත, දැනුම් මුලික කර්මාන්ත ආදී සියල්ලක්ම රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ඉලක්කයට යායුතුයි. අපි සංවර්ධනය වන විට රැකියා අවස්ථා බිහිවීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. අපිට ඉන්දියානු වරායන් සමග තරඟ කිරීමට සිදුවෙනවා. මොකද අපගේ ප්‍රධාන ගණුදෙනුකරුවන් වැඩිදෙනෙක් ඉන්නේ ඉන්දියාවේ. ඒ අනුව, භාණ්ඩ යළි නැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ කාර්යයේ මූලිකත්වය අප ගත යුතු වෙනවා. හම්බන්තොට වරායත්, ඉන්දියානු සාගරයේ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යන බඩු භාණ්ඩ යළි නැව්ගත කරන කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙහෙයුම් සිදුකිරීම වැදගත් වෙනවා. මේ සඳහා සැපයුම් සේවා ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටු කරනවා. මේ සේවය අතීතයේ අපගේ මෙහෙයුම්වලට ජවය ලබාදුන්නා වගේම අදත් එය එසේමයි. ඒ අනුව ඔබ ඉටු කරන්නේ සුවිශේෂී මෙහෙවරක්. ඔබ සැම අපට අවශ්‍ය ඒ වෘත්තීමයභාවය නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීමේ කාර්යයේදී ඔබ දක්වන දායකත්වය අති විශාලයි. ඉදිරියටත් රට වෙනුවෙන් ඔබගේ සහයෝගය අපේක්ෂා කරමින් මේ ගමන ඉදිරියටම යාමට ඔබ සැමට මාගේ ආශිර්වාදය ලබාදෙන්න කැමතියි.

Leave A Reply

Your email address will not be published.