මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වන රාජපක්ෂ පාලන සමයේ හිටපු කථානායක වූ චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසුරිය ලබා දුන් තීන්දුව නිවැරදි තීන්දුවක් බව කියා සිටියි. ඔහු වැඩිදුරටත් සදහන්කර සිටින්නේ කථානායකවරයා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැති බවත් හරි වුවත් වැරැදි වුවත් කතානායකවරයාගේ තීන්දුව භාරගත යුතු බවය. නමුත් මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම කථානායකවරයා විසින් වර්තමාන විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව පිළිගත නොහැකි බව කියා සිටියි.