topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සරසවි ශිෂ්‍යයාගේ සෙරෙප්පු කබල් දෙකෙන් මුලු රටක් අවදි කළ අරගලයක් – දුමින්ද නාගමුව.

Duminda_Nagamuwa (1)

සිවිල් බලය නැතිව දේශපාලන බලයක් හැදෙන්නෙ නැති බවත් සයිටම් අරගලය ඒ හැම දේටම අභියෝග කළ අරගලයක් බවත් නිදා හිටපු දේශපාලන බලවේග අවදි කරපු, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ සෙරෙප්පු කබල් දෙකෙන් මුලු රටක් අවදි කරපු අරගලයක් බවත්  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ,  සයිටම් විරෝධී අරගලය ජයග්‍රාහි ලෙස අවසන් කිරීමෙන් පසුව ‘නිදහස් අධයාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ බිහි කරමින් පැවති සමුලුවවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙ.ස.ප. ප්‍රචාරක ලේකම්වරයා,

“සයිටම් අහෝසියි. නිදහස් අධ්‍යාපනය අරගලය නව මගකට හරවන මේ සමුලුව ඓතිහාසික සමුලුවක්. ඇයි අපි එහෙම කියන්නෙ? මීට කළින් මේ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරාජය කරන්න වෛද්‍ය ශිෂ්‍යයන් 120කට ජීවිතය පරිත්‍යාග කරන්න සිදු වුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 626කට ජීවිතය පරිත්‍යාග කරන්න සිදුවුණා. ඒ නිසා අවුරුදු 10ක් තිස්සේ ඇදුණත් මේ සටන අවුරුදු 10ක් තිස්සේ ඇදුණත් මේක ඓතිහාසික ජයග්‍රහණයක් බව අපි මේ සමුලුව ඉදිරියේ කියනවා.

මේ අරගලය ආරම්භ කළ අවස්ථාවේ මේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, වෘත්තිය සමිති වැනි බහුතරයක් හිටියේ කොහෙද? මේ රටේ අධිකරණය සයිටම් ආයතනයට පණ දෙන්න තීන්දුවක් දුන් අවස්ථාවක තමයි මේ අරගලය තීරණාත්මක පියවරක් ඉදිරියට තැබුවේ. විධායකය මේ අරගලය දන්නෙ නෑ වගේ පත්තරෙන් බැලුවෙ නෑ කියපු වෙලාවක තමයි මේ අරගලය තීරනාත්මක ලෙස ඉදිරියට ආවෙ. වැඩකට නැති ව්‍යවස්ථාදායකය කෝලම් මඩුවක් වෙලා තියෙන වෙලාවක තමයි මේ අරගලය ඉදිරියට ආවෙ. මේ රටේ ශක්තිමත් වෘත්තිය සමිති මොන ආකාරයකවත් අරගලයක් නොකරන වෙලාවක තමයි සයිටම් විරෝධී අරගලය ඉදිරියට ආවෙ. ඒ හැමෝම තැති ගන්වමින්, ඒ හැම දෙනාම අරගලයේ වේදිකාවට කැදවමින් වර්ධනය වූ අරගලයක්, ඒනිසා මේ අරගලය ඓතිහාසිකයි. එදා සයිටම් විරෝධි අරගලය ආරම්භයෙදි අපි කිව්වා සයිටම් කියන්නෙ අසම්මත දරුවෙක් කියලා. අද අපි කියනවා සයිටම් විරෝධී අරගලය කියන්නෙ අසම්මත දරුවෙක් කියලා. ඇයි අපි එහෙම කියන්නෙ? අපි මේ ජීවත්වන යුගය තුළ දේශපාලන බලය ගොඩනගන ක්‍රම තියෙනවා. දේශපාලන බලය ගොඩනැගෙන්න, දේශපාලන අරගලවලට සම්බන්ධවන අයට එක්කො සිවිල් බලයක් තියෙන්න ඕන. එක්කො නම ඉස්සරහින් කෑල්ලක් එහෙම නැත්නම් නමේ පස්සට කෑල්ලක් තියෙන්න ඕන. සම්මත ක්‍රමයට අනුව එහෙම වුණොත් විතරයි දේශපාලන බලයක් හිමි වෙන්නෙ. සාමාන්‍යයෙන් බලයක් හැදෙන්න නම් එක්කො මන්ත්‍රිකමක් නැත්නම් ආචාර්ය පදවියක් නැත්නම් තව මොවා හරි තියෙන්න ඕන. ඒ සිවිල් බලය නැතිව දේශපාලන බලයක් හැදෙන්නෙ නෑ. මේ අරගලය ඒ හැම දේටම අභියෝග කළ අරගලයක්, නිදා හිටපු දේශපාලන බලවේග අවදි කරපු, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ සෙරෙප්පු කබල් දෙකෙන් මුලු රටක් අවදි කරපු අරගලයක් මේක.  එි නිසා සහෝදර සහෝදරියනි, මේ අරගලය ඓතිහාසිකයි. දේශපාලන බලය පිළිබද සූත්‍ර වෙනස් කරපු අරගලයක් ඒ නිසා මේක ඓතිහාසිකයි.

හැබැයි ඒ වගේම මේ අරගලයට සපුරන්න බැරිවෙච්ච දේවලුත් තියෙනවා. අපි ඒවත් කියවා ගන්න ඕන. මේ අරගලය මහපාරෙි මහා බලයක් අත්පත් කරගත්තා, මහපාරෙදි විශාල අවධානයක් දිනාගත්තා. ඒක තමයි ජයග්‍රහණය දක්වා ගෙන ගියේ. මහපාරෙ අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව තිබුණු සටන පාර්ලිමේන්තුව තුල හඩක් බවට පත් කරන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත. මේ අරගල වෙදිකාවට ගොඩක් අය ගොඩ වුණා. මේ අරගලයෙ වේදිකාවෙ ගොඩක් දෙනා කතා කළා. මේ සටන ගියේ සයිටම් එක වහන්න විතරක් නෙවෙයි. ඒක කවුරුත් දන්න ඇත්තක්. මේ සටන ගියේ මොකටද? නිදහස් අධ්‍යාපනය රැක ගන්න, නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන වැඩි කරගන්න. හැබැයි පාර්ලිමේන්තුවෙ පනත් සම්මත වෙද්දි, විවාද කරද්දි, ඒ ගැන කතා කරද්දි, එකෙක් හිටියෙ නෑ පාර්ලිමේන්තුවෙදි අධ්‍යාපන පෞද්ගලිකකරණය නවත්වනු කියන්න. අධ්‍යාපනයෙ ගුණාත්මකභාවය ගැන නම් හොරි කසන්න කට්ටිය හිටියා. ඒ නිසා මේ අරගලයට ඒ කඩුල්ල පනින්න බැරි වුණා. මේ අරගලයට බැරි වුණා අරගලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්න. අපි ඒකත් කියන්න ඕන. ඒ නිසා අද දවසෙ අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ වගේම අපි හිතනවා මේක අපි හදවතට විතරක් කතා කරන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවෙ හදවතටයි මොළයටයි දෙකටම කතා කරන්න ඕන. ඒ නිසාම මේ අරගලයෙ සමහර ඛේදජනක අත්දැකීම් ගැනත් අපි ඔබට කියන්න ඕන. සාමාන්‍යයනේ මේ ජයග්‍රහණය, මේ සුප් එක බොන්න අපි කවුරැත් ලෑස්තියි. හැබැයි මේ සුප් එක හදද්දි කුස්සියෙ වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. සමහරවිට මේ සුප් එක බොන අයට ඒක දැනෙන්නෙ නෑ, ඒ නිසා අපි ඉල්ලනවා මේ අරගලයෙ අත්දැකීම් නැවත කියවන්න කියලා. අරගලය තුළ ආණ්ඩුවේ අභියොග විතරක් නෙවෙයි, රාජිතලගෙ ප්‍රකාශ විතරක් නෙවෙයි, ආණ්ඩුවෙන් ආව පොලු පාරවල් විතරක් නෙවෙයි, මේ අරගල ඇතුලෙත් තිබුණා දැවැන්ත අරගලයක්. මහ ගැටුමක් තිබුණා, ඒ ගැටුම ඇතුළෙ තමයි අරගලය ඉදිරියට ආවෙ. අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරයෙ නායකත්වය, නිකම්ම නිකං හිරගෙවල්වලට යන නිකම්ම නිකං කැපකිරීම් කළා විතරක් නෙවෙයි, ඒ සියලු ප්‍රතිවිරෝධතා, ඇතුළෙ තිබුණු ප්‍රශ්න හැම බොරු වලක්ම පසුකරගෙන ඒ හැම ශක්තියක්ම, බොරුවලවල් හදන අයගෙ ශක්තිය පවා එකතු කරගෙන ජයග්‍රහණය කරා ගෙනයන්න හැකි වුණා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපරයට විශිෂ්ට නායකත්වයක් ලැබී තිබෙනවා. ළහිරුලා. රයන්ලා, සුගතානන්ද හාමුදුරුවො, සනත්ලා මංගලලා මේ හැමෝම මහ විශාල මැදිහත්වීමක් කළ බව ඇත්ත. මේ අරගලය තුල එවැනි මගහැරීම්, අත්හැරීම් සමහර පාවාදීම් මේ ඔක්කොම එක්ක තමයි මේ අරගලය ජයග්‍රහණය කළේ. හෙටත් ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්න ලැස්තියි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහා අරගලයකට යන්න. එහෙම යනවා නම් අපි ඉල්ලනවා මේ අරගලයෙ ඉතිහාසය කියවන්න. ඒ අරගලයෙ එක් එක් බලවේග හිටගත්ත විදිය, ජනපවුරු හැදිච්ච විදිය ජනපවුරු පිපිච්ච විදිය ඒ ජනපවුරු මැලවෙච්ච විදිය සටන් තීරණාත්මක තැනට එනකොට ඒ ජනපවුරු මගහැරපු විදිය, අපි හිතනවා ඒ පාඩම අවශ්‍යයි කියලා. ඒ පාඩම ඉගෙන ගන්නෙ නැතිව සටන් වදින්න බෑ.

මේ අරගලයෙ කේන්ද්‍රීය ශක්තිව වුනේ  ශිෂ්‍ය  ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙනවා මහ බලයක්. අපට තියෙනවා වගකීමක් නිදහස් අධයාපනය රැක ගන්න. ඒ වගකීම පැත්නේ මේ සමුලුව ගත්ත හැරවුම අපි අගය කරනවා. ඒ පිළිබද අපේ ආචාරය පළ කරනවා. ඒ වගේම ඒ හැරවුම සමග අපි හිටගන්නවා. ඒ අතර අපි මේ සදාචාර කරුණත් මතක් කරනවා. ඔබ නිදහස් අධ්‍යාපනය රැක ගන්න මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් රුපියල දෙක එකතු කළා. ඒ මිනිස්සු සල්ලි දුන්නා. ඒ රුපියල දෙක දුන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන් දරුවන්ගෙ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් යහපතක් කරන්න. ඒ නිසා ඒ අයගෙ ප්‍රහ්නයත් ඔලුවෙ තියාගෙන ඒ යුතුකම ඉෂ්ට කරන්න පෙරට යාම අපි අගය කරනවා. ඒ වගේම මේ අරගලයට කරගහපු විශාල දායකත්වයක් දුන්, විශාල කැප කිරීමක් කල වෛද්‍ය ශිෂ්‍යයන්ට විශාල වගකීමක් තිබෙනවා, අරගලයෙ ඉතිරි පරිච්චේදයෙත් ඒ ලෙසින්ම හිටගෙන ඉන්න. ඒ විතරක් නෙවෙයි, මේ අරගලයෙ සටන් පාඨ ලසෙ තිබුණෙ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය. අද නිදහස් සෞඛ්‍යයට විශාල තර්ජනයක් තියෙනවා. ඒ නිසා මේ අරගලය ඉදිරියට යද්දි සමහරු කිව්වා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නවා, හැබැයි එතැනින් ගිහිල්ලා රෝහල්වල සෞඛ්‍ය සේවය විකුණනවා කියලා. ඒ නිසා මේ අරගලයෙ ඉදිරියෙන් හිටපු වෛද්‍ය ශිෂය සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලනවා ඔබ මේ ප්‍රශ්නයට සදාචාරාත්මක වහයෙන් බැදිලා ඉන්නවා. ඒ නිසා නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අවංකව පෙනී හිටපු ඒ සහෝදර සහෝදරියන්ගෙන් අපි දැඩිව ඉල්ලනවා නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කරන සටනටත් ඔබගේ දායකත්වය අවශ්‍යයි, ආදර්ශයක් සහිතව ඒ දායකත්වය දෙන්න. ඒකත් මතක තියාගන්න කියලා අපි ඉල්ලනවා.

ගනිතයෙදි නම් එකයි, එකයි දෙකයි. දෙකයි දෙකයි හතරයි, හතරයි හතරයි අටයි. හොදට මතක තියාගන්න දේශපාලනයෙදි ඒක එහෙම නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි මුලින් කියපු අර සිවිල් බලයන් එකක්වත් නැතිව, ඒ හැම බලයක්ම මේ වේදිකාවට කැදවා ගත්ත මේ වේදිකාව වටා එකතු කළ ශිෂ්‍ය ව්‍යාපාරයෙ බලය මොකක්ද? ඒ වෙන මොකක්වත් නෙවෙයි, ශිෂ්‍ය ව්‍යාපාරයේ සමගිය. ඒ වගේම සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ සමගිය, දේශපාලනයෙදි බලය ගොඩ නැගෙන්නෙ එකයි එකයි දෙකයි කියලා නෙවෙයි. ඒක ඊට වැඩිය වෙනස්. දෙන්නෙක් එකතු වුනාම තියෙන්නෙ දෙන්නෙක්ගෙ බලය නෙවෙයි, ඒ අත්දැකීම, ඒ පාඩම ඉගෙන ගනිමු. ඒ පාඩම හරහා සිසු ජන ව්‍යාපාරය තව ශක්තිමත් කරමු. ශිෂ්‍ය ව්‍යාපාරය ඉගෙනගත් ඒ පාඩම මේ රටේ කම්කරු ව්‍යාපාරයට,ගොවි ව්‍යාපාරයට මේ රටේ සටන් කරන සියලු බලවේග කරා රැගෙන යමු මහජන බලයක් ගොඩනැගීමට පෙළ ගැසෙමු කියමින් අපි සමුගන්නවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.