topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හැම මාසෙම 10වෙනිදට බෝම්බයක් පත්තු වෙනවා – ලාල් කාන්ත.

JVP_Lal_Kantha

හැම මාසෙම දහවෙනිදාට බොම්බයක් පත්තු වෙනවා වගේ පීඩාවේ බෝම්බය හිස මත කඩාගෙන වැටෙනවා කියලා දැනගෙන බලන් ඉන්න බවත් ආණ්ඩුවට තව වැඩිකාලයක් නැති බවත් යන්න තමයි දැන් සූදානම් බවත්,  යන්නේ නැත්නම් පීඩාවට පත්වුණු ජනතාව එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවලා, ජනතාවාදී ආණ්ඩුවක් හදන්න සූදානම් බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පැවති “ජන පීඩික ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ  උද්ඝෝෂණ පාගමන හා පිට කොටුවේදී පවතී උද්ඝෝෂණ රැලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ලාල් කාන්ත,

මෛතී‍්‍ර ජනාධිපති වෙලා, රනිල් අගමැති වෙලා තව මාස තුනකින් අවුරුදු හතර සම්පූර්ණ වෙනවා. මේ ගෙවිච්චි කාලය තුළ ජනතාවට දැනෙන එක දෙයක් තියෙනවා. කොතන ගියත් ජනතාව කතා කරන්නේ මේ ආණ්ඩුව ජනතාව මත පටවලා තිබෙන බර ගැනයි. පීඩාව ගැනයි. ඒ සියලූ පීඩාවන් පටවන ජනතාව වෙනුවෙන් තමයි අද අපි කොළඹදී මේ දැවැන්ත විරෝධය පවත්වන්නේ. අද එළියට එන්න බැරිව ගේ ඇතුළේ ඉන්න, කඩපිළේ ඉන්න, එළියට එන්න බැරිව පාසලේ ඉන්න, විශ්වවිද්‍යාලයේ ඉන්න, ගොවිපළේ වැඩපළේ ඉන්න, මහමුහුදේ ධීවර කර්මාන්තය කරන, රටපුරා විසිරී පැතිරී ඉන්න සියලූම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තමයි අද මේ විරෝධතාව පවත්වන්නේ. හැම මාසෙම දහවෙනිදාට බොම්බයක් පත්තු වෙනවා වගේ බලන් ඉන්නවා පීඩාවේ බෝම්බය හිස මත කඩාගෙන වැටෙනවා කියලා දැනගෙන. ආණ්ඩුවට තව වැඩිකාලයක් නැහැ. යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. යන්නේ නැත්නම් පීඩාවට පත්වුණු ජනතාව එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවලා, ජනතාවාදී ආණ්ඩුවක් හදන්න සූදානම්.

2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා මේ වෙනකොට ජීවන වියදම වැඩිවුණා. නමුත් කාගේවත් ආදායම් වැඩිවුනේ නැහැ. ව්‍යාපාරික ප‍්‍රජාවත් කඩා වැටිලා. මුළු රටම ආර්ථික පීඩවකට පත්කරලා. මේ පීඩාකාරී ආණ්ඩුවට එරෙහිව සියලූ වැඩ කරන ජනතාව ඒකාබද්ධ වැඩපිළවෙළකට අද ආරම්භය තබනවා. දැන් අපිට පේන විදිහට හැම මාසෙකම විරෝධතා දිනයකට සූත‍්‍රය හදන්න වෙලා. හැම මාසෙකම ජිවන වියදම වැඩිවෙනවා නම්, හැම මාසෙකම පීඩාව වැඩිවෙනවා නම්, හැම මාසෙම 10 වෙනිදාට භාණ්ඩවල මිල වැඩිවෙනවා නම්, අපිට සිද්ධ වෙනවා හැම මාසෙකම පාරට බහින, උද්ඝෝෂණ කරන ජනතාවාදී සූත‍්‍රයක් හදන්න.

ආණ්ඩුව ආවේ දෙන්නම් කියලා. මොටර් සයිකලයේ යන කෙනාට කාර් එක දෙන්නම් කිව්වා. අද සිද්ධ වෙලා තිබෙන්නේ මෝටර් සයිකලේ ගියපු කෙනාට පයින් යන්න. කාර් එකේ ගිය කෙනාට මෝටර් සයිකලෙන් යන්න. ආණ්ඩුව බදු ගැහුවා, දඩ ගැහුවා, ජනතාවගෙන් ගත්තා. ආණ්ඩුව රුපියල බාල්දු කළා. ජනතාවගේ බදු මිල වැඩිවුණා. ආණ්ඩුව තෙල් මිල වැඩි කළා, ජනතාවගෙන් ගත්තා. මේක ජනතාවට දෙන ආණ්ඩුවක් නොවෙයි. ජනතාවගේ අතේ තියෙන සියලූ දේ සූරගෙන කාලා ජීවත්වෙන ආණ්ඩුවක්. අද යහපාලන කතා නැහැ. තිබෙන්නේ ජන පීඩක ආණ්ඩුවක්. එනිසා මේ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩව දිගින් දිගටම විරෝධතා පෙරහැරක් එක දිගට පැවැත්වීමේ අවශ්‍යතාවය ඇති වෙලා. රාජ්‍ය අංශයේ සේවකයෝ, පෞද්ගලික අංශයේ සේවකයෝ සූදානම් වෙනවා ජාතික මට්ටමේ වැඩ වර්ජනයකට. පසුගිය කාලයේ පත‍්‍රිකා බෙදුවා, පෝස්ටර් ගැහුවා. පාලකයින්ට ලියුම් ලිව්වා. නමුත් තවම පිළිතුරක් නැහැ. එනිසා අද වැඩකරන ජනතාවට සිදුවෙලා තිබෙනවා වැටුප් අරගලයක් සඳහා පාරට බහින්න. ඒවගේම ගොවි ජනතාව රටපුරා උද්ඝෝෂණ කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය වටකළා. කෘෂිකර්ම අමාත්‍යාංශය වට කළා. ධීවර ජනතාව සෑම ධීවර වරායක් ළඟම සෑම ධීවර ගම්මානයකම අරගල කළා. රැුකියා නැතිකමින් තරුණ තරුණියන් පාරට බැස්සා. උපාධිධාරයෝ පාරට බැස්සා. කිසිවෙකුට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවෙලා නැහැ.

පාර්ලිමේන්තුවේ හඬ නැගුවා ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ. ප‍්‍රාදේශීය සභාවේ යෝජනා සම්මත කළා ආණ්ඩුවට අදාළ නැහැ. පළාත් සභා ගණනාවක් වහල දාලා. තියෙන පළාත් සභාවල හඬ නැඟුවා ආණ්ඩුවට ඇහෙන්නේ නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ පාරේ සටන. අද මේ පටන් ගත්තේ පාරට බැහැලා කරන සටන් කලාවේ පළමු පියවරයි. මහජනතාව පාරට බහින තත්වයට එනවා කියන්නේ ආණ්ඩුවේ ගමනක අවසානයයි. අපි රනිල් මහත්තයටයි මෛතී‍්‍රපාල මහත්තයටයි කියනවා, ගෙදර යන සූත‍්‍රය හදාගෙන කොට්ට පැදුරු අකුලගෙන යන්න ලෑස්තිවෙන්න කියලා. මේ ආණ්ඩුවේ නම අයුක්තියේ ආණ්ඩුවයි. ජන පීඩක ආණ්ඩුවයි. අයුක්තිය සමානයි රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව. අසාධාරණය සමානයි රනිල්-මෛතී‍්‍ර ආණ්්ඩුව. අයුක්තිය අසාධාරණය ජන පීඩක ආණ්ඩුවේ ගමන කෙළවර කිරීමේ සටන මේ රටේ පොදු ජනතාව සියලූ දෙනා එකතු වෙලා ආරම්භ කළ යුතුයි. ජාතික ව්‍යාපාරයක් විදිහට ප‍්‍රතිගාමී බලවේග පැත්තකින් තියලා, ප‍්‍රගතිශීලී ජනතාව සාධාරණය යුක්තිය ඉල්ලන බලවේග ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන බලවේග ජාතික සමගිය ඉල්ලන බලවේග එකට එකාවන්ව ජාතික වශයෙන් එකට එකතු වෙලා සටන් කළ යුතු කාලය එළඹිලා තිබෙනවා යැයි පැවසීය.

JVP_01

JVP_02

Leave A Reply

Your email address will not be published.