රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කල්ඉකුත් වූ ආනයනික ඔලිව් තෙල් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය බාරයට ගෙන ඇති බව සඳහන් වේ. එම අධිකාරිය වෙත ලද තොරතුරක් මත පිටකොටුව පරණ යෝන් වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ඔලිව් තෙල් තොගය ඔවුන් බාරයට ගෙන ඇති බව පැවසේ.
ඒවායේ සඳහන් වූ නියමිත කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදිත දිනය ඉවත් කොට නව දින ඇතුළත් ලේබල අලවා නැවත වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන ඇති බව සඳහන් වේ.
සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කර මුදා හැරීමට පියවර ගෙන ඇති බවත් පාරිභෝගික අධිකාරිය බාරයට ගැනුණු ඔලිව් තෙල් තොගය විනාශ කිරීමට ද කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.