පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්වරුවේ අවසන් වශයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසා ඇත.
නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් දිවුරුම් දී අවසන් නොමැති නිසාත්, මේ දිනවල දිගින් දිගටම අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදුකරන නිසාත් පාර්ලිමේන්තුවේ ආසන වෙන්කිරීම මෙතෙක් සිදුකිරීම අසීරු බවත් සඳහන් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සඳහා ආසන පැනවීම සිදුකරන බවද සඳහන් කර ඇත.
එමෙන්ම 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බවත්, ඊට ප්‍රථම කථානායක කරු ජයසුරිය ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනු ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටී.