topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වමේ පක්ෂ කවදත් කුමන්ත‍්‍රණවලට විරුද්ධයි.

jvp

පසුගිය 26වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදීමෙන් පසුව ඇති වී දේශපාලන අර්බුදය තවමත් සමහන් වී නොමැත. සමහන් වෙනවා වෙනුවට දිනෙන් දින අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තිබේ. මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණද දැඩි අවධානයකින් පසුවෙන අතර බොහෝ දේශපාලන පක්ෂද ජනතාවද ජවිපෙ හැසිරීම පිළිබඳව විශාල අවධානයකින් පසුවෙයි. ඇති වෙමින් තිබෙන නව තත්වය පිළිබඳව ජවිපෙ නායකයින්ද විවිධ අවස්ථාවල හමුවී සාකච්ඡා පවත්වති. ක‍්‍රියාමාර්ග ගනිති. පසුගිය අඟහරුවාදා දිනයේදීද ජවිපෙ නායකයෝ ජවිපෙ කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ.

“26වෙනිදා ඇතිවුණ බල සූදුව තවමත් ඉවරයක් කර ගන්න බැරිවෙලා තිබෙනවා. දවසින් දවස දේශපාලන අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ගන්න ක‍්‍රියාමාර්ග ඉතාම තීරණාත්මක වෙලා තිබෙනවා. ජනතාව වගේම අනෙක් දේශපාලන පක්ෂත් අපි ගන්න ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශාල අවධානයකින් ඉන්නේ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

“අපිට සමීප පිරිස්, මහින්ද විරෝධී පිරිස්, මහින්දට සහය පළකරන පිරිස් මේ හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් අය කියනවා මේක ඒ අයගේ ප‍්‍රශ්නයක් අපි පැත්තකට වෙලා ඉන්න ඕනෑ කියාලා. රාජපක්ෂවාදීන් අපිට ලොකු ප‍්‍රහාරයක් දෙන්න උත්සහ කරනවා. එජාපයේ පිරිස් අපේ සහය ගන්න බලාගෙන ඉන්නවා. මෛත‍්‍රී මහින්ද රනිල් බල සූදුව පරාජය කරන්න ඕනෑ. මේ කළු සල්ලි එහාට මෙහාට වීසි කරලා ආණ්ඩු හදන ඒවට අපි සහය දෙන්න ඕන නැහැ. නමුත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි. වමේ ව්‍යාපාර කවදත් කුමන්ත‍්‍රණවලින් බලය ගැනීම ප‍්‍රතික්ෂේප කරනවා.” පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේය.

“මන්ත‍්‍රීවරු විකිණෙන එක පුදුමයක් නෙවෙයි එක අතකට. ඡන්ද කාලේ ජනතාව තමන්ගෙ ඡුන්ද ටකරන් සීට් එකට, සාරියට, දේශපාලන පත්වීමට වික්කා. දැන් මන්ත‍්‍රීලා, මන්ත‍්‍රීකම විකුණනවා ඊළඟ ඡුන්දෙට සල්ලි හොයාගන්න. ඒ නිසා මේ විකිණෙන අයටත්, ගන්න අයටත්, කුමන්ත‍්‍රවලින් බලය අල්ලන අයටත් මීට පස්සේ අපි මන්ත‍්‍රීතුමා, ඇමතිතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා කියලා නොකියා ඉන්න ඕනෑ. මොකද ඒ තනතුරුවලට තියෙන ගෞරවය දැන් කළු සල්ලිවලට යටවෙලා ඉවරයි.” සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේය.

“ඒ වගේම මේ කළු සල්ලිවලින් හදන ආණ්ඩු අපි පිළිගත යුතු නැහැ. මහින්දලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත්, රනිල් වික‍්‍රමසිංහලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත් ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු නෙවෙයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව පත්කරන තනතුරු අපි පිළිගත යුතු නැහැ.” ලාල්කාන්ත පෙන්වා දුන්නේය.

“මේ වෙලාවේ සමහරු අපිට මඩ ගහනවා. කාගෙවත් මඩවලට බයේ අපි අපේ දේශපාලන තීන්දු වෙනස් කරලා නැහැ කවදත්. අපි හැමදාමත් රටේ තීරණාත්මක අවස්ථාවලදී හරියට කෙලින් හිටගත්තා. ඒ වගේම අපි කාටවත් සහය දෙන්නේ නැහැ කිවුවාම සමහරු ඒක වැරදි විදියට අර්ථකතනය කරගෙන. අපි රනිල්ට මහින්දට අගමැතිකම් ගන්න සහය නොදුන්නාට මේ කුමන්ත‍්‍රණය පරාජය කළ යුතුයි. පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත‍්‍රණය පරාජය කරන්න ගේන යෝජනාවවකට, විශ්වාසභංගයකට අපි ඡුන්දය දෙන්න ඕනෑ. ඒ වගේම නීති විරෝධීව ආණ්ඩුව හදාගෙන අයවැයක් ගෙනාවොත් අයවැය පරාජය කරන්න ඡන්දය දිය යුතුයි.” විජිත හේරත් යෝජනා කළේය.

ඒ විතරක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවේදී වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ කුමන්ත‍්‍රණයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න කියලා බලපෑමක් කරන්න විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුයි. මොකද ජනතාවත් මේ වෙලාවේ ව්‍යාකූල වෙලා ඉන්නේ. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙන්නෙත් අපිට. ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණයට විරුද්ධව වැඩකරන්න කැමති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියල්ල හමුවෙලා සාකච්ඡා කරන්න ඕනෑ.” බිමල් රත්නායක යෝජනා කළේය.

Leave A Reply

Your email address will not be published.