රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්රීපාල සිරිසේනට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එම දෝෂාභියෝගයට දෙමළ ප්රගිතශීලි සන්ධානයේ කිසිඳු මන්ත්රීවරයෙකුගේ සහයෝගය ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් පවසයි. රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුධය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සඳහා අද(09) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්විමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්රීවරයා කියා සිටියේ දෙමළ ප්රගිතශිලි සන්ධානය ප්රතිපත්ති ගරුක ප්රජාතන්ත්රවාදය ගරු කරන රටේ පිළිගත් ජනප්රිය දේශපාලන සන්ධානයක් බවයි.