පසුගිය දිනයන්හි  පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය  සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය  විවෘත නොකෙරුණු අතර  නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
යළි ලබන සිකුරාදා (23 )  පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය විවෘත නොකිරීමටත්  ආරාධිත ප්‍රභූන් සඳහා වන ගැලරිය වසා දැමීමටත්  පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.