පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට පැවැති විශේෂ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින අණ පනත් අහෝසි කළයුතුව ඇති නිසා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු   ඉදිරියේදී පාර්ලිමේන්තුව තුලදී  ගැනීමට ද සියලු පක්ෂ නායකයින් එකගතාවයකට පැමිණ ඇති බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදී ගත් එම තීන්දුව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට ද තීරණය  කර ඇත.