aanduwa
පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී ඇත.කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි  බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කර තිබේ.
කෙසෙල් ඇවරිය ලකුණෙන්  පසුගිය  ප්‍රදේශීය  සභා  ඡන්දයට  අපේක්ෂකයන්  යෙදවූ  හිටපු  දකුණු  පළාත් සභා  මන්ත්‍රීවරයෙක් වූ   මෛත්‍රි  ගුණරත්න   මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා  ලෙස පත්කර ඇත .මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක  උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න  වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම්  දී ඇත්තේ  එම්  එල් ඒ එම් හිස්බුල්ලා  ය. විශේෂයෙන්   අසාද් සාලි   මේ අතරින් එජාප  ජාතික  ලැයිස්තු  මන්තිධුරයක්  බලාපොරොත්තුව සිටි අතර  එය  නොලැබීමෙන් පසු    රනිල්වික්‍රමසිංහ හට  නිර්දයලෙස පහරදීමේ පිළිවෙතක් අනුගමනය කලේ ය .මෛත්‍රි  ගුණරත්න එජාප සාමාජිකයෙකු ලෙස  සිටිමින් පසුව  රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වෛරි සහගත  පිළිවෙතක්  අනුගමනය කළේය.   2015 වෙන් පසු  මේ දෙදෙනාම  මෛත්‍රිපාල  සිරිසේනගේ  නිල නොවන උපදේශකයන්  ලෙස  කටයුතු කරන ලදී.ජනාධිපතිවරයාගේ මෙම  හදිසි  ආණ්ඩුකාර පත්කිරීම   පිටුපස ඇත්තේද   වෛරි සහගත  උවමනාවක් බව  දේශපාලන විචාරකයන්ගේ  අදහස වී ඇත.