lnc 3
රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සතිය තුළ පත්කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින්  ඇමැතිවරුන්ට  දැනුම් දී ඇති  බව  වාර්තා වේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්  කැබිනට් රැස්වීමේදී  මෙම දැනුම්දීම කර ඇත.

රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීමෙන් එම ආයතන පවත්වාගෙන යාමේ ගැටලු මතුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දිවුරුම් දී සති කිහිපයක් ගතවී ඇතත් සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල මෙතෙක් පත්කර නැති බවද සඳහන් කර ඇත.

සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් පත්කිරීමේදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශය ලබාගත යුතු බවද ප්‍රකාශ කර ඇත.