topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – සුනිල් හඳුන්නෙත්ති.

Sunil_Handuneththi_JVP_Press

සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බවත්  ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවල දේශපාලන ව්‍යාපෘතියක් නොකර රැකියා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඒ වගේම අවිධිමත්ව සිදුකරන සම්මුඛ පරීක්‍ෂණ නතර කළ යුතු බවත් සියලුම උපාධිධාරීන්ට සීමා පනවන්නේ නැතිව රැකියාවක් ලබාගැනීමට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ  අද (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති.

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ගැටලූව මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකටම හිසරදයක් වුනා වගේම ජනතාවටත් උපාධිධාරීන්ටත් එය හිසරදයක් වෙලා. අවුරුදු 14-15ක් ඉගෙනගෙන උපාධියක් ලබාගන්නා තරුණයාට රැකියාවක් ලබාගන්න බැරි තත්වයක් උදාවෙලා. අධ්‍යාපනයේ උපරිම ඵලය කලා වානිජ, විද්‍යා, ඉංජිනේරු උපාධියයි. අධ්‍යාපනයේ ඉහළම සංකේතය උපාධියයි. රටේ ජාතික ආදායමින් විශාල පංගුවක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. පළමු වසරේ සිට 13 වසර දක්වාත් ඉන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වසර 4ක් හෝ 5ක් දෙමව්පියන් පුද්ගලිකවත් ආණ්ඩුවක් ලෙස ජනතා බදු මුදලූත් වියදම් කරනවා. කලා වානිජ උපාධිධාරියෙක් සඳහා ආණ්ඩුව රු. ලක්‍ෂ 10කට අධික මුදලකුත් වෛද්‍ය සහ ඉංජිනේරු උපාධිධාරීන් සඳහා රු. ලක්‍ෂ 15කට අධික මුදලකුත් ආණ්ඩුව වැය කරනවා. එවැනි මුදලක් වැය කරලා උපාධියක් ලබාගන්නා තරුණයින්ගෙන් රටට ප‍්‍රතිලාභයක් ලබාගැනීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. නමුත් දැන් ආණ්ඩුවටත් උපාධිධාරියාටත් උපාධිය හිසරදයක් බවට පත්වෙලා. රැකියා ඉල්ලන එක ආණ්ඩුවට වදයක් වෙලා. අද උපාධිධාරීන්ට සත්‍යග‍්‍රහයක්, උපවාසයක්, උද්ඝෝෂණයක් නොකර රැකියාවක් ලබාගත නොහැකි තත්වයකට පත්වෙලා. ආණ්ඩුව කියන්නේ උපාධිධාරීන් ආණ්ඩුවෙක් රැකියා බලාපොරොත්තු වීම වරදක් කියලා.

හැමදාමත් අපේ රටේ, උපාධිධාරීන්ට රැකියා ලබාදීම මැතිවරණ පොරොන්දුවක් වුණා. ඒ නිසාම මැතිවරණ කාලෙට උපාධිධාරීන් දේශපාලඥයින්ගේ කැන්වසින් යෑම, රැස්වීම්වලට සහභාගී වීම, කාර්යාලවල ලියුම් කවර මුද්දර අලවන තත්වයට පත්වෙලා. උපාධිධාරීන්ට වගේම උසස්පෙළ සමත් සා.පෙළ සමත්, වෙනත් කුමන හෝ ඩිප්ලෝමාධාරියෙකුට රැකියාවක් ලබාදීමට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. අද තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගැනීම ඛේදවාචකයක් බවට පත්වෙලා. මොකද අපේ රටේ ආණ්ඩුවලට රැකියාවක් ලබාදීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ.

උපාධිධාරීන්ට අවසාන වතාවට රැකියා ලබාදුන්නේ 2012 මාර්තු මාසයේදීයි. ඉන් පසුව දකුණු පළාත් සභාවේ සහ ඌව විශාල උද්ඝෝෂණයක් කරලා උපාධිධාරීන් සුළු පිරිසක් ගුරු පත්වීම් ලබාගත්තා. ඊට අමතරව 2012න් පසුව උපාධිධාරීන් සඳහා කිසිදු රැුකියා දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. අපේ රටේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු තිබෙනවා. එමෙන්ම වාර්ෂිකව විශ‍්‍රාම යන ප‍්‍රමාණයක් ඉන්නවා. නමුත් ආණ්ඩුවට පුරප්පාඩු වන ප‍්‍රමාණය හෝ අලූතින් රැකියා ජනිතවන ප‍්‍රමාණය පිළිබඳව කිසිදු සංගණනයක් නැහැ. ඒ නිසාම වාර්ෂිකව උපාධිධාරීන් රැකියා විරහිත ගොඩට එකතු වෙනවා. එහි ප‍්‍රතිඵලය වෙලා තිබෙන්නේ ඡුන්ද කාලෙට උපාධිධාරීන් දේහපාලනඥයන්ගේ ආවතේව වැඩවලට යන්නට සිදුවීමයි.

වර්තමාන ආණ්ඩුවත් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. 2017 අගෝස්තු මාසේ 06වැනිදා උපාධිධාරීන්ට ඉල්ලූම්පත් යොමුකරන්න කියලා ආණ්ඩුව කිව්වා. පසුව අපේ‍්‍රල් 16-30 දක්වා කාලය තුළ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවලදී සම්මුඛ පරීක්‍ෂණ කළා. ආර්ථික ප‍්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය තමයි සම්මුඛ පරීක්‍ෂණ සැලසුම් කළේ. එම සම්මුඛ පරීක්‍ෂණත් සිදුකළේ ඉතාම අසාධාරණ ආකාරයටයි. උපාධිධාරීන්ගේ උපාධි සහතිකය උපාධිය ලබාගත් වසර ඒ කිසිවක් සැලිල්ලට ගත්තේ නැහැ. අන්තිමේදී සම්මුඛ පරීක්‍ෂණ කළ නිලධාරීන් පවා උපාධිධාරීන්ට කිව්වා, මේ සම්මුඛ පරීක්‍ෂණවලින් කවදාවත් ඔබලාට රැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ තරමට ආණ්ඩුව සම්මුඛ පරීක්‍ෂණ සිදුකළේ රැකියා ලබා නොදීමේ අරමුණ ඇතිවයි. අන්තිමේදී උපාධිධාරීන්ට ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවල ආසන සංවිධායකයින්ගේ ගෙවල්වලටත් සම්මුඛ පරීක්‍ෂණවලට යන්නට සිදුවුණා. ආණ්ඩුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ට, ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට රැකියා කෝටා ලබාදුන්නේ කලින් කරන ලද සම්මුඛ පරීක්‍ෂණත් සැලකිල්ලට නොගෙනයි. ආණ්ඩුව සම්මුඛ පරීක්‍ෂණවලින් උපාධිධාරීන් 20,000ක් බඳවා ගන්න තීරණය කරලා තිබුණා. පහුගිය ජූලි මාසයේ 02වැනිදා ඉන් 5,000ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිතව තිබුණා. නමුත් ඒ සියල්ල නවතා දමලා ආණ්ඩුව නැවත මුල සිට සම්මුඛ පරීක්‍ෂණ ආරම්භ කොර තිබෙනවා.

දැන් ආණ්ඩුව සීමාවක් දාලා තිබෙනවා සම්මුඛ පරීක්‍ෂණවලට අවුරුදු 35ට අඩු උපාධිධාරින් සහභාගි වෙන්න කියලා. 2012 වසරේ අවුරුදු 30ක් වුණු උපාධිධාරියා දැන් වයස 36ක පුද්ගලයෙක් බවට පත්වෙලා. 2012න් පස්සේ ආණ්ඩුව රැකියා නොදුන් වරදටත් වගකියන්න සිදුවෙලා තිබෙන්නේ එම උපාධිධාරීන්ටමයි. එනිසා ආණ්ඩුව මෙවැනි සීමාවන් පැනවීම නොකළ යුතුයි. එවැනි සීමාවන් නිසා වයස 35 ඉක්මවූ උපාධිධාරියෙකුට කවදාවත් ආණ්ඩුවේ රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව බාහිර උපාධිධාරීන් කප්පාදු කරන්නත් උත්සාහ කරනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් පසුව එම උපාධිය බාහිරද අභ්‍යන්තරද යන්න ගැටළුවක් වෙන්නේ කොහාමද? එසේ නම් ආණ්ඩුව බාහිර උපාධිය, උපාධියක්ද නැද්ද කියලා පැහැදිළි කිරීමක් කළ යුතුයි. අපි කියන්නේ මෙවැනි සීමාකම් නොදා සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි. ආණ්ඩුව මේ කරන්නේ ඊළඟ මැතිවරණය එන තෙක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය ඇදගෙන යාමටයි. තව දුරටත් උපාධිධාරීන් දේශපාලන අතකොළුවක් බවට පත් කරන්නයි. රැුකියා ලබාදීමට මේ ආණ්ඩුවලට ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීමේ හිසරදයේ වේදනාව විඳින්න වෙලා තිබෙන්නේ උපාධිධාරීන්ටයි. ඉගෙන ගන්න දරු පරම්පරාවටයි.

මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 57,000ක ප‍්‍රමාණයක් ඉන්නවා. එම සියලූම දෙනාට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සංස්ථා, මණ්ඩල, අධිකාරී අතුළු රජයේ ආයතනවල රැකියා පුරප්පාඩු තිබෙනවා. නමුත් එම පුරප්පාඩු හොයන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ. උපාධිධාරියාගේ උපාධි සහතිකය ප‍්‍රධානම සුදුසුකමක් නම් ඒ වෙනුවෙන් විශාල ලෙස ජනතා මුදල් වැය කරනවා නම් උසස් පෙළෙන් ඉහළම ලෙස සමත් සිසුන් මෙම උපාධි සහතිකය ලබා ගන්නවා නම් ඇයි ඔවුන්ට ආණ්ඩුව රැකියාවක් ලබා නොදෙන්නේ? උපාධිධාරියෙකුට රැකියාවක් ලබාදෙන්න බැරි ආණ්ඩුවක් රටකට මොකටද? එනිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් රැකියා විරහිත උපාධිධාරින්ගේ ජාතික මධ්‍යස්ථානය ලෙසත් ආණ්ඩුවට අපි බල කරන්නේ මෙම සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි. ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවල දේශපාලන ව්‍යාපෘතියක් නොකර රැකියා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම අවිධිමත්ව සිදුකරන සම්මුඛ පරීක්‍ෂණ නතර කළ යුතුයි. සියලූම උපාධිධාරීන්ට සීමා පනවන්නේ නැතිව රැකියාවක් ලබාගැනීමට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාවෙන් උපාධිය ලබාගත් උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් අද රැකියා ලබාදෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. නැගෙනහිර ආණ්ඩුකාරවරයාම කියලා තිබෙනවා පුරප්පාඩු තිබෙනවා කියලා. ඒ වගේම රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින්ගේ විශාල හිඟයක් තිබෙනවා. දෙමළ භාෂාවෙන් වැඩ කරන්න නිළධාරීන් නැහැ. එසේ තිබියදී දෙමළ භාෂාවෙන් උපාධි ලබාගත් උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. මෙවැනි ක්‍ෂේත‍්‍ර පිළිබඳව වෙන වෙනම වැඩපිළිවෙළවල් සකස් කළත් ආණ්ඩුවට රැුකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය විසඳන්න හැකියාව තිබෙනවා.

ආණ්ඩුවට ඕනෑ වී තිබෙන්නේ උපාධිධාරීන් සත්‍යග‍්‍රහ කරන එකද? උද්ඝෝෂණ කරන එකද? ඔවුන්ට රැකියාවක් ලබාගන්න ඔළු පලාගන්න ඕනැද? රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය ඉතාම බරපතළයි. එනිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙස රැුකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලූව විසඳා ගැනීමට උපරිම ආකාරයෙන් සහාය ලබා දෙනවා. ඔවුන්ගේ සියලූම අරගලවලට අපි මැදිහත් වෙනවා. පිටිපස්සෙන් සිට නොව ඉදිරියෙන් සිට අපි එම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි ජනතාවගෙන් මෙන්ම මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා රැුකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ කරදරයක් ලෙස හිතන්න එපා. මොකද, ඇතැම් උපාධිධාරීන්ගේ තත්වය ඉතාම කණගාටුදායකයි. ඔවුන් ඉතාම අමාරුවෙන් උපාධිය ලබාගෙන නීති විරෝධී ක‍්‍රියාවලට යොමු නොවී තමන්ගේ රටට වැඩක් කරන්න, ශිෂ්ඨ සම්පන්නව ජීවත් වෙන්න රැුකියාවක් ලබාදෙන්න කියලයි ඉල්ලන්නේ. ඔවුන්ට අධ්‍යාපනය ලබාදුන් දෙමව්පියන්ට සලකන්න අවස්ථාවක් ලබාදෙන්න කියලයි ඉල්ලන්නේ. තමන්ගේ හැකියාවෙන් රටට වැඩක් කරන්න ආණ්ඩුව අවස්ථාවක් දෙන්නේ නැත්නම් ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම ඉතාම සාධාරණයි. මෙය ජාතික ප‍්‍රශ්නයක් ලෙස නොසලකා උපාධිධාරීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩුවට ඉඩදිය යුතු නැති බව පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති,

උපාධිධාරීන් රටේ ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ මේ රට විනාශ කරපු, ජනතා දේපළ විනාශ කරපු, මංකොල්ල කාපු තකතීරු දේශපාලනඥයන්ම තමයි. උපාධිධාරීන් රටේ ආර්ථිකයට ගැලපෙන්නේ නැහැ කියන්න දේශපාලනඥයින්ට තිබෙන සුදුසුකම මොකක්ද කියලා අපි අහනවා. අද අපේ රටේ ඛේදවාචකය වෙලා තිබෙන්නේ මේ දේශපාලනඥයෝ අපේ රටට නොගැලපීමම තමයි. රටේ අධ්‍යාපනය සහ ආර්ථිකය එකට ගැට ගැසී තිබෙනවා. ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපනයක් සකස් වී නොමැති නම් එයට වගකිව යුත්තේද රටේ ආණ්ඩුවයි. ඒ සඳහා උපාධිධාරීන් වගකිව යුතු නැහැ. ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපනයක් සකස් කළ යුත්තේ පාලකයෝයි. මේ විදිහට ගියොත් අපේ රට උපාධිය ගන්න එකත් වැරදියි කියන තැනට පත්වෙයි. අපේ රටේ දරුවන් ඉගෙන ගන්න එකත් වැරදියි කියලා කියන තැනකට අපේ රට පත්වෙමින් තිබෙනවා.

විදේශ රටවල හැකියාවන් තිබෙන වෘත්තිකයින්ට විශාල ඉල්ලූමක් තිබෙනවා. නමුත් අපේ රටින් විදෙස් රටවලට යවන්නේ ගෘහ සේවිකාවන් පමණයි. විදෙස් රටවලට වෘත්තිකයන් යවන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ. පුහුණු ශ‍්‍රමිකයින් විදෙස්ගත කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කරනවා නම් රැුකියා ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගන්න පුළුවන්. හමුදා සේවයේ සිටි බොහෝ පිරිසකට යම් යම් වෘත්තීන් සඳහා ඉහළ තාක්‍ෂණික පුහුණුවක් ලබාදී තිබෙනවා. නමුත් ඔවුන් විශ‍්‍රාම ගිය පසු විදෙස් රටක සේවය කිරීමට හැකි පරිදි ඔවුන්ට සහතිකයක් ලබාදීමට ආණ්ඩුවට වුවමනාවක් නැහැ. වෙනත් රටවල්වල තරුණ තරුණියන්ට රැුකියා සොයා ගැනීමට රැකියා බැංකුවක් තිබෙනවා. නමුත් අපේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් සොයා ගන්න ආයතනයක් නැහැ. ඔවුන්ට රැකියා ඒජන්සි පස්සේ යන්න සිදුවෙලා. එනිසා අපේ රටේ තරුණයන්ට රැකියා ලබාදෙන්න ජාතික ප‍්‍රතිපත්තියක් ඕනෑ. ඒ වගේම ඉගෙන ගත් අය සුදුස්සන් ලෙස සලකන ආණ්ඩුවක් අපේ රටට පත්කරගන්න ඕනෑ.

Leave A Reply

Your email address will not be published.