topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරාය නගරයට ඇමති චම්පිකගෙන් “සුදුම සුදු සහතිකයක්”

champika _ranawaka

මෙරට හැර යාමට නියමිත වෘත්තීයවේදීන් 80,000 කට වරාය නගරයෙන් රැකියා අවස්ථා ඇති  බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  කියා  සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ රුපියල් මිලියන 710 ක වියදමින් ඉදිකරන ලද දන්තුරේ පොත්තපිටිය බස්නැවතුම්පල සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක ද එක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ අමාත්‍යාංශයට බාර දුන්නා කොළඹ වරාය නගරය. මේ වරාය නගරය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා එයා කරපු එකක් කියලා. ඒක එහෙම එකක් නෙමෙයි මේක 1998 කලම්බු මෙට්රෝ පොලිටන් ප්ලෑන් එකේ එවකට නාගරික සංවර්ධන ඇමති ඉන්දික ගුණවර්ධන මහතාගේ කාලයේ ඇතිකල සැලසුමෙන් ගලා ආ අදහසක්. ඒ වෙලාවේ තිබූ අදහස තමයි ඒ කාලේ තිබූ අපේ එළිසබත් ජැටිය, එම ජැටිය බොහොම පටුයි, නොගැඹුරුයි.  ඒ වෙනුවට ගැඹුරු දකුණු කොළඹ වරයා කියලා එකක් හදලා එළිසබත් ජැටිය තිබෙන ප‍්‍රදේශය නගරයක් හදන එක තමයි මුල් කාලයේ වරාය නගරය නමින් අදහස් උනේ. පසුව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අපි දකුණු වරායේ රළ කඩනය හැදුවා. එය හැදුවහම පෙනී ගියා  හැම වෙලාවෙම කළු ගඟ ඇතුළු එම ගංගා නිසා දකුණින් උතුරට වැලි ගොඩගසනවා.  රළ කඩනය හදලා ඉතාම සුළු කාලයකින් තේරුණා සම්පූර්ණයෙන් එතන ගොඩඋනා.  ඒ අනුව අදහසක් ආවා නගරයක් හදන්න සුදුසු තත්වයක් තිබෙනවා බ්රේක් වෝටර් එකට පසු පසින් කියලා. ඒ අනුව තමයි අග‍්‍රාමාත්‍යතුමා 2002 අගමැති වූ වෙලාවේ සුබන යුරෝන් කියන ආයතනයත් සමග එකට එකතු වෙලා ඇතිකළ යළි පුබුදමු ශ‍්‍රී ලංකා කියන වැඩපිළිවෙලේ තිබිච්ච මෙගාපොලිස් නමින්ම තිබූ වැඩපිළිවෙලේ දකුණු වරාය යටින් නගරයක් ඉදිකිරීම පිළිබඳ අදහස ආවේ.

 ඕක තමයි චීන සමාගයක් 2013 දී අරගෙන වරාය අධිකාරියත් සමග ඔය වැඩේ පටන් ගත්තේ. එහි මතු වූ ගැටළු පිළිබඳව අප දන්නවා. පරිසර අධ්‍යනයක් සිදු කර නොතිබූ නිසා විශාල අනතුරක් වෙයි කියලා බයක් තිබුණා. ධිවර සම්පත නැතිවීම නිසා ධිවරයින්ට ප‍්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මේක වරාය අධිකාරියට කරන්න පුළුවන්ද කියලා නීත්‍යානුකූල ප‍්‍රශ්නයක් තිබුණා. වරාය අධිකාරි පනතෙන් එහෙම දේවල් කරන්න බැහැ. ඊ ළඟට මේකේ ඉඩම් සින්නක්කරව චීන සමාගමට ලබාදීම නිසා ගැටලූවක් මතු වී තිබුණා.  ඊළඟට මේකේ කි‍්‍රයාකාරකම් හැටියට තිබුණේ ෆෝමියුලාවන් රේස් යන එකයි. කැසිනෝ හයක් ඇති කරන එකයි.  මේ වගේ ගැටලූ ගණනාවක් තිබුණා. ඒ අනුව තමයි මේ රජය ඇවිල්ලා මේ ව්‍යාපෘතිය නතර කළේ. නමුත් ඒ අවස්ථාවේදී ඇතිවූ දේශපාලන කලබැගෑනි, කතාබහත් සමග අවසානයේ රජය තීරණය කලා මේක කි‍්‍රයාත්මක කරන්න. ඒ අනුව වරාය අධිකාරිය සතු තිබූ මෙම ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට අපි බාර ගත්තා 2016 ජූනි මායේදී. ඊට පසුව එම චීන සමාගත් සමග සාකච්ඡා කර අලූත් ගිවිසුමක් හැදුවා පරණ ප‍්‍රශ්න ඔක්කොම අතෑරලා. පළමුවෙන්ම අපි කළ දේ තමයි සින්නක්කරව චීන සමාගමට දීපු අයිතිය අහෝසි කිරීම.  දැන් මෙහි තිබෙන හැම ඉඩමක්ම අයිති රජයට, ඉඩම් කොමසාරිස් ජෙනාරාල්වරයාට. ඒ වගේම මෙහි තිබෙන ඉඩම් වෙන කාට හරි දෙන්න අයිතිය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට. මෙහි තිබූ ෆෝමියුලා වන් රේස් යන එක අපි අයින් කළා. ඒ වෙනුවට අපි උද්‍යානයක් හැදුවා. ඒ උද්‍යානය ගෝල්ෆේස් එක වගේ හත් ගුණයක් විශාලයි.  එය 2021 දී හැමෝටම විවෘත කරනවා.

ඊ ළඟට මේකට අරමුණක් තිබුණේ නැහැ, කැසිනෝ 6 ක අරමුණ විතරයි තිබුණේ. ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ යෝජනාවක් අනුව අපි එතන මූල්‍ය නගරය කියලා ගොඩනැගිල්ලක් ඉදිකරන්න කටයුතු කලා, ලෝකේ තිබෙන සියළුම බැංකුවලට එතනට එන්න. එහි වැඩකට යුතු මේ වසරේදී පටන් ගැනීමට නියමිතයි. ඒ වගේම පරිසර අධ්‍යනයක් කළා. 277 ක් විරෝධතා ආවා. මීගමුවේ ධිවරයෝ සති නමයක් මේකට විරුද්ධව උපවාස කළා. මුළු පල්ලියම පාරට බැස්සා. එවැනි ප‍්‍රශ්න ගණනාවක්ම ඇති උනා. අපි ඒ හැමෝම සමග කතා බහෙන්, ඒ අය කළ සාධාරණ විවේචන පිළිගනිමින් ධිවරයින්ට මිලියන 500 ක වන්දියක් ගෙව්වා. ඒ යනාදි වශයෙන් අපි කෙසේ හෝ මේ කටයුත්ත හමාර කළා. රාවය පත්තරේ හෙඩ්ලයින් ගියා වරාය නගරය නිසා කොළඹ නගරය ගිලා බසිනවා කියලා. මේ වගේ නොයෙක් බිය සැක තිබුණා. මේ සියළු දේ සමග පසුගිය 16 වෙනිදා මෙම හෙක්ටයාර් 269 ම ගොඩකර තිබෙන්නේ. මෙම උද්‍යානයෙ  රෝපණය සඳහා සුදුසු සඳහා ශාඛ වර්ග 300 ක් පමන අත්හදා බැලූවා.

මෙහි පළවෙනි ඉඩම් කට්ටි 4 වෙන් වෙන්නේ මූල්‍ය නගරයට. එයට ආයෝජනය කරන්නේ චීන සමාගම.    ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක්. ඒ තුන තමයි තියෙන්නේ. මේ අගිස්සේ 3 ලංකාණ්ඩුවේ ඉඩම්වල කෙරෙන්නේ.  මෙයට අවශ්‍ය නීති සම්පාදනය ලබන මැයි මාසයේ පාර්ලිමේන්තුව ආරම්භ කළහම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මුලින්ම මේ ඉඩම ලංකාණ්ඩුවේ කොටසක් හැටියට ගැසට් කරන්න  ඕනේ. ඊ ළඟට මේක නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් විය යුතුයි. ඊ ළඟට මේකේ ඉඩම් විකිණීමේ කටයුතු ඇතිකර ගන්න  ඕනේ. මේකටම අදාල නීති පද්ධතියක් ඇතිකරගන්න බලාපොරොත්තු වෙනවා. මේක නිදහස් වෙළඳ කලාප පාලනය කරනවා වගේ කොළඹ නගර සභාවෙන් නෙමෙයි විශේෂ පාලන අධිකාරියකින් පාලනය වෙන්නේ.  එහි පදිංචි කරුවන් අතරේ වෙනම ඡන්දයක් තියෙනවා. ඒක තමයි තත්වය 2024 දක්වා මේ ඉඩම් කට්ටි 4 යි, අර උද්‍යානයයි, තව යොට් මැරීනා එකක් ඇතිවෙනවා. ඒ පහ විතරයි 2025 වෙනකන් කෙරෙන්නේ. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඊට අමතරව ඔබතුමාලට පේනවා කැළණි පාලම, එම පාලම උඩින් පාරක් එනවා වරාය හරහා චෛත්‍ය පාරට. චෛත්‍ය පාරේ සිට කොල්ලූපිටිය හන්දිය දක්වා වෙරළ දිගේ පොළව යටින් පාරක් ඉදිකරනවා. ඒකටත් අවශ්‍ය කරන ගිවිසුම් පත‍්‍ර ඇතිවුණා. මාර්ග සංවර්ධන අධිකාරිය අපට සැලසුම් දුන්නා. එම පාර ඇතිකිරීම සඳහාත් පොලී විරහිත ණයක් ලැබෙනවා. එමගින් එහි කටයුතු සම්පූර්ණ වෙනවා. අපි දැනට විදුලි බලය සහ ජලය ලබාදී තිබෙනවා.  කැළි කසල අපහරණය සඳහා වැඩසටහනක් අනාගතයට හදලා තිබෙනවා. මේක මේ රටේ විශාල ආයෝජනයක්. ආකර්ෂණයක්. මේ රට දාලා යන්න නියමිත 80,000 ක් වෘත්තීයවේදීන්ට මෙහි රැකියා අවස්ථා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.’ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.