topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ දෙදෙනාම සමුපකාරයක මුරකරු රස්සාවකටවත් නුසුදුසු පුද්ගලයන් බව ඔප්පු කළා. ජවිපෙ කියයි

අන්තවාදය පරාජය කිරීමට බෙදීම් පසෙක ලා එක්ව නැගී සිටිමු  යයි  ජනතා  විමුක්ති  පෙරමුණේ  නායක  අනුර දිසානායක  කියා  සිටියි. ඒ අද ජනතා  විමුක්ති  පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  පැවති මාධ්‍යහමුවක්  අමතමිනි. එම මාධ්‍ය හමුවේදී  වැඩිදුරත්  අදහස් දැක්වූ  අනුර  දිසානායකයන්
21වැනිදා ප‍්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ ප‍්‍රහාරයක් බව ඉතාම පැහැදිලියි. දැන් කළ යුතුව තිබෙන්නේ ඉස්ලාම් අන්තාවදී මතවාදය, ඊට හවුල් පුද්ගලයින්, සංවිධාන මුළුමනින්ම පරාජය කිරීම සඳහා කටයුතු කිරීමයි. එසේ වුවත් තවමත් ආණ්ඩුව ගන්නා කි‍්‍රයාමාර්ග අසාර්ථක බව පේනවා. මෙම ඉස්ලාම් අන්තවාදී මතවාදය තීරණාත්මකව පරාජයට පත් නොකොට රට යළි යථා තත්වයට පත් කළ නොහැකියි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙසත් රටට, ජනතාවට වගකිවයුතු ආකාරයෙන් කටයුතු කරනු වෙනුවට ඔවුන් බලය ලබාගත් දා සිට කි‍්‍රයාත්මක වුණේ ශී‍්‍රලනිප නායකයා ලෙස හ එජාප නායකයා ලෙස පමණයි. බලය ගත්දා සිට තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් කුළල් කා ගැනීම්, යටිකූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණ වෙනුවෙන් කාලය ගත කරමින් රටේ ජාතික ආරක්‍ෂාව අනතුරක හෙළුවා. 21වැනිදා සිදුවීමෙන් පසුව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ හැසිරීම ජාතික ආරක්‍ෂාවටත් ජනතාවගේ ආරක්‍ෂාවටත් වගකිවයුතු හැසිරීමක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනාම කි‍්‍රයාත්මක වුණේ තමන්ගේ වගකීමෙන් නිදහස් වෙමින් වෙනත් කෙනෙකු වෙත වගකීම පවරමින් තමන්ගේ බල දේශපාලන න්‍යායපත‍්‍රය කි‍්‍රයාත්මක කර ගැනීමටයි. ආණ්ඩුව ලෙස කළ ප‍්‍රකාශ ඉතාම පරස්පර, අසත්‍ය, ළදරු, අපරිණත ප‍්‍රකාශ බවට පත්වුණා. රටකට වැදගත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට තබා ඔවුන් සමුපකාරයක මුරකරු රස්සාවකටවත් නුසුදුසු පුද්ගලයන් බව ඔප්පු කළා.
මෙම සිදුවීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රවේශය වුණේ බොරදියේ මාළු බාමින් මෙම සිදුවීම දේශපාලන බල න්‍යාය පත‍්‍රයේ කොටසක් ලෙස ගෙන ඉන් වාසි ලබාගැනීම නොවේ. ජනතා විමුක්ති පෙරමුණට ඕනෑ තරම් දේශපාලන සටන්පාඨ තිබෙනවා. මෙම ඛේදවාචකය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අපි පාවිච්චි කළේ නැහැ. අපේ ප‍්‍රවේශය වුණේ රටේ ජාතික ආරක්‍ෂාවත් ජනතාවගේ ආරක්‍ෂාවත් ප‍්‍රමුඛව මුල්තැනට ගෙන කටයුතු කිරීමයි. මෙම ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡු ප‍්‍රහාරයේ මතවාදී හවුල් කණ්ඩායම්, විවිධ සංවිධාන, පුද්ගලයින් මුළුමනින්ම පරාජයට පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා. මෙම සිදුවීමේ වගකීම ආණ්ඩුවට අත්හැරිය නොහැකි වගකීමක්. ඒ සඳහා වේගවත් මැදිහත්වීමක් අවශ්‍යයි. මේ මොහොතේ ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදය පරාජයට පත්කිරීමට සෘජු අධිෂ්ඨානයකින් යුතුව පියවර ගත යුතුව තිබෙනවා. ඒ වගේම අනෙකුත් ආගමික අන්තවාදයන් හිස එසවීමට ඉඩ නොදිය යුතුව තිබෙනවා.
දේශපාලන නායකත්වය, ආරක්‍ෂක අංශවල නායකයින් මෙම සිදුවීම වැළැක්වීමට අසමත් වූ අතර සිදුවීමෙන් පසු කඩිනම් පියවර ගන්නත් අසමත් වුණා. එම නිසා අපි අවධාරණය කරනවා සියලූම ආරක්‍ෂක අංශවල යාන්ත‍්‍රණය මුළුමනින්ම ප‍්‍රතිසංවිධානය කළ යුතුයි. 21වැනිදා ප‍්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා කියා තිබුණා පැය 24ක් ඇතුළත ආරක්‍ෂක අංශවල නිලතල ප‍්‍රතිසංවිධානය කරනවා කියලා. නමුත් තවමත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග අරගෙන නැහැ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තාවකාලිකව හෝ තමන්ගේ බල වුවමනාවන් පැත්තක තබා රටේ ජාතික ආරක්‍ෂාවත් ජනතාවගේ ආරක්‍ෂාවත් පිළිබඳව වගකියන නායකයින් ලෙස කි‍්‍රයාත්මක විය යුතුව තිබෙනවා. බල දේශපාලනය වෙනුවට රටේ ජනාධිපතිවරයා ලෙසත් අගමැතිවරයා ලෙසත් තම වගකීම හඳුනාගෙන කටයුතු කළ යුතුව තිබෙනවා.
මෙම ඉස්ලාම් අන්තවාදය පැරදවීමට රටේ මහජනතාවට ඉතාම සුවිශේෂී වූ වගකීමක් තිබෙනවා. ඉස්ලාම් අන්තවාදීන් ආරක්‍ෂා වෙන්නේ මුස්ලිම් ජන සමාජය ඇතුළේ. ඉස්ලාම් අන්තවාදී මතවාදය ප‍්‍රචාරය කරන්නේ මුස්ලිම් ජන සමාජය ඇතුළේ. එම නිසා විශේෂයෙන් මුස්ලිම් සමාජයට විශේෂ වගකීමක් තිබෙනවා මෙම ඉස්ලාම් අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා. අන්තවාදයට විරෝධය පළ කිරීමෙන් ඔබ්බට ගොස් එම මතවාදී යාන්ත‍්‍රණය පරාජය කිරීමට, එයට සම්බන්ධ පුද්ගලයින් සංවිධාන තීරණාත්මතව පරාජය කිරීමට සකී‍්‍රය මැදිහත්වීමක් කළ යුතුව තිබෙනවා. එම අන්තවාදීන් හෙළි නොකර ඔවුන් සම්බන්ධ තොරතුරු ලබා නොදී අන්තවාදය තීරණාත්මකව පරාජය කළ නොහැකියි. ඒ වගේම අපේ රටේ පොදු ජනතාව යම් සිදුවීමක් සිදුවූ පසු එය තමන් නියෝජනය කරන දේශපාලන මතවාදයේ කෝණයෙන් බලා නිගමනවලට එළඹීමේ පුරුද්දක් තිබෙනවා. අපි සියලූම ජනතාවගෙන් ඉල්ලනවා, මෙම ඇතිවෙලා තිබෙන තත්වය තමන්ගේ දේශපාලන පොර පිටියට සම්බන්ධ කරගන්න එපා කියලා. එසේ වුවහොත් එය කවර වර්ගයේ හෝ අන්තවාදයක් පෝෂණය කරන්න උදව් වෙන්න පුළුවන්. එසේ අන්තවාදයක් පෝෂණය වීමට ඉඩ දෙනවා වෙනුවට පොදු මනෝභාවයකින් කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම ආවේගයෙන්, කෝපයෙන් කි‍්‍රයාමාර්ග නොගන්නා ලෙසත් ඉල්ලනවා. දේශපාලන පක්‍ෂ, පොදු ජනතාව ඒ වගේම ආණ්ඩුව එක්ව කටයුතු කළොත් මෙම ඉස්ලාම් අන්තවාදය පරාජයට පත්කළ හැකියි. දේශපාලන බෙදීම්, ආගමික බෙදීම්, ජනතාවගේ බෙදීම් ඇතිකරගතහොත් අපි සියලූ දෙනාට එකට වැළලෙන්න පුළුවන්. එසේ නොමැතිව දේශපාලන භේද, ආගම් භේද සහ අනෙකුත් බෙදීම් පසෙක ලා එක්සත්ව කටයුතු කළොත් අන්තවාදය පරාජයට පත්කර අපිට නැගී සිටින්න පුළුවන්. අපි තීරණය කළ යුතුයි, බෙදී වැනසෙනවාද, එක්ව නැගී සිටිනවාද කියලා.
අපිට ඕනෑ තරම් අත්දැකීම් තිබෙනවා ලේ කඳුළු, ගංගා ගලා ගිය අතීතයක් පිිළිබඳව. අපිට නැවතත් එවැනි පොළොවක් අවශ්‍ය නැහැ. කවර වර්ගයේ හෝ අන්තවාදයක් එපා. කුමන හෝ අන්තවාදයක් යොදා ගනිමින් දේශපාලනය කළහොත් එයින් තාවකාලිකව වාසි ලැබෙන්න පුළුවන්. නමුත් එයින් දීර්ඝ කාලීනව අපේ රට ඛේදවාචකයකට ඇද දාන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් ලෙස අපේ සියලූ සංවිධාන යාන්ත‍්‍රණ හසුරුවමින් තිබෙන්නේ ගම් මට්ටමින් ජනතාවගේ ආරක්‍ෂාව සඳහා කටයුතු කිරීමටයි. ඒ වගේම අපි සියලූම ජනතාවගෙන් ඉල්ලනවා මේ මොහොතේ සියලූ බේද පසෙකලා එක්ව කටයුතු කරන්න කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
ජනතා විමුක්ති පෙරමුණ ලෙස රට තුළ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණයක් අරගෙන තිබෙනවා.
ලෝකය පුරා ආගමික අන්තාවාදයක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් ලෝකය පුරා මෙවැනි ම්ලේ්ච්ඡ ප‍්‍රහාරවලට මැදිහත්වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑතරම් ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තිබෙනවා. ශී‍්‍ර ලංකාවට එවැනි අන්තවාදීන්ගෙන් තර්ජනයක් තිබුණු බව අගමැතිවරයා දැනගෙන සිටිය බවක් හෝ ඒ සඳහා පියවර ගැනීමට නීති ප‍්‍රමාණවත් නොමැති බවක් මීට පෙර ප‍්‍රකාශ කර නැහැ. නීති ප‍්‍රතිපාදන මදි නම් පාර්ලිමේන්තුවේ එම නීති සම්පාදනය කර ගැනීමට වගකීම තිබෙන්නේ ආණ්ඩුවේ අගමැතිවරයාටයි. නමුත් මෙම සිදුවීමෙන් පසුව එවැන්නක් පැවසීම අගමැතිවරයා තම වගකීමෙන් ලිස්සා යෑම සඳහාත් වගකීම අන් අය වෙත පැවරීම සඳහාත් කරන උපක‍්‍රමයක්. නැවත නැවතත් ඔප්පු වෙමින් තිබෙන්නේ අපේ රටේ දේශපාලන නායකත්වය අසාර්ථක බවයි. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශපාලන යාන්ත‍්‍රණයත් ආරක්‍ෂක යාන්ත‍්‍රණයත් එක්ව කි‍්‍රයා කළ යුතුව තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තු අපේක්‍ෂකයෙකු ලෙස සිටි ඊබ‍්‍රාහිම් නැමති පුද්ගලයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ලැයිස්තුවකට පුද්ගලයින් ඇතුළත් කිරීමේදී එහි පරමාර්ථය වන්නේ විවිධ වෘත්තීන්, විවිධ ජාතිකත්වයන් නියෝජනය කිරීම සඳහා පක්‍ෂයේ සාමාජිකයින් නොවන පුද්ගලයින්ට අවස්ථාව ලබාදීමයි. අපේ රටේ කීර්තිමත්ම රාජ්‍ය නිලධාරියෙක් වන සරත් මායාදුන්නේ මහතා ඒ ආකාරයෙන්ම අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයෙක්. ඔහු ජවිපෙ සාමාජිකයෙක් හෝ කි‍්‍රයාකාරිකයෙක් නොවෙයි. වර්තමානයේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් අපේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයෙක් වෙලා තිබෙනවා. ඒ අකාරයටම ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ දේශබන්ධු, දේශකීර්ති සහ හොඳම ව්‍යාපාරික සම්මානයෙන් පිදුම් ලැබූවකු ලෙස ඊබ‍්‍රහීම් නැමති පුද්ගලයා අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ජී.ඇල්. පීරිස් මහතාගෙන්, සුජීව සේනසිංහ මහතාගෙන් සම්මාන ලබාගෙන තිබෙනවා. ඒ නිසා මුස්ලිම් සමාජය නියෝජනය කරමින් අපි අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කළා. 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු සෘජුව සම්බන්ධ බව තහවුරු වෙලා තිබෙනවා. එම නිසා ඔහු පොලිස් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් කළ යුත්තේ මෙම ම්ලේ්ච් ප‍්‍රහාරයට, මෙම අන්තවාදීන්ට ඔහුගේ දායකත්වය තිබෙනවාද යන්න පරීක්‍ෂණ කොට තිබේ නම් ඒ වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමයි. ඔහු ආරක්‍ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු වුවමනාවක් නැහැ. මෙම ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනාටම ගත යුතු නීතිමය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අපි ඉල්ලනවා.
ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ මතවාදය මුළුමනින්ම පරාජයට පත්කළ යුතුයි. ඒ සඳහා දායක වෙන දේශපාලන ක්‍ෂේත‍්‍රයේ නිලධාරී තන්ත‍්‍රයේ ආගමික සංස්ථාවේ කවුරුන් හෝ මැදිහත් වෙනවා නම් ඔවුන් සියලූ දෙනාටම එරෙහිව නීතිමය පියවර ගත යුතුව තිබෙනවා. එහිදී දේශපාලන අධිකාරියේ බලයෙන් ආගමික රැස් වළල්ලෙන් නිලධාරී රැස් වළල්ලෙන් ගැලවීමට එම පුද්ගලයින්ට ඉඩ දිය යුතු නැහැ. කවර තරාතිරමක කෙනෙක් වුවත් නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුවට ස්ථිර අධිෂ්ඨානයක් තිබිය යුතුයි.
ආණ්ඩුව කියනවා නම් අන්තවාදය මර්දනය කිරීමට නීතිය ප‍්‍රමාණවත් නොමැති බව හෝ නීති අධ්‍යයනය කළ යුතුයි කියලා නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේදී කළ හැකියි. කෙසේ වෙතත් මෙම අන්තවාදී කණ්ඩායම් පිළිබඳව පරීක්‍ෂණ කළ යුත්තේ තහනම් ලේබලය යටතේ පමණක් නොවෙයි. කුමන හෝ තත්වයක් යටතේ එම අන්තවාදී සංවිධාන පිළිබඳව පරීක්‍ෂණ සිදුකොට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතුයි. එම අන්තවාදී සංවිධාන සමඟ මතවාදයන් සමග සම්බන්ධ සියලූම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුයි.
මෙම සිදුවීමේදී ආණ්ඩුවේ නිලධාරීන් නිසි පරිදි තම වගකීම ඉටුකර නොමැති නම් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. දේශපාලන බල අධිකාරියට හෝ ආණ්ඩුවේ නිලධාරීන්ට ජනතාවගේ ජීවිත බෝනික්කන් ලෙස සලකා කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ. ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශය ඉතාම නොසැලකිලි ප‍්‍රකාශයක් බව පැහැදිලියි. එමනිසා ආරක්‍ෂක අංශවල වෙනස්කම් කළ යුත්තේ ඉතාම විධිමත් සාකච්ඡාවකින්  පසුවයි. එසේ නොමැතිව නැවත වරක් දේශපාලන වුවනාවන් මත එම වෙනස්කම් නොකළ යුතු බව අපි අවධාරණය කරනවා.
ඇතැම් සිදුවීම් තිබෙනවා, එම සිදුවීමට පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබියෙදී අවශ්‍ය තොතුරු තිබියෙදී විමර්ශන අත්හැරපු අවස්ථා. දැන් කළ යුතුව තිබෙන්නේ එම අතීත සිදුවීම් පවා අත් නොහැර නැවත විධිමත් පරීක්‍ෂණයක් කිරීමයි. එවැනි කරුණු නිසා තමයි අපි චෝදනා කරන්නේ ආණ්ඩුව සිය රාජකාරී ඉටු කළේ නැහැ කියලා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාටත් රටේ ජනතාවගේ ජීවිත සමඟ පාපන්දු කී‍්‍රඩා කරන්න අයිතියක් නැහැ. ඒ වගේම අපි ඔවුන්ට කියනවා ජනතාවට විහිළු සපයන්න එපා කියලා. අපි වගකීමෙන් කියනවා, ජනාධිපතිවරයා බුද්ධි අංශ මෙහෙයුව්වේ තමන්ගේ බල න්‍යාය පත‍්‍රයට පමණයි. ඒ වගේම තමන්ගේ දේශපාලන ආරක්‍ෂාවට පමණයි.
හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, අසාද් සාලි සම්බන්ධයෙන් කබීර් හෂීම් කරන ප‍්‍රකාශ වගකීම් විරහිතයි. හිස්බුල්ලා දැන් ආණ්ඩුකාරවරයෙක්. අසාද් සාලි ජනාධිපතිවරයා විසින් පත්කළ ආණ්ඩුකාරවරයෙක්. මුජිබර් රහුමාන් කියන්නේ කබීර් හෂීම්ගේ පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක්. ඔවුන් සියලූ දෙනා නියෝජනය කරන්නේ ආණ්ඩුවයි. ඔවුන් සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තිබෙනවා නම් කබීර් හෂීම් කළ යුත්තේ රටට ප‍්‍රකාශ නිකුත් කිරීම නොව ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුලේදී කි‍්‍රයාමාර්ග ගැනීමයි. එසේ නොමැතිව ඔහු සිදුකර තිබෙන්නේ පක්‍ෂයේ මන්තී‍්‍රවරු බේරා ගැනීමට සහ ආණඩුව බේරා ගැනීමට කරන උත්සාහයක් පමණයි.
ඇමරිකා එක්සත් ජනපදයෙන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් විවිධ ත‍්‍රස්ත කල්ලි නිර්මාණය කරනවා. ඇමරිකාව කියන්නේ අවි නිෂ්පාදනය කරන රටක්. ඔවුන් නීත්‍යානුකූලව සහ නීතිවිරෝධී ලෙස අවි වෙළඳාම් කරනවා. ඒ සඳහා ලෝකය පුරා විවිධ ත‍්‍රස්ත කල්ලි නිර්මාණය කරනවා. එල්්.ටී.ටී.ඊ. සංවිධානයේ කේ.පී. අත්අඩංගුවට ගන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගියා. අත්අඩංගුවට ගත්තා නම් ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රධාන අවි සැපයුම්කරු ලෙස ඔහුගේ සම්බන්ධතා ජාලය හෙළිදරව් කරගන්න තිබුණා. නමුත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තිබෙන සම්බන්ධතාවය නිසා ඔහු අද නිදැල්ලේ ඉන්නවා. එම නිසා මෙම අන්තවාදී සංවිධානවලට ගෝලීය බලපෑමක් තිබෙනවා. නමුත් අපේ රට ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්වුණේ ඇයි? අපේ රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල නිසාත් රට තුළ අන්තවාදී කණ්ඩායම් නිර්මාණය වී තිබීම ඊට හේතුවක් වුණා. එසේ නොමැතිව මෙය තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කි‍්‍රයාවක් පමණක් නොව ජාත්‍යන්තර සම්බන්ධතා සහිතව කි‍්‍රයාත්මක වූවක් බව පැහැදිලියි.
මෙම අවස්ථාවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් , දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්තද සහභාගි විය.

 

Leave A Reply

Your email address will not be published.