පොලිස්පතිවරයාගේ අණින් සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 15ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු,පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරිවරු 25 දෙනෙක්ද මාරු කර ඇත.
මෙලෙස මාරු කර යාවා ඇත්තේ ගම්පහ හා කල්මුනේ මූලස්ථාන ස්ථානාධිපතිවරු මෙන්ම කෙසෙල්වත්ත,ඕමන්තේ, පමුණුගම, දංකොටුව, චුන්නාකම්, ලිඳුල, බම්බලපිටිය, මහරගම, වැල්වැටිතුරෙයි යන පොලිස් ස්ථානාධිපතිවරු බව වාර්තා වේ.