ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකතන ජාලය සහ තංගල්ල කාල්ටන් නිවසේ දුරකතන අතර සම්බන්ධයක් පැවත ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.
රජයේ නීතිඥවරයා කියා සිටියේ රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ඒ බව අනාවරණ වු බවයි.
එම ඝාතනය සිදුවූ දින රාති‍්‍රයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකතනවලින් තංගල්ල කාල්ටන් නිවසේ දුරකතනවලට ඇමතුම් ලැබී ඇතැයි විමර්ශනවලින් අනාවරණ වී තිබෙන බව මෙහිදි ප්‍රකාශ කළේය.
අදාළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.