මෙම ව්‍යපෘතියට අදාළව ඉකුත් 2013 වර්ෂයේ පුවත්පත් දැන්විම් මගින් ටෙන්ඩර් කැඳවා කොන්ත‍්‍රාත්කරුවන් බඳවා ගනු ලැබ ඇති බවත්, එම කොන්ත‍්‍රාත්කරුවන් වෙත අදාළ වංචා කළ මුදල් ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා වූ කේ. ඒ. අන්සාර් සහ අදාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වූ එස්. ඒ. රශීඞ් යන අයවලූන් ගේ අනුදැනුම මත සිදුවී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත .