ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ . පුවත් On Sep 11, 2019 වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ . මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේ අද (11දා) විභාගයට ගෙන ඇත. එහිදී විනිසුරු මඬුල්ලේ වැඩි ඡන්දයෙන් එය අභියාචනය ප්‍රතික්ෂේප විය මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාව ලැබී ඇත . Share this:TwitterFacebook Related Gotabhaya Rajapakse's request rejected.