topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය අසාධාරණයි, හවුල් ආණ්ඩුවටත් ආර්ථිකය ගොඩ ගන්න බැහැ.

001_8736

ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය අසාධාරණබවත්, හවුල් ආණ්ඩුවටත් ආර්ථිකය ගොඩ ගන්න හැකියාවක් නැතයියි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජ. වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මෙසේ පැවැසුවේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක දීය.වැඩි දුරටත්  අදහස් දැක්වු විජිත හේරත්

”අලූත් ආණ්ඩුවටත් පරණ ආණ්ඩුවට වගේම අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ කියලා පහුගිය අවුරුද්දේ ඔප්පු කරලා පෙන්නුවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩ පිළිවෙලක් නැති නිසා පරණ ආණ්ඩුව වගේම ජනතාව මත බදු බර පටවනවා. ණය ගන්නවා. ජනතාවට ලබාදී තිබෙන සහන කප්පාදු කරනවා. මේ ආණ්ඩුවටත් කරන්න ඉතිරි වෙලා තිබෙන්නේ ණය ගැනීම, සහන කැපීම, බදු බර පැටවීම පමණයි.
වත්මන් ආණ්ඩුව පහුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ගත්තා. ඒ ණය ගන්න වෙලාවේ අයි.එම්.එෆ් එකට පොරොන්දු වුණා බදු ගහලා රටේ ආදායම වැඩි කරගන්නවා කියලා. ඒ පොරොන්දුවට අනුව තමයි අවුල් ජාලාවක් කර ගනිමින් බදු පනතක් ගේන්නේ.  සාමාන්‍ය ජනතාවට පටවන බදු ප‍්‍රමාණය වැඩි කර තිබෙනවා. වැට් වැඩි වීමෙන්, ජාතිය ගොඩනැගීමේ බදු වැඩි වීමෙන් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවයි.
ආණ්ඩුවට වැට් පනතවත් හරියට ක‍්‍රියාත්මක කර ගන්න බැරි වුණා. පහුගිය දෙසැම්බර් මාසයේ අයවැය ගේනකොට වැට් බද්දක් පැනෙව්වා. ඊට පසුව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් 11% තිබූ වැට් එක 15% දක්වා වැඩි කළා. ඇතැම් භාණ්ඩවල වැට් ප‍්‍රතිශතය 4%කින් වැඩි වන විට ඒ වනවිට බදු අය නොකරමින් තිබුණු සෞඛ්‍ය සේවාව ඇතුළුව තවත් භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයකට 15%ක වැට් බද්දක් පැනෙව්වා. මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත යවපු ලිපියේ ඒ බව පැහැදිලිව ස`දහන් වුණා. ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි බිල් ස`දහා සහ දුරකතන සේවා ස`දහා 2%ක බද්දක් පැනෙව්වා. එම නිසා වැට් බද්ද 4%කින් වැඩි වුණා පමණක් නොව මෙතෙක් බදු අය නොකරපු භාණ්ඩ හා සේවා සදහා අලූතින් බදු එකතු වුණා.
මේ විදියට ගෙනාපු වැට් පනතට පළමු වතාවේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා අධිකරණය මගින් එම වැට් පනත අවලංගු කළා.
සංශෝධනය කරලා ගෙනාපු නව පනතෙන් මහලොකු දෙයක් වෙනස් කරලා නැහැ. සුළු ව්‍යාපාරිකයන් කඩ සාප්පු වහලා වැට් එකට විරෝධය පළකරමින් ආණ්ඩුවට බලපෑමක් කළා. ඒ නිසාම ආණ්ඩුව ඇතුලෙත් මත ගැටුමක් තිබුණා. ඒ සංවාදය නිසා වැට් සදහා ලියාපදිංචි විය යුතුව තිබූ වාර්ෂික ආදායම මිලියන 50 දක්වා වැඩි කිරීම පමණයි ආණ්ඩුව සංශෝධනය කරලා තිබෙන්නේ. ඒ අනුව මාසිකව එක් කෝටි තිස්අට ලක්ෂයකට ඉහළ ආදායමක් ලබන අය පමණක් වැට් සදහා ලියාපදිංචි විය යුතුව තිබෙනවා. ඊට අමතරව අලූතෙන් බදු එකතු වෙලා තිබෙනවා. ගුවන් ටිකට් පත් සදහා වැට් බදු හදුන්වා දී තිබෙනවා. සීනි අඩංගු කිරිපිටි නිශ්පාදනවලට අලූතින් බදු පනවා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ එකක් දෙකක් ඉවත් කරලා තිබුණට සෞඛ්‍ය සේවය සදහා අයකරපු බද්ද සම්පූර්ණ ඉවත් කරලා නැහැ. ජනතා විරෝධය නිසා යම් යම් සංශෝධන කිහිපයක් පමණයි කරලා තිබෙන්නේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කිව්වා ගෙනාපු වැට්බදු පනතේ අඩුපාඩු ගොඩක් තිබෙනවා ඒ නිසා අපි සංශෝධන දානවා කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනාපු අලූත් යෝජනවා මොකක්ද? මිලියන 30 පිරිවැටුම මිලියන 50 දක්වා වැඩි කිරීම පමණයි සිදු කර තිබෙන්නේ. ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන සදහා බදු එලෙසම අය කරනවා. වැට් බද්ද, විදුලි සංදේශ බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද වැනි සියලූ බදු එකතු කළ විට රුපියල් 100ක රීලෝඞ් එකක් ස`දහා රුපියල් 49.73% බද්දක් අයකර ගන්නවා. ලක්ෂ 20ක් පමණ විදේශ රැුකියාවල නිරත වන ශ‍්‍රී ලාංකිකයින්ට ලබා ගන්නා දුරකතන ඇමතුම් සදහා ජාත්‍යන්තර දුරකතන ඇමතුම් බද්ද ලෙස වෙනම බද්දක් අයකර ගනු ලබනවා. ජංගම දුරකතන කියන්නේ දැන් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ. නිෂ්පාදනය, වෙළදාම සදහා සෘජුව උපයෝගී කර ගන්නා සේවාවක්. එනිසා එයට බදු අයකිරීම අසාධාරණයි. එළවළු නිෂ්පාදනය කරන ගොවියා තම ඵලදාව නෙළන්නේ ප‍්‍රවාහනය කරන්නේ මිල ගනන් සොයා බලන්නේ ජංගම දුරකතන හරහා. එම නිසා දුරකතන සේවා සෘජුව නිෂ්පාදනයට අදාලයි. එසේ තිබියදී රාජිත සේනාරත්න කියනවා වියදම වැඩි නම් මොබයිල් ෆෝන් ඕෆ් කරන්න කියලා.
සංඛ්‍යා ලේඛනවලට අනුව ආණ්ඩුව උපයන බදු ආදායමෙන් වැට් බද්ද පමණක් 25%ක ප‍්‍රතිශතයක් අය කර ගන්නවා. 2010දී ආණ්ඩුවේ බදු ආදායම වූ රුපියල් මිලියන 647,500න් රුපියල් මිලියන 171,510 ක් එනම් 26.48%ක්ම වැට් බද්දයි. 2013දී එම වැට් බදු ප‍්‍රතිශතය 24.05%ක්ද 2014දී 24.8%ක්ද වී තිබෙනවා. වැට් බද්ද ලෙස සාමාන්‍ය ජනතාව මත අය කරන බද්ද තමයි මේ විදියට වැඩි කරමින් තිබෙන්නේ. එය රටක බදු ප‍්‍රතිපත්තියට පටහැනි දෙයක්.
මෙම වැට් බදු පනත ගෙනාපු ආකාරය වැරදි සහගතයි. නමුත් ජනතාව බදු ගෙවා තිබෙනවා. එම බදුවලට අනුව චැනල් සර්විස්වල ගාස්තු 25%කින් විතර වැඩි කර තිබෙනවා. නීති විරෝධී නිසා බදු අය කිරීම නතර කර දැමුවාට සෞඛ්‍ය සේවා ඇතුළු භාණ්ඩ හා සේවාවලට බදු ගෙවපු ජනතාවට ආපසු එම මුදල ලබා ගැනීමට ක‍්‍රමවේදයක් නැහැ. ජනතාවට අයිතියක් තිබෙනවා එම මුදල් ආපසු ලබා ගන්න. ඒ ස`දහා ආණ්ඩුව යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණ එදත් කිව්වා බදු වැඩි කිරීමේ ක‍්‍රමවේදය අසාධාරණ නිසා අපි එයට විරුද්ධයි කියලා. ඒ නිසා සංශෝධනය කරලා ගෙනාවත් මේ වැට් බදු පනතට විරුද්ධව අපේ ඡුන්දය පාවිච්චි කරනවා.
70 වෙනි සංවත්සරය සමරපු එජාපයත් 65 වැනි සංවත්සරය සමරපු ශ‍්‍රීලනිපයත් සම්මේලනවලදී කිව්වා 2020දී තමන්ගේ පක්ෂය තනිවම ආණ්ඩුවක් හදනවා කියලා. එහෙම කියන ගමන් දැන් එකතු වෙලා රට හදනවා කියලත් කියනවා. දැන් එකතු වෙලා රට හදනවා නම් 2020දී වෙනම ආණ්ඩු හදන්නේ මොකටද කියලා අපි අහන්න කැමතියි. රට හදන්න හවුල හොදයි නම් වෙනම ආණ්ඩු හදන්න දගලන්නේ ඇයි. මේවා තමන්ගේ පාක්ෂිකයින් රවටන්න කරන බොරු වැඩ. එනිසා අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මෙම අසාධාරණ බදු ප‍්‍රතිපත්තියට එරෙහිව හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී කි‍්‍රයාවලියට එරෙහිවත් විරෝධය පළකිරීමට කටයුතු කරන්න කියලා. ඒවගේම ජනතාවට සාධාරණ, නිෂ්පාදන ආර්ථිකයක් සහිත පාලනයක් ගොඩ නැගීම සදහා මැදිහත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.