topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලෙනින් ගැන ටිල්වින් කියයි

ලෝකයේ මුල්ම සමාජවාදී රාජ්‍ය නිර්මාණය කිරීම සඳහා රුසියාවේ සමාජවාදී ව්‍යාපාරයට නායකත්වය දුන් දැවැන්තයෙකු වූ ලෙනින් මියගියේ 1924 ජනවාරි මාසයේයි. එය සමරමින් පසුගියදා “ලෙනින් කියවමු” යනුවෙන් සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. මේ එහිදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ කථාවයි.

අපිට ලෙනින්ගෙ සමරන්න දෙයක් නැහැ. අපිට තිබෙන්නේ ලෙනින්ව කියවා ගන්න; ලෙනින් කියවා ගන්නවා වගේම ලෙනින් හරහා අපේ සමාජය කියවා ගැනීම තමයි වඩා හොඳ. ඒ මගින් අපිට මේ සමාජය මුහුණපා තිබෙන ගැටළුවලට නිවැරදි උත්තර ලබාගන්න පුළුවන්.

අපිට මේ වෙලාවේ ලෙනින් කියවා ගන්න  ඕනෑ ඇයි? ලංකාවෙ වගේම ලෝක සමාජයත් දැවැන්ත වෙනසක් ඉල්ලා සිටින මොහොතක් මේක. නමුත් ඒ වෙනස කුමක්ද? ඒක ඇතිකරන්නේ කොහොමද? කියන එක ගැන සමාජය තුළ තිබෙන්නේ පරස්පර අදහස්. සමාජයේ බහුතරයකට තවම හිතන්න පුරුදුකරල තිබෙන්නේ සහ බහුතරයක් හිතන්නේ මේ වෙනස පුද්ගලයෙකුට කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් අවුරුදු පහෙන් පහට කාවහරි පුද්ගලයෙකු තෝරා ගන්නවා අපේ ගැලවුම්කරු ඔහු කියලා. එවැනි ඉතා පටු කියවීමකට අපේ සමාජයේ ජනමනස හුරුකරන්න ධනපති දේශපාලනයට එම මතවාදවලට සහ ඔවුන් යටතේ තිබෙන සමහර මත හදන ආයතනවලට හැකිවෙලා තිබෙනවා ජනතාවගේ ගැලවුම්කරුවා කිසියම් පුද්ගලයෙකු කියලා අර්ථකතනය කරගන්න. පුද්ගල වන්දනාව තමයි ප‍්‍රමුඛවෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ බහුතරයක් ජනයා පසුගිය ජනාධිපතිවරණයේදී හිතුවා ගෝඨාභය මහත්මයා ජනාධිපති කළොත් සියල්ල විසඳෙයි කියලා. එහෙම වුණේ දේශපාලනය ගැන ගැඹුරු කියවීමක් නොමැති නිසා.

සමාජය වෙනස් කරන්න නම් පවතින සමාජය ගැන ගැඹුරු කියවීමක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලනයේ සියයට අනූවකට වඩා තිබෙන්නේ  ඕපා¥ප. පුවත්පත්වල දේශපාලන පිටුවලත් තිබෙන්නේ  ඕපා¥ප. දේශපාලනය පිළිබඳ ගැඹුරු පංතිමය සංවාදයක් අපේ රටේ නැහැ. කොයි ජනමාධ්‍ය බැලූවත් ප‍්‍රවෘත්ති බැලූවත් තත්වය ඒකයි. ලෙනින් ගැන අද සමාන්‍ය ජනමාධ්‍යවේදියෙක් ලිව්වොත් ලියන්නේ ලෙනින් ඉපදුනේ කවදාද, කොහේද, කැමතිම කෑම මොනවාද, ඔහුට ආදරවන්තියෝ කීදෙනෙක් හිටියාද වගේ දේවල්. ඔවුන් ලෙනින්ගේ ඉගැන්වීම් ගැන හොයන එකක් නැහැ කියල තමයි අපිට නම් හිතෙන්නේ. සමාජය කියවා ගැනීමේ දෘෂ්ඨියක් අද අපට අවශ්‍යයි. ලෙනින් කියවීමේන් අප ගතයුත්තේ එයයි. දේශපාලනය කියෙන්නේ විද්‍යාවක්. ඒක විද්‍යාවක් වුවත් එහි පංතිමය පැත්තක්ද තිබෙනවා. එහිදී ධනේශ්වර දේශපාලනය වගේම වැඩකරන ජනතාවට විමුක්තිය ලබාදීමේ දේශපාලන විද්‍යාවක්ද තිබෙනවා. දේශපාලනය කියන්නේම පංතිමය ඉගැන්වීමක්. එනිසා පංති ඇසකින් ලෝකය තේරුම්ගන්න බැරි වුනොත් දේශපාලනය තේරුම් ගන්නත් බැහැ.

දේශපාලනයේ මුල්ම ගුරුවරු ලෙස අපි සලකන ප්ලේටෝගේ, ඇරිස්ටෝටල්ගේ සිට මේ දක්වා ඉන්න හැම දේශපාලන චින්තකයෙක්ම කියපු මොනයම් හෝ දෙයක් තුළ පංතිමය අර්ථයක් තිබෙනවා. එනිසා පංති දේශපාලනයෙන් තොරව ලෝකය තේරුම් ගන්න බැහැ. මාක්ස් ලෙනින් අපිට වැදගත් වෙන්නේ අන්න එතනදීයි. මාක්ස් තමයි සමාජය කියවා ගැනීමේ දේශපාලනයේ නිර්ධන පංති දෘෂ්ඨිය නිර්මාණය කළේ. මාක්ස්වාදය අධිරාජ්‍යවාදී අවධියට අදාළව ගලප්පල ඒක ප‍්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නගපු ක්‍රියාදාමයට නායකත්වය දුන්නේ ලෙනින්. ලෙනින් කියන්නේ දේශපාලනඥයෙක්, දාර්ශනිකයෙක් වගේම ප‍්‍රායෝගිකව දර්ශනය ක්‍රියාවට නගන්න මග පෙන්වපු කෙනෙක්. ලෙනින් කියවීම වඩා වැදගත් වන්නේ වැඩකරන ජනතාවට. ”දේශපාලනය යනු පංති අතර සබඳතාවය” කියලා ලෙනින් වරක් කිව්වා. පංති වෙනස්කම් තේරුම් නොගෙන දේශපාලනය තේරුම් ගත නොහැකියි. අපේ පංතියේ ඇසින් ලෝකය කියවාගැනීමට නම් ලෙනින් කියවීම අද අත්‍යාවශ්‍යයි. එක්තැනක ලෙනින් කියනවා මෙහෙම. මේක කියවන ගමන් ලංකාව ගැනත් හිතන්න. ”දේශපාලනයේදී හැමදාමත් ජනතාව රැවටිල්ලට හා ආත්ම රැවටිල්ලට අඥාන ලෙස ගොදුරුවී ඇත. සියලූම සදාචාර, ආගමික, දේශපාලන හා සමාජ වදන් ප‍්‍රකාශ හා පොරොන්දු පිටුපස තිබෙන කිසියම් එක් හෝ අනෙක් පංතියක වුවමනාවන් වටහා ගැනීමට ඉගෙන ගන්නා තුරු ඔවුන් තවදුරටත් එසේ රැවටෙනු ඇත”. ලෙනින් කියවා ගන්න  ඕනෑ එවැනි පංති දෘෂ්ඨියකින් ලෝකය බැලීමට. එහෙම වුනොත් අපි රැවටිල්ලට අහුවන්නේ නෑ. එවැනි පංති දෘෂ්ඨියක් නොමැතිකම නිසා අද හොරුන්ට, තක්කඩියන්ට හැකිවෙලා තිබෙනවා ඉතාම ශුද්ධවන්තයෝ ලෙස ඇවිල්ල ජනතාව රවටන්න. මේ දිනවල අපි දකිමින් ඉන්නේ ඒක. උදේත් රැවටිල දවාලේත් රැවටිල රෑටත් රැවටෙන ජනතාවක් අද ඉන්නේ.

ෆිදෙල් කස්ත්‍රෝ ”මගේ ජීවිතය” කියන පොතේ මෙහෙම දෙයක් කියනවා ”මාක්ස්වාදය මට සමාජය කුමක්දැයි වටහා දුන්නා. ඊට කලින් මම හිටියෙ උතුර දකුණ හොයාගන්න බැරිව දෑස් බැඳ කැලෑවක අතරමංවුණු කෙනෙක් හැටියට. ඔබ පංති සටන් ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ නැත්නම් අඩුගණනේ සමාජය දේපළ මත පොහොසත් සහ දුප්පත් ලෙස පංතීන්ට බෙදී තිබෙනවාය ඒ පංති අතර ගැටුමක් තිබෙනවාය කියලවත් වටහා නොගන්නේ නම් ඔබ කැලෑවක අතරමං වූ කෙනෙක් බවට පත්වේ” කියලා. අද අපේ සමාජයේත් බහුතරයක් තත්වය ඒකයි. උතුර දකුණ හොයාගන්න බැරිව දෑස් බැඳලා කැලෑවක අතරමං වෙලා.

සමාජය තුළ පංති අරගලයක් තිබෙනවා. පංති දේශපාලනයක් තිබෙනවා. පංතිමය පාලනයක් තිබෙනවා. ඒ නිසා අපි දේවල් දෙස බැලිය යුත්තේ පංති අර්ථයකින්. එවිට අපිට පුළුවන් ඒවා සේවය කරන්නේ කුමන පංතියකටද? කුමන පංතියේ වුවමනාවටද? කියල තේරුම් ගන්න. ලෙනින් කියවා ගැනීම අපිට අත්‍යාවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි. ඔහු ලෝකය පංති අර්ථයෙන් බැලූවා පමණක් නොවෙයි. එය වෙනස් කිරීමටද නායකත්වය දුන්න කෙනෙක්. ලෙනින් මුළුමනින්ම මාක්ස්වාදියෙක්. ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා පියනැගූ මොහොත දේශපාලනිකව තේරුම්ගෙන සොයාගන්නේ ලෙනින්. අධිරාජ්‍යවාදය කියන තත්වය පිළිබඳව ඉතාම නිවැරැුදිම විවරණයක් කළේ ඔහු. ඒ මීට වසර 100කට පමණ පෙර. අද එය ඉතාම හොඳින් සනාථවෙලා තිබෙනවා.

මාක්ස්වාදියෙක් කියන්නේ පංති සටන පිළිගන්නා කෙනෙක් පමණක් නෙවෙයි නිර්ධන පංතියේ රාජ්‍ය බලය නිර්මාණය කරගැනීම සඳහාත් සටන් කරන කෙනෙක්. පංති අරගලය ගැන විශ්වාස කළ පිරිස් එදත් සිටියා. නමුත් ඔවුන් පංතිමය පාලනයක් ගැන විශ්වාස කළේ නෑ. වැඩකරන ජනතාව පාලක පංතිය බවට පත්වන්නේ කොහොමද? එම පාලන බලය හසුරුවන්නේ කොහොමද? ඒ හරහා සමාජවාදය ගොඩනගන්නේ කොහොමද? කියන එක පිළිබඳව න්‍යායික සහ ප‍්‍රායෝගික යන දෙඅංශයෙන්ම අපිට ඉගැන්නුවේ ලෙනින්. ඒ වගේම ධනවාදයට ලොව කිසිදු ප‍්‍රශ්නයකට උත්තර නැහැ කියලා කියා දුන්නෙත් ලෙනින්. එය ඉතාම විද්‍යානුකූලව, තර්කානුකූලව ඔහු ඔප්පු කළා. අද එය ඔප්පු වී තිබෙනවා. ලෙනින් වරෙක කිව්වා ධනවාදය තමන්ගේ ප‍්‍රශ්නවලට උත්තර හොයනවා කියන්නේ යමෙක් තමන්ගේ සපත්තුවල ලේස්වලින් තමන්ව ඔසවන්න කරන උත්සහය වගේ එකක් කියලා.

නිදහස ගැන කතාකළොත් මානව නිදහස උදාකර ගන්න සමාජවාදයෙන් තොරව නොහැක කියලා ලෙනින් කිව්වා. ධනවාදය ඇතුළේ අපි කිසිවෙක් නිදහස් නෑ. ලෙනින් කියවීම සැබෑ නිදහස සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්. විශේෂයෙන් වැඩකරන ජනතාවට එය වඩාත්ම අත්‍යාවශ්‍ය කාරණයක්. අපිට කිසිම නිදහසක් නෑ. සියල්ල පාලනය කරන්නේ ධනවාදයේ දැවැන්ත වෙළඳ සමාගම් විසින් ජනමාධ්‍ය පාවිච්චි කරගෙන.

අපේ සාමජය රැවටිලා නැද්ද? අපේ පාලකයින්ට අපේ ප‍්‍රශ්නවලට උත්තර නැහැ කියලා දැන් අවු.72ක් ඔප්පු කරලා තියෙන්නේ. බොරු පොරොන්දුවලින් ජනතාව රවට්ටනවා.  ඕනෑ ජඩ වැඩක් කැත වැඩක් ධනපති දේශපාලකයෝ කරනවා. තමන්ගේ බලය වෙනුවෙන් මිනිස් ඝාතන පවා කරනවා. එවැනි දේ කරලා බලය ලබාගන්නා ධනපති පංතියේ දේශපාලකයෝ බලය උපයෝගි කරගෙන ජනතාව රවට්ටමින් පාලනය කරනවා. අපේ රටේ ජනතාව හිතාගෙන ඉන්නවා ධනපති නායකයෙකුට අධිරාජ්‍ය විරෝධියෙකු වෙන්න පුළුවන් කියලා. ලෙනින් කියනවා අධිරාජ්‍යවාදී දේශපාලනය තමයි ලෝකය පාලනය කරන්නේ. එනිසා  ඕනෑම ධනපති පාලකයෙකු අධිරාජ්‍යවාදයට යටයි, සුවච කීකරු බලූකුක්කෝ වගෙයි. අධිරාජ්‍යවාදය ඇතුලේ ස්වාධීන ආර්ථිකයක් හදන්න බැහැ. විකිණෙන්නේ නැතුව විකුණන්නේ නැතුව ඉන්න බැහැ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී ජනතාව වැඩියෙන් සැලකිල්ලක් දැක්වූවේ රටේ ජාතික ආරක්ෂාව ගැන. මොනවා නැතත් රට ආරක්ෂා කර ගන්න  ඕනෑ කියලා මතයක් හැදුවා. නමුත් ජනතාවට අදහසක් තිබුණේ නැහැ කාගෙන්ද රට ආරක්ෂා කර ගන්න  ඕනෑ කියලා. සමහරු හිතුවා දෙමළ අයගෙන් කියලා සමහරු හිතුවා මුස්ලිම් අයගෙන් කියලා. අපේ රටේ ජාතික ආරක්ෂාව දැන් තහවුරු වෙලාද? අධිරාජ්‍යවාදීන් සමඟ අත්සන් කළ ඇක්සා සෝෆා ගිවිසුම් නිසා අපේ රට අනතුරක ඉන්නේ. ඇක්සා ගිවිසුම අත්සන් කළේ වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ. ඒ ගිවිසුම රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව දික් කළා. ඒ ගිවිසුම් අනුව යුදමය කටයුතුවලදී පහසුකම් දෙන්න අපේ රට බැඳී ඉන්නවා. ඉතිං අපේ රට අනතුරක නෙවෙයිද ඉන්නේ. අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන වැඩියෙන්ම කතා කරපු ගෝටාභය රාජපක්ෂ තමයි ගිවිසුමක් අත්සන් කරලා අපේ රට අනතුරකට ඇදල දාලා තියෙන්නේ. නමුත් අපේ රටේ දේශපාලනය තමයි රට අනතුරේ හෙලපු කෙනාටම රට භාර දෙනවා ජාතික ආරක්ෂාව හදන්න කියලා. කොහොම රැුවටිල්ලක්ද රැුවටිලා තියෙන්නේ. ඉතිං අපි ලෙනින් කියවා ගන්න  ඕනෑ මේ නිසා. අපි අහනවා රට අනතුරේ හෙළපු ඇක්සා සහ සෝෆා ගිවිසුම් අහෝසි කරන්න මේ ආණ්ඩුව සූදානම්ද කියලා. ආණ්ඩුව සූදානමකුත් නැහැ. අපේ රටේ ජනතාව ඒ ගැන කතාකරන්නෙත් නැහැ. මෙවැනි ඇන්දිල්ලක් තමයි මේ කරගෙන යන දේශපාලනය.

හොරු විසින් හොරු අල්ලන්න එන, අපරාධකාරයෝ අපරාධ නවත්වන්න එන, රටේ ආරක්ෂාව නැති කරපු අය ආරක්ෂාව දෙන්න කතා කරන, රටේ සදාචාරය නැති කරපු අයම සදාචාරය හදන්න කතා කරන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසයි අපි පංති දේශපාලනය කියවා ගත යුත්තේ. අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. මේ ධනපති ආර්ථිකයට වර්ධනය වෙන්න පුළුවන්ද? ආර්ථිකය වර්ධනය කරන්න ධනපති ක‍්‍රමයට බැහැ. අපේ රටේ ආර්ථිකය තිබෙන්නේ ඉතාම අවදානම් තත්වයක. නිෂ්පාදනයක් නැහැ. දිනපතා ණය ගන්නවා. ණය අරගෙන අරගෙන මුළු ණය රු. කෝටි දොළොස් ලක්ෂය ඉක්මවලා. ණය වාරිකය රුපියල් කෝටි ලක්ෂයක්. ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා අදහසක් නැහැ. ගොඩ එන්න නම් නිෂ්පාදනය වැඩි කරන්න  ඕනෑ. නමුත් මේ ධනපති පාලකයින්ට රටක නිෂ්පාදනය වැඩි කරන්න බැහැ. ඒ නිසා තමයි තව තවත් ගිවිසුම් ගහන්න වෙන්නේ. එම්සීසී වැනි ගිවිසුම් එන්නේ ඒ නිසයි. යූඑන්පී ආණ්ඩුව කාලේ ගෙනාපු එම්සීසී එක ඉරලා දානවා කියලා බලය ගත්ත ආණ්ඩුව දැන් කියනවා ගිවිසුම අධ්‍යයනය කරන්න  ඕනලූ. මේ අය එම්සීසී ගිවිසුම භායානකයි කියලා කිව්වාම ජනතාව එකත් පිළිගන්න  ඕනෑ. ඒ අයම බලයට ඇවිත් ගිවිසුම අධ්‍යයනය කරන්න  ඕනෑ කිව්වාම ඒකත් ජනතාව පිළිගන්න  ඕනෑ. අපි කියනවා මේකේ අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. නමුත් දැන් මේ හදන්නේ පොල් පැලේ කන්න. ඩොලර් මිලියන 480ක්. මහ මැතිවරණයට කලින් අත්සන් කළොත් මාරාන්තික නිසා මහ මැතිවරණය අවසන් වෙන තුරු කල් අරගෙන තිබෙනවා. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඒක කරනවා. මේ ධනපති ක‍්‍රමය ඇතුලේ ගෝටාභය රාජපක්ෂ නෙවෙයි වෙන කවුරු බලයට ආවත් අධිරාජ්‍යවාදයට විරුද්ධව යන්න බැහැ. බලය ගන්නකොට කෑ ගැහුවට බලය ගත්තට පස්සේ ඇමරිකන් විරෝධී නැහැ. අඩුම ගානේ ඇමරිකාවට විරුද්ධව ලංකාවේ තාප්පයක චිත‍්‍රයක් අඳින්න බැහැ. ඇත්ත කතාව ඒකයි. මේ පංති දේශපාලනය කොයිතරම් වංචාකාරීද කියලා කියන්න මේ උදාහරණයම ඇති. නමුත් අපේ රටේ ජනතාව වංචාවට ලක්වෙලා ස්වයං වංචාවටත් ලක්වෙලා ඉන්නවා. ඡුන්දෙට කලින් බිං අඟලක් දෙන්නේ නෑ කියපු රාජපක්ෂ මහත්තයලා ආපු ගමන් අක්කර තුනක් දුන්නා. කබර ගොයා තල ගොයා කරගන්න දේශපාලනයක්. ඒ නිසයි අපි කියන්නේ ධනවාදයට ප‍්‍රශ්නවලට උත්තර නැහැ කියලා. හැමදාමත් ජනතාව රවට්ට රවට්ටා අගාධයට ඇදගෙන යන්න පුළුවන්.

ඒ වගේම තමයි ධනපති ක‍්‍රමයට වංචාව දූෂණය නවත්වන්න පුළුවන් කියන මිත්‍යාව. මාක්ස්ට අනුව ධනවාදය කියන්නේම වංචාවක්. ධනවාදය ඇතුලේ ප‍්‍රාග්ධනය හරහා ශ‍්‍රමය සූරා කනවා. නීත්‍යානුකූල වංචාවක් තියෙන්නේ. ඒ නිසා ධනවාදය පවතින්නේම වංචාව දූෂණය නිසයි. ධනවාදයේ ජානමය ලක්ෂය තමයි වංචාව. දැන් අපේ රටේ සිදුවුණු මහබැංකු බැඳුම්කර වංචාවෙන් පැහැදිලි වෙලා තියෙනවා ධනපති පංතියේ එකම කණ්ඩායම් දෙක මේ වංචාවට සම්බන්ධයි කියලා. දෙගොල්ලෝම වාර්තාව ආවට පස්සේ කළබල වුනා. මේ වංචාවට වැඩිපුරම යොදාගෙන තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල්. නමුත් අපේ රටේ ජනතාවට අදහසක් නැහැ මේ සූදු කෙලින්නේ තමන්ගෙ මුදල්වලින් කියලා. මේ හොර කණ්ඩායම් එහෙම තමයි. වෝහාරික විගණන වාර්තාව අරගෙන නඩු දාන්නේ නැහැ කවුරුත්. හොරු තමන්ට විරුද්ධව නඩු දාගන්නේ නැහැ. දැන් වාර්තාව වැරදි කියනවා.

ඒ වගේම ධනවාදයට පුළුවන්ද සදාචාර සම්පන්න දේශපාලනයක් හදන්න. ධනපති පංතියට තියෙන්නේ ධනපති සදාචාරය. රැවටීම, කොල්ල කෑම, වංචා කිරීම තමයි ඒ සදාචාරය. එනිසා ධනපති පාලකයින්ගෙන් සදාචාරය, විනය බලාපොරොත්තු වෙනවනම් එය මිත්‍යාවක්. තමන්ගේ එකම අරමුණ ලාභය, එකම අරමුණ බලය කර ගත්තු සමාජයක, එකම අරමුණ පෞද්ගලිකත්වය ඉස්මතු කර ගත් සමාජයක විනය සදාචාරය හදන්න බැහැ. ඒ නිසයි අපි ලෙනින් කියවා ගත යුත්තේ. ලෙනින් කියනවා ධනවාදය කියන්නේ කුණුවී දුගඳ හමන මළකුනක් වගේ කියලා. සුවඳ ගල්වලා එක එක පාට ගාලා ලස්සන කරන්න හැදුවට ඇතුලේ කුණුවීම නතර කරන්න බැහැ. හඬපටිවලින් ඒ කුණුවීම දැක්කා. ධනවාදය ඇතුලේ ශුද්ධවූ දේවල් නැහැ. සියල්ල පිරිහිලා කෙළසිලා තියෙන්නේ. ධනපති අධිකරණය, දේශපාලන නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය, නළුනිළියෝ මොන තරම් කෙළෙසිලාද කියලා අපිට දකින්න පුළුවන්. ධනවාදයට මිනිසුන්ගේ නිදහස ආරක්ෂා කරලා දෙන්න බැහැ. හොඳ ජීවිතයක් උදා කරලා දෙන්න බැහැ. මනුෂ්‍යත්වය උදා කරලා දෙන්න බැහැ. ඒ නිසා ජනතාව හැමදාමත් ධනවාදය තුළ කියන කතාවලට රැුවටෙනවා. ධනපති පාලකයෝ තලගොයා කබර ගොයා කරනවා. රටකට, ජනතාවට නොරැවටී ඉන්න, පුළුවන්නම් ඒක වටිනවා. ඒක තේරුම් ගන්න මාක්ස් වාදය, දේශපාලනය ඉගෙන ගන්න  ඕනෑ.

Leave A Reply

Your email address will not be published.