කොරෝනා රෝගීන්ගේ රෝග ලක්ෂණයන් පෙන්වීම සම්බන්ධයෙන් වෙනස් ආකාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත.
එහිදී එම වෛද්‍ය කණ්ඩායම හඳුනාගෙන ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනයේදී මෙතෙක් හඳුනාගත් රෝග ලක්ෂණවලට හාත්පසින්ම වෙනස් රෝග ලක්ෂණද පවතින බවයි.
ඇතැම් ආසාදිතයින්ට සෙම්ප්‍රතික්ෂාව, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ නමුත් අත් පා වල දද, කුෂ්ඨ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ඔවුන් සොයා ගෙන ඇත .
එමෙන්ම මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කරන්නේ රුධිර නාල තුළ ඇතිවන කැටි ගැසීම් හේතුවෙන් බව වැඩි දුරටත් ඔවුන් සදහන් කර ඇත.