ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේදී ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සංක්‍රමණිකයින් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.කොරෝනා වෛරසය හේතුවෙන් දුම්රිය ධාවනය අත්හිටුවා තිබීමෙන් දුම්රිය ධාවනය නොවෙනු ඇතැයි සිතා මෙම කම්කරුවන් දුම්රිය මාර්ගය මත නිදාගෙන සිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.